💕PRINCESS and WWH ...💕

660 107 141
                                    

🎂💕🎂💕🎂💕🎂💕🎂💕🎂

Cake day gift for my Magic Authornim...💜️ Sandee_96

___________________________

"ජින්හ්‍යෝන්න්න්න්න්... ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා..."

"මෙන්න බොලෙ මෙයා!"

"අපසාදේ!! මම ජින්‍හ්‍යොන්ට කලින් බදින්න හිටියෙ"

"උබ බදී ගහක්."

එක පාර රූම් එකට කඩා පාත් වෙලා කෑ ගහන්න ගත්තෙ මගෙ පොඩි බටු ඇට ටික. නැ නෑ... නසරානි හිච්චො ටික...

"පෘස් පෘස්... ආම් ද වර්ල්ඩ් වාය්ඩ් ජින්ජියා... යූ නෝ?"

"යාහ්හ්හ් ටේයෝනා! ද වර්ල්ඩ් වය්ඩ් හැන්සම්.!"

ඔක්කොම ඉවසන්න පුලුවන් මගේ වචන ටික මුන්ට මතක නැති එකනම් ඉවසන්න බෑ. මෙච්චර ලස්සන මගෙ මූණ දැක්කමවත් හරියට කියපන්කො ඕක!.

"ඕහ්හ්හ්හ්හ්හ්... හියෝන් හැන්ඩියනෙ"

යුන්ගියත් ආවා කට බෝලෙ වගෙ ඇරගෙන.ආමශගතවෙලා තිබ්බ උදේ කාපු කිම්චිත් පෙනුනා ඒකටනම්.

සැක්. අදවගෙ දවසකවත් ඈනුමක් අරින්නැතුව ඉන්න බැරි උනානෙ මේ බළල් තඩියට.කමක් නෑ හැන්ඩියා කිව්වනෙ...

ඊලගට අපෙ හොබියා. මගෙ සන්කැටේ. හිනා කටක් පුරෝගෙන උදේ පාන්දරම මම ලස්සනයි කිව්වෙ එයා තමා...

ඊලගට අන්තිමේට නම්ජූනා. ලීඩර්නිම්. ඩෑල් එක තාම හොබියට මුවා වෙලා ඉන්නෙ. ඊයෙ මගෙ බ්ලේසර් එක අතගාන්න ගිහින් ඒකෙ බට්න් එකක් ගැලෙව්වා ඒකා. දැන් හැංගිලා.

මේ මොකද දන්නවද කලබලෙ... මම අද හිරේට නියම වෙනවා. ස්වකැමැත්තෙන්ම හිරේ යනවා. නෑ නෑ අය්යො..

මම...

අද....

මැරි කරනවා....

.
.
.
.

තුවක්කුව වගෙ කැමර්ස් දික් කරම් ඉන්න කැමරාකාරයොන්ටය්, ඕප දූප මය්ක්කාරයොන්ටය් සිරික්කිය දාගෙන මම වනවනා ආවා.

මට පිටිපස්සෙන් හයක් හෙන ගැම්මෙන් එනවා මගෙ ඇස් කොනට පේනවා. මගේ කරුමෙටද මන්ද මට දැනෙන්නෙ මම නිකම් දත විරිත්තන් ඉන්නවා වගෙ. මුන් හයදෙනා මනමාලයා සීන් එකෙ යනවා. මම නිකම් කොරවක්කා වගෙද කොහෙද?!

For Y♡U...Where stories live. Discover now