28

903 192 63
                                    

මේ එපිය ටිකක් දරුණුයි. ⚠ සංවේදී අය නොබල ඉන්න.

____________________________________

ඇයගෙ කාර් රථය ළඟා වුන තැන දැකල යූන්ගි මොහොතකට පුදුම වුනා. යූන්ගි කුවී මෙතනට එනව දැකපු පළවෙනි වතාව මේ.

ක්වාන් ඇවිත් තිබුනෙ සොහොන් පිටියට. ඇය ලිලී මල් තුනකුත් අරන් ගියෙ ඇයගෙ පවුලෙ අයගෙ සොහොන් තුන ගාවට. එතනට ගිහින් ඒ හැම සොහොන් කොතකින්ම එක ලිලී මල ගානෙ ක්වාන් තිබ්බ.පස්සෙ කෙල්ල එතන ඉඳගත්ත.

🍁"තාත්තේ , අම්මේ , ඔන්නි ඔයාල තුන්දෙනා හොඳින් ඉන්නවද? මට සමාවෙන්න පහුගිය අවුරුදු දහයටම මං ඔයාලව බලන්න නාව එකට. මට ඕනෙ වුනේ ඔයාල වෙනුවෙන් ශක්තිමත් කෙනෙක් හැටියට ගොඩ නැගෙන්න. මට ඊයෙ ඔයාලගෙ මර්ඩර් එක ගැන දන්න කෙනෙක් මුණ ගැහුන. සමහරවිට එයාගෙන් මට ඔයාලගෙ මිනීමරුව ගැන හොයාගන්න පුළුවන් වෙයි. මාත් එක්ක ඔයාල තරහ නෑ නේද?

දන්නවද අප්පා ඔයා අපිට පුංචි කාලෙ කියල දුන්න කතන්දර වල ඉන්න කුමාරියට ගොඩාක් ආදරේ කරන කුමාරයෙක් වගේ කෙනෙක් මටත් හම්බවුණා. එයාගෙ නම ජන්කුක්. මගෙ අතින් එයාට ගොඩක් වැරදි වුනා. ඒත් තාමත් එයා මට ඉස්සර වගේම ආදරෙයි. මාත් එයාට ගොඩක් ආදරෙයි. ඔයාලගෙන් පස්සෙ මට ආරක්ෂාවක් දැනුනෙ එයා ළඟ විතරයි. ජන්කුක්ගෙ ඔම්මයි අප්පයි එයාලව පුංචි කාලෙම දාල ගිහින්. කුකීට ඉන්නෙ එයාගෙ හ්‍යුන් විතරයි.

තව ඔප්පල හය දෙනෙකුත් ඉන්නව එයාලත් ගොඩක් මට ආදරෙයි. තව පිස්සු කෙල්ලො පස් දෙනෙකුත් ඉන්නව.එයාල හැමෝම මට ගොඩක් සමීපයි. ඔම්මගෙ අප්පගෙ ඔන්නිගෙ අඩුව පුරවන්නෙ එයාල තමා. මං දවසක එයාලවත් එක්කන් එන්නම්.

මං ගත්ත තීරණ සමහරවිට වැරදි ඇති නේද අප්පා. මට ඕනෙ වුනේ ඔයා වගේ වෙන්න. ඔයා වගේ වෙලා රටට සේවයක් කරන ගමන් ඔයාලගෙ මරණ වලට වග කියන්න ඕනෙ කෙනාව හොයාගන්නයි මට ඕනෙ වුනේ. මට ඉක්මනටම එයාව හොයාගන්න පුළුවන් වෙයි.

ඔම්මා මං දන්නව හැමදාමත් ඔයාට ඕනෙ වුනේ මාව ලස්සන ගෑණු ළමයෙක් විදිහට දකින්න. එත් කාලයත් එක්ක මං ගෑණු ළමයෙක්ද කියල හිතන්නවත් මට වුවමනාවක් තිබුනෙ නෑ. ජන්කුක්ට නම් මං තාමත් කෙල්ලෙක් විදිහට පේනව. ඒ කියන්නෙ මං තාමත් ඔයා ආස කරපු විදිහෙ ගෑණු ළමයෙක්. පෙනුම එහෙම වුනාට මගෙ ගතිගුණ ගොඩක් වෙනස් වෙලා ඔම්මා. මට ඒකට සමාවෙන්න.

Just One More Time [Sinhala Completed]Where stories live. Discover now