6

1.2K 220 11
                                    

මීනාගෙ මරණයෙන් පස්සෙ ජන්කුක් ගොඩක් වෙලාවට හිටියෙ තනියෙන්. සමහර දවස්වලට ටේහ්‍යුන් එක්කවත් කුවී එක්කවත් එක වචනයක් කතා නොකරපු අවස්ථා තිබුන.

ඔෆිස් ගියෙත් යන්න ඕනෙ හින්ද විතරයි. එතනට ගියත් ඉන්න සේවකයන්ට කේන්ති අරගෙන කෑගහන එක තමා වැඩි හරියක්ම කරේ. සේවකයන්ටත් ජන්කුක්ව ටික ටික එපා වුනා.කවුද කැමති මොන දේ කරත් බනින මනුස්සයෙක් යටතෙ වැඩ කරන්න.

ඒත් මිස්ටර් පාර්ක් සේවකයන්ට පැහැදිලි කරල දුන්න ජන්කුක් වෙනස් වෙන්න හේතුව. මිස්‍ටර් පාර්ක් කිව්වෙ එයාගෙ හිත හැදෙනකන් එයා කරන කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා කියල.

ඔෆිස් වෙලාවෙන් පස්සෙත් කුකී කොහෙ යනවද මොනව කරනවද කියල කවුරුවත් දැනන් හිටියෙ නෑ. එයාගෙ ආරක්ෂාවට ටේ ගාඩ්ස්ල දාල හිටියත් කුකී ඒ අයව මග ඇරල කොහොමහරි පැනගන්නව. ඊට පස්සෙ ඉතින් ගෙදර එන්නෙ කීයටද කියල දන්නෙ එයාම තමා.

ටේහ්‍යුන්ට තමන්ගෙ මල්ලි වෙනුවෙන් යමක් කරන්න ඕනෙ වුනා. ඒත් එයාට තේරුනේ නෑ කොහොම උදව් කරන්නද කියල.

කුවීත් දවසම ගෙව්වෙ ගොඩක් දුකින්. තමන් ආදරය කරන කෙනා එක්ක එක වචනයක් කතා කරන්නෙ නැතුව ඉන්නෙ කොහොමද?

___________________________________

ඔය දේවල් ඔය විදිහට සිද්ධ වෙන අතරතුර ඒ දිහා බලාගෙන කෙනෙක් රහසින් හිනා වුනා.

"ජොන් ජන්කුක් , අපි බලමු තමුන් තව කොච්චර කාලයක් ශට්ඩවුන් වෙලා ඉඳීද කියල. තමුන් ආයෙ වැඩ පටන් ගත්ත දාට උඹේ නංගි වගේ හිටපු එකී මැරුව වගේ මරන්නෙ උඹේ අයියව..."

____________________________________

ඔෆිස් එකේ වැඩත් කරන ගමන් ජන්කුක් හැමෝටම හොරෙන් මීනාගෙ මරණයට සම්බන්ධ අය ගැන හෙව්ව.

මීනව මතක් වෙන වාරයක් වාරයක් ගානෙ කුකීගෙ කේන්තිය වැඩි වුනා මිසක් අඩු වුනේ නම් නෑ.

ඔය වැඩ වලට එළියට යන්න වෙන හින්ද ඔෆිස් එකෙන් නිවාඩු ගත්ත වාර අනන්තයි.

මිස්ටර් පාර්ක් බොහොම ඉවසීමෙන් ජන්කුක් දිහා බලන් හිටියෙ. මොකද මිස්ටර් පාර්ක් දන්නව කොල්ල මොනා වුනත් ගොඩක් දක්ෂයෙක් කියල. ඒ හින්ද කොල්ලව අහිමි කරගන්න එයාට ඕනෙ වුනේ නෑ.

Just One More Time [Sinhala Completed]Donde viven las historias. Descúbrelo ahora