පාර්ක් ඇන්ටි අරුන් දෙන්නා එනකන් ගේට්ටුව ගාව බල බල ඉදලා උන් දෙන්නා ඈත ඉදන් වන වන එනවා දැකලා ඇතුලට ගියා...😁😁
අලු යට ගිනි part 2 තිරගත වෙන්න උවමනා වෙලා තිබුනේ ප්රධාන නලුවෝ දෙන්නගේ සම්ප්රාප්තිය විතරයි..😝😝
ජිමිනා හුරතල් මූනක් දෑගෙන ඔම්මා බඩගිනී කියාගෙන ගෙදරට ගියා...
අද හම්බවෙයි බොලාට සාම්බාරු 😂😂..
මුං දෙන්නා ගෙට ගියා විතරයි පාර්ක් ඇන්ටි කාලි අම්මා ආවේස වෙච්ච ගංගා මෑණියෝ වගේ අරුන් දෙන්නට බනින්න පටන් ගත්තා..අම්බෝ...බැන්නා...බැන්නා....හැබැයි බැන්නේ තෙයියට...සැක්...මුගේ කට සද්ද නෑනේ 😒..පාර්ක් ඇන්ටි ප්රශ්න අහනවා....නිස්සද්දයි....ආයි ඇන්ටි කෑ ගහනවා...ආයි නිස්සද්දයි..තෙයියා කියන ඒවා ඇහෙන්නේ නෑ..😞😞 නාට්ටිය බෝරිං වීගෙන යද්දී තමා සටන් නළුවා ජවනිකාවට බැස්සේ...කවුද...ජිමිනා තමා ඉතින්..😁😁..
🐤 - යා ඔම්මා...😡😡 තේ නෙවෙයි කරේ...මමයි කරේ...මට බනින්න...😠😠
අප්පට සිරි...මද්දුම බංඩාර 2G...😁😁..දැන් තමා සටන උද්වේගකර වුනේ..ඇන්ටිට දෙවනි නෑ ජිමිනා...ගලිය පිපිරුවා වගේ මොර දිදී බනිනවා...ඇන්ටිටත් බනිනවා..අපිටත් බනිනවා..යකෝ මූ බැන්නේ නැති කෙනෙක් නෑ..මට ලාවට වගේ ඇහුණා ජිමිනා උගේ මැරිච්ච ආච්චිටත් බැන්නද කොහෙද..ඇන්ටි ජිමිනයි චොකලට් එකකට රංඩු කරන මොන්ටිසෝරි ළමයි දෙන්නෙක් වගේ බැනගත්තා...😂😂
YOU ARE READING
M2 Vs J2 ☑
Fanfictionඅපි හැමෝටම ඕන කරනවා එකම අදහස් තියන savage යාලුවෙක්...එහෙම එකෙක් නැත්තන් ජීවිතේ හරියට කුණු වැටෙන්නැති කුණු බක්කියක් වගේ...අපි වෙනුවෙන් දෙවියෝ එහෙම කෙනෙක් මවලා තිබ්බට අපිට එයාව හොයාගන්න කල් යනවා... ඒත් අපි ඉපදෙනකොටම එයා අපිත් එක්ක හිටියොත්...😌😌 මේකෙ...