It's Chimmy Day. 💜️

138 40 8
                                    

"කොටෝ... යාහ්හ් කොටෝ... අනේ එනවකෝ කොටෝ!!"

"යාහ්හ්... තමුසෙට මම!"

"එනවකෝ අනේ ඉහි ඉහීඊ.... එනවකො පොඩ්ඩකට අනේ"

කුකියා කෑ ගහනවා. කටහඩත් දෝංකාර දෙන නිසා සීයට අනූහාරදාහක් ශුවර් ඕකා දැන් ඉන්නෙ වොශ් රූම් එකේ. ඒත් මම මොකක් කරන්නද එතනට!?

"බෑහ්හ්. ඕනමනම් ඇඩ් එකක් දාද්දි එන්නම්!"

"අනේ එනවකො අප්පා!!!"

"බෑ! මට මේක බලන්න ඕනි!"

ටීවි එකේ 'බේබීස් ඩේ අවුට්' කියලා කිඩ්ස් මූවි එකක් යනවා. ඒක හෙන ආතල්. ඒ පොඩි එකාව මුක්කුද හොරු තුනක් කිඩ්නැප් කලා. ඒත් දැනටම ඒ අවුරුදු දෙකක විතර පොඩි බටුඇටයා උන්ගෙන් බේරිලා ගිහිල්ලා. ඉතින් දැන් මම කුක්ක එක්ක ලව් කරන්න ගියොත් මට ටිකක් මිස් වෙනවා. එතකොට මට තේරෙන්නෑනෙ ෆිල්ම් එක.

"අනේ!! .. ඉහී... "

නෑ. මම ගණන් ගත්තෙ නෑ.

"කොටෝ!!"

"ජිමිනීඊඊඊ"

"එන්නකෝ"

"අනේ.... අනේ එන්නකෝ!"

"ආවෙ නැත්තම් මම තා අගල් පහක් කොටවෙන්න සාප කරනවා"

"අනේ එන්නකෝ... විනාඩියකට විතරයි... අනේහ්හ්හ්!!"

අද මම මේකව කනවා! මට ඇහෙන්නෙත් නෑ ඒ යකා යටිගිරියෙන් හූ තියද්දි මගුල! ඕහ්හ් බබා සූ එකේ... තඩි රිලා මොටෙක් එක්ක. අනේ... මට බලන්න ඕනි.

"යුන්ගි හියෝන්ට කතා කරන්නකො අප්පා. මම වැඩක්. එන්න බෑ"

"යුන්ගි හියෝන්ව ඇහැරවගන්න පුළුවන්නම් ඔයාට කතා කරන්නෑනේ. අනේ එන්නකො කොටෝ!!"

ජන්කුක් ඒ පාර මොකක්දෝ දේකට ගගහා සද්ද කරන්න ගත්තා.

ආය්ශ් මේකානම්!!!

පොඩ්ඩක් පස්සත් උස්සගෙන සූදානම් පිට හිටපු මම ටීවි එකේ ඇඩ්වටීස්මන්ට් එකක් දානකොටම රිමෝට් එකත් විසි කරලා දාලා වොශ් රූම් එක පැත්තට දිව්වා.

"ඇය්!? කියනවා ඉක්මනට ඇය්‍...!"

"ආහ්... මේ.. මට අර මේ.. අර ඔය ආහ්හ්... මේ ටොය්ලට් පේපර්ස් ඉවර උනා. අරන් දෙන්නකෝ!"

For Y♡U...Where stories live. Discover now