මේක @dinushi2483 ඔයා වෙනුවෙන්... 💜️
"හෙල්...හෙල්ප්... නා..නාරා... ප්ලීස්.. "
මගේ කකුල් වෙව්ලනවා. එයා එක අතකින් වතුරට ගගහා මගෙන් උදව් ඉල්ලුවා. සැරින් සැරේ ඇතුලට ගිලුනත් එයා තාමත් බේරෙන්න උත්සහ කලා.
එක අතකින් උනත්,..
ඇය් එයා එහෙම කරන්නෙ? ඇය් මගෙන්ම උදව් ඉල්ලන්නෙ?
මට බෑ!
මට බෑ එයාට උදව් කරන්න!
ගැහී ගැහීම වටපිටාව බැලුවත් මට පේන හරියක උදව් ඉල්ලන්න කවුරුත්ම හිටියෙ නෑ. මට බෑ එයාට මැරෙන්න දෙන්න. අනේ මම එයාව බේරගන්න ඕනි.
"කවුරු හරි උදව් කරන්නකො"
මම උදව් ඉල්ලුවෙ මගෙ උපරිම ශක්තිය දීලා උනත් ඒ කටහඩ මටම ඇහුනෙ නෑ. ස්විමින් පූල් එක තිබුනෙ ස්කෝලෙ කොනකට වෙන්න. එ නිසය් අපි දෙන්නා මෙතනදි හම්බවෙන්නෙ. කාටවත්ම මෙතනට එන්න ඕන්නැති නිසා අපි දෙන්නට නිදහසේ ඉන්න පුලුවන් උනා මෙතන.
අදත් අපි ආවෙ නිදහසේ කතා කරන්න උනත් වැරදීමකින් මගෙ අතින් නම්ජූනිව පූල් එකට වැට්ට උනා. මට ඕනි උන්නෑ එයාව තල්ලු කරන්න. එයය් මාව පූල් එකට අතාරිනවා කියලා පස්සෙන් පැන්නුවෙ. මම දිව්රනවා. මට ඕනි උනේ එයාව මගෙන් ඈත් කරලා තියන්න විතරය්. මට එයාව වතුරට තල්ලු කරන්න ඕනි උන්නෑ.
"නා.ර්... ප්..ලී..."
වතුර කැලතෙන් සද්දෙ එක්කම ජූනිගෙ කටහඩ ඇහෙද්දි මට ඕනි උනේ මෙතනින් දුවලා යන්න.
මගෙන් උදව් ඉල්ලන්නෙපා ජුන්.. ප්ලීස්...
මට බෑ!
මට බෑ ඔයාට උදව් කරන්න!
ඔයාට පීනන්න බැරි උනෙත් මම නිසා. පූල් එකට වැටුනෙත් මම නිසා. ඒ කියන්නෙ ඔයා මැරෙන්නෙත් මම නිසා.!
මම අත් දෙකෙන්ම කන් දෙක වහගෙන බිමින් වාඩි උනා.
මම තනිකරම ජරාවක්!!
"අනේ කවු..රුහරි.. උදව්.. කරන්..න්න..."
ඉකි ගගහා ඇඩුවත් කවුරුත් ආවෙ නෑ. මම මොනාද කරන්නෙ!?
ටිකෙන් ටික ජූන්ගෙ කටහඩ වගේම වතුර කැලතෙන සද්දෙත් අඩු උනා. මට බයය්. අනේ...