උත්තරයක් දෙන්න මට...

230 48 34
                                    

"මුදලාලි මම මේ ගෝනි ටික ඇදලා දෙන්නද?"

"නෑ... නෑ... ඔය ටික අදින්න මේ දෙන්නෙක් ඉන්නවා."

"ඒත් මම උදව් කරන්නම්"

"සල්ලිනම් දෙන්න නෑ කොල්ලෝ. අපිත් සතේට හිදිලා ඉන්නෙ."

මුදලාලි අතෙනුත් 'බෑ' කියලා කටත් නොපිට පෙරලන් කියවද්දි මම හැරිලා ආවා. සල්ලි නැතුව මට වැඩක් නෑ. මට ඕනි සල්ලි.. කීයක් හරි හොයාගන්නය් මට ඕනි.

ගිනිකාශ්ඨක අව්වටම හරියන්න මූණට වැටුන මාස්ක් එක නිසා මට දෙලොව පොල් පෙනිලා හිටියෙ. ඊටත් වඩා කොච්චර ඇවිද්දත් තාම කිසි කෙනෙක් මට වැඩක් දුන්නෑ. ඉතින් මට ගොඩාක් තරහය්.

මේ කුහක මිනිස්සු එක්ක...
කොරෝනා එක්ක...
ඒ වගේම මාත් එක්ක... මට ගොඩාක් තරහය්.

පාර දිගේ ඔහේ කකුල් අද්ද අද්ද යද්දි අද දවසට තුන්වෙනි පාරටත් මම අම්මගෙ පෙට්ටි කඩේ දැක්කා. ඒක මහපාරෙ කොනකට වෙන්න ලී වලින් හදලා තිබුනෙ. කලින්නම් මගෙ අම්මා මෙතන කඩයප්පන් වික්කා. ඒත් දැන් කොරෝනා නිසා ඒක පාලුවට ගිහින්. ලොකු ලොකු හොටෙල් ඇරලා කෑම විකුණද්දි 'කොරෝනා'ත් සමච්චල් කලේ පොඩි මිනිහට!. ලොකු ලොකු හෝටල්වල කෑම ගත්ත අම්මගෙ පුංචි කඩේ දිහා හැරිලාවත් බැලුවෙ නැ. ඉතින් අපිට ආදායමක් නැති උනා.

ටව්න් එකේ පැය ගානක් මම කරක් ගැහුවා. බඩගින්නක් එක්කම කකුල් වලට මහන්සි දැනුනත් මම තව තවත් ඇවිද්දා. අඩුම තරමින් රුපියල් සීයක් දෙසීයක් ලැබෙන වැඩක් තිබුනත් ඇති මට. එහෙම උනානම් අම්මට මහන්සි වෙන්න ඕන්නෑ. දවසට කෑම වලට ඕනි ගානවත් මම හොයාගෙන.

අම්මා සල්ලි හොයන්න දවසම මහන්සි උනා. උදේ ගියාම රෑ වෙනකම් මොනා කරවද අපිවත් දන්නැ. එත් ඒ ලේසිපාසු දෙයක් නෙවෙයි කියන්න මම දැනන් හිටියා. ඉතින් මට අම්මට උදව්වක් වෙන්නය් ඕනි. අම්මා බයය් එක පාර රට වහලා දාය් කියලා. එදා වේලවත් කන්න නැති අපි සති දෙක තුනක් ගේ අස්සට වෙලා ඉන්නෙ කොහොමද? කවුද අපිට කන්න බොන්න දෙන්නෙ?

නගරයෙ වෙනමම වෙන් උන පැත්තක, ලොක්කො ජීවත් වෙන පාරවල් වලත් මම ඇවිදගෙන ගියේ පුංචි හරි වැඩක් හොයාගන්න. ඒත්,

For Y♡U...Where stories live. Discover now