හොස්පිට්ල් එකේ ඉන්න කාලෙදි ක්වාන්ගෙන් ඩොක්ටර්ස්ල අහපු ප්‍රශ්න එමටයි. කුවීට වෙලා තිබුන තුවාල නිසා එයාල පොලීසියටත් ඒ ගැන් ඉන්ෆෝම් කරා. ඒත් කුවීට ප්‍රශ්නයක් වුනේ නෑ. ක්වාන් එයාගෙ බලය පාවිච්චි කරල ඒ සිද්ධිය හැමෝගෙන්ම වසන් කරා. ඩේමන්ගෙ මරණය ගැන පරීක්ෂණ කටයුතුත් බොරු තොරතුරු ඇතුළත් කරල වහල දැම්ම.
හොස්පිට්ල් එකේ ඉන්න ජන්කුක්ගෙයි කුවිගෙයි තිබුන අකමැත්ත නිසයි , වැඩි අමාරුවක් තිබුනෙ නැති නිසයි දෙන්නම ලයන් කිංග් එකට ආව. ඩේමන්ගෙ ප්‍රශ්නෙත් ඉවර නිසා කොල්ලො පස් දෙනත් (දන්නවනෙ ඩේමන්ගෙ පැත්තෙ හිටපු පස් දෙනා) ක්වාන් එක්ක වැඩ කරන්න ආව.
🐰"හ්‍යුන් අනේ මට කුවීගෙ රූම් එකට යන්න ඕනෙ"
උදේ නැගිටල කාමරයෙන් එළියට ආපු ගමන්ම ක්වාන්ට ඇහුනෙ ජන්කුක් එහෙම කියන සද්දෙ. ඇයගෙ මුවගට සිනහවක් ආව. ඇය ගිහින් මොකද වෙන්නෙ බැලුවම යූන්ගි ජන්කුක්ගෙ අත්වලින් අල්ලගෙන ඉන්නව. ක්වාන් දන්නව යූන්ගි එහෙම කරන්නෙ විහිළුවට කියල.
🍁"කුකී ඇයි මේ...."
🐰"මට ඔයාගෙ කාමරේට එන්න ඕනෙ. ඒත් මේ හ්‍යුන් මට යන්න දෙන්නෙ නෑ" ජන්කුක් කිව්වෙ අම්මට පැමිණිලි කරන පොඩි ළමයෙක් වගේ
🍁"යූන්ගි ඔප්පා ඇයි ඔයා මගෙ කුකීට යන්න දෙන්නෙ නැත්තෙ"
🐱"මං යන්න දුන්නෙ නැත්තෙ මුගෙන් ඔයාට කරදරයක් වෙයි කියන බයට"
🐰"ආනී...මම කුවීට කරදර කරන්නෙ නෑ"
🍁"ඒකනෙ ඔප්පා..කෝ දැන්වත් මගෙ කුකීව අත අරින්න"
🐱"හරි ඔන්න අත ඇරිය හැබැයි පස්සෙ කරදර කරා කියල කියන්න එපා"
යූන්ගි ජන්කුක්ව අත ඇරිය ගමන් ජන්කුක් දිව්වෙ කුවීගෙ කාමරේට. කුවී ඇස් දෙකත් ලොකු කරන් ඉද්දි කොල්ලො හය දෙනා බඩවල් අල්ලගෙන හිනාවෙනව. ලේ වලින් කම්මුල් පිරිල රතු වෙද්දි කුවී ඉක්මනට කාමරේට ගිහින් දොර වහගත්ත.
කුවී දොර වහල හැරිල බලද්දි කුකී ඇඳේ හාන්සි වෙලා ඇස් දෙකත් වහගෙන.
🐰"මැණික කෝ එන්න" ඔහු කිව්වෙ වම් අත දික් කරල දකුණු අතින් වම් අතේ උරහිසට තට්ටු කරන ගමන්.
BINABASA MO ANG
Just One More Time [Sinhala Completed]
FanfictionPls........ just one more time (තව එක පාරක්) my love?? ♥️⚔A Mafia romance.⚔♥️