29

1K 180 79
                                    

උදෙන්ම ලිලී මල් වගයකුයි වයිට් රෝස් වගයකුයි අරන් කුවී ජන්කුක්වයි අනිත් කොල්ලො හයයි කෙල්ලො පහයි එක්කගෙන ගියෙ සොහොනට. කලින් දවසෙ කුවී පොරොන්දු වුනානෙ එයාලව එක්කගෙන එනව කියල. හැමෝටම වැඩිය ජන්කුක් හිටියෙ සතුටින්. ඒ ඇයි කියන්න කොල්ලවත් දන්නෙ නෑ.

කුවියි අනිත් අයයි මුලින්ම මල් ටික සොහොන් උඩින් තිබ්බ. පස්සෙ එක එක්කෙනා ගිහින් සොහොන් ළඟින් ඉඳගෙන කතා කරා.සමහරවිට පිස්සු කියලත් හිතෙනව ඇති මැරුන මනුස්සයන්ට කතා කරන්නෙ. ඒත් හිත හදාගන්න තියෙන හොඳම ක්‍රමයක් ඒක.

🍁"ඔම්මා , අප්පා , ඔන්නි මං ඔයාලට පොරොන්දු වුනා වගේම ඔයාලගෙ මිනීමරුවව මැරුව. මං දන්නව මට එහෙම නොකර ඉන්න තිබුන.ඒත් මට ඔයාල වෙනුවෙන් මගේ දුක නිවාගන්න මම ඒක කරා. අද මං ආවෙ මගෙ කුකීයි අනිත් යාළුවොයි එක්ක. අද මං මෙතන්ට එන අන්තිම දවස. අදින් පස්සෙ මට අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනෙ. අන්‍යෝ....කවදහරි දවසක මං ඔයාල ළඟට එන්නම්. මටයි ජන්කුක්ටයි අනිත් අයටයි ආශිර්වාද කරන්න"

🐰"ඔම්මා , අප්පා , නූනා මම ජන්කුක්. කුවීගෙ අනාගත සහකාරය.මං කුවීට ගොඩක් ආදරෙයි. මට ඔයාලගෙ ආදරය එයාට දෙන්න බැරි වෙයි ඒත් මට දෙන්න පුළුවන් තරම් ආදරය මං එයාට දෙන්නම්. මං එයාව පණ වගේ රකින්නම්. මට මේ ලෝකෙ තියෙන වටිනාම වස්තුව කුවීයි මගෙ හ්‍යුනුයි. මං පොරොන්දු වෙන්නම් කුවීව හැමදාම ආරක්ෂා කරනව කියල"

කුවී , ජන්කුක් වගේම අනිත් අයත් එක එක දේවල් කිව්ව. ඒත් එක දෙයක් හැමෝම වගේ කිව්ව. ඒ කුවීව මොන දේ වුනත් ආරක්ෂා කරනව , එයාට ආදරය දෙනව කියල.

____________

One week Later

🍁"කුකී නැගිටින්න..අද ඔෆිස් යන්නෙ නැද්ද?"

🐰"අනේ තව චුට්ටක් මෙහෙම ඉන්න දෙන්නකො"

🍁"තව චුට්ටක් ඉන්න දෙන්න කියල ඔයා ඔය කියපු හතරවෙනි වතාව. මං මේ ඔයාව නැගිට්ටවන්න හදන්නෙ පැය භාගයක් තිස්සෙ. කෝ දැන්වත් නැගිටින්න"

🐰"අනේ තව චූ...ට්ටක්"

🍁"හරි එහෙනම් අද ලීව් එකක් දාල ගෙදර ඉන්න. මං යනව NIS එකට"

Just One More Time [Sinhala Completed]Donde viven las historias. Descúbrelo ahora