"ඉයෝන් හා..?"
එයා මගෙ පැත්තට හැරුනා. ඕයෑස්ස්... මේ ජන්කුක්ට එහෙමත් වැරදෙන්න පුලුවන්ද? මේ ඉන්නෙ පුංචි කාලෙ ඉදන් මගෙත් එක්කම පිස්සු නටපු මගෙ හොදම යාලුවා.
හැබැය් කෙල්ල දැන් ගොඩාක් වෙනස් වෙලා. ලස්සන වෙලා. කොන්ඩෙ දික් වෙලා. මහතත් නෑ.
කොටින්ම කිව්වොත් ඉස්සර පාත්තයෙක් වගේ හිටපු කෙල්ල දැන් හෙන සෙස්සි.
හෙහ්!..
"ඕහ්... ඔයා.. "
මාව දැකලා එයා ඔලුව නවලා බෝව් කලා. කලින් පුරුදු තාමත් එහෙම්මමය්. එයා ආචාර කරලා ඉස්සෙද්දි ඔලූව පැත්තකට ගසලා කොන්ඩේ හදාගන්නවා. ජීවිතේට මම දැකලා නෑ ඉයෝන්හා තව කෙනෙක් ඉස්සරහා සංවර විදියට ඇගිල්ලෙන් කොන්ඩ කැරලි කන අගිස්සෙ රදවගන්නවා.
" අන්යෝ(Hi)."
මොකක්ද ඒ!? මෙයාට මාව අදුනගන්න බෑද? මම හූඩිය පොඩ්ඩක් මෑත් කලෙස් එයාට හොදට මූණ පෙන්නන්න.
"යාහ්...මේ මම. මම ජන්කුක්"
"දේහ්...නල් අරායෝ(මම දන්නවා)"
ඇය් මෙච්චර සංවර!?
""ඒය් කොට කටුස්සි! මේ මම හලෝ"
කොන්ඩෙනුත් චුට්ටක් ඇද්ද මම එයාගෙ නික් නේම් එක කිව්වා. එහෙමවත් මාව අදුනගනීනෙ. එයා ඉස්සර කටුස්සෙක් වගේමය්. මේ හොදට හිනා වෙවී ඉදලා එකපාර ඩෝන් යනවා. මූඩ් එක චේන්ජ් වෙන්න යන්නෙ තත්පර ගානය්. ඉතින් මම තමය් එයාට කොට කටුස්සි කියලා නම දැම්මේ. පස්සෙ පස්සෙ හැමෝම ඒක කියන්න ගත්තා.
ඒ පාරනම් මාව මතක් උනාද කොහෙද? දැන් අර පරන ලුක් එකම තියෙන්නෙ එයාගෙ. නහයෙන් දුම් දදා ඇස් යටින් බලන් ඉන්න බැල්ම! ඌප්ස්.
"යාහ්හ්! වල් හාවා! ලෝකප්රසිද්ධ මනුස්සයෙක්නෙ කියලා ගරු කරලා කතා කරන්න ගියාම මේකා එනවා මට එක එක ඒවා කියන්න! තමුන් ඔය මගෙන් කන්න හදන්නෙ කුක්කුකුකී!"
පොඩි දුකකුත් එක්කම හිනාවකුත් ගියා. ඉස්සරනම් 'කුක්කුකුකී' කිව්වම මට කියපු එකාව අමුවෙන් මරන් කන්න හිතෙනවා. ඒත් දැන් ඒ වෙනුවට මට සතුටුය්. හියෝන්ලා ඇරෙන්න ෆ්රෙන්ඩ්ලි මාත් එක්ක කතා කරන්න කවුරුත් නෑ දැන්. මම ගෙවන ජීවිතේ එක්ක මට ඒකට අවසර නෑ. ඒ නිසා ඉයෝන්හා මාව පරන යාලුවා විදියටම දකින එකට මට සතුටුය්.