Happy BIRTHDAY ParkChimmy809! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
____________________
මනුස්සයෙක් හරියට පොතක් වගේලු?
ඔයා මොකක්ද ඒ ගැන හිතන්නේ?
.
.
.
."විල් යූ මැරී මී සොන්හා?"
තත්පර කීපයකට මම ගොලු උනා. බලාපොරොත්තු උනා... මම අද මෙතනදි මේ දේට මුහුණ දෙන්න ලෑස්ති පිටය් මම ආවේ. හැසිරෙන්න ඕනි විදිහ පවා කණ්නාඩිය ඉස්සරහා මම පුහුණු වෙලා හිටියේ.
ඒත් දැන්!?
දැන් මට දැනෙන්නේ අලුත්ම හැගීමක්... වෙනස්ම දෙයක්.
ඈත සෝල් පුරවරයේ පුංචි පුංචි එලිවලින් ඈත් කරගත්තු මගේ අවධානය මම එයාට දුන්නා. මට දිනන්න කියලා දුන්න කෙනා.
දිලිසෙන ඇස් වලට අමතරව එයාගෙ අතේ තිබ්බ පුංචි බොක්ස් එකත් මගේ අවධානය ක්ශනිකවම පැහැර ගත්තා...
අතීතය... සමහරවිට මතක් කරන්න අකමැති අතීතයම තමය් අපිට ආශිර්වාදයක් වෙන්නෙත්. මට එහෙම හිතෙනවා.
.
.
._____අතීත_මතකයක්_________
"මින් සොන්හා, අනූ හයය්.
කිම් ගායෝල්, හැත්ත එකය්.
ජියෝන් යූරා, අනූ අටය්. යූරා තමය් අද වැඩිම ලකුණු.
ඊළගට දෝයෝන්....."ටීචර් මගේ දිහා බැලුවා. අනූ හය කියන්නේ ලොකු ගානක් නෙවෙය්ද? මට නැති උනේ ලකුණු හතරක් විතරය්! ඒ වෙනුවට ලකුණු අනූහයක්ම මම උපයගෙන තියෙන්නේ!. පේපර් එක අතට ගත්ත මම වැරදි හොයන්න ගත්තා.
ශිට්...!" ඔමෝ! ඔමො!! අදනම් මට හොද දඩයක් ගහන්න පුලුවන්! යේහ්හ් ඔම්මා අද හෙන සතුටු වෙය්"
ලකුනු හැත්තෑවක් තිබුනු ගායෝල් ටීචර් ක්ලාස් එකෙන් ගිය පමාවට උඩ පැන පැන නටනවා.
ලකුණු හැත්තෑවකට!
ඒත් අනූහයක් ගත්ත මම ලකුණු හතරක් වෙනුවෙන් ගෙදර යන්න බයේ ගැහෙනවා.
විකාරයක්!
මාසයක නිවාඩුව ලැබෙන නිසාම ලමය් තැන් තැන් වල එකතු වෙලා අද හවස් වරුව සතුටු වෙන හැටි ප්ලෑන් කරන්න ගත්තා. හැමෝම එකතු වෙලා කැරොකෙ එකකට යන්න කතා වෙනවා. හැබැය් එයාලා මට කතා කලේ නෑ. මොකද එයාලා දන්නවා ඒකේ වැඩක් නෑ කියලා. මම අඩුම තරමින් කැෆටේරියා එකටවත් යන්න වෙලාව නාස්ති නොකරන මම එයාලා දැක්කෙ අමුතුම ජීවියෙක් විදියට.