ජීවිතේ අඳුරු දවස් ගාණකට පස්සෙ ක්වාන් ජන්කුක් දෙන්න උදේම දෙන්නගෙ උණුසුමට තව තවත් ගුලි වුනේ සිතල හින්ද.දෙන්නටම නැගිටින්න අදහසක් නෑ වගේ.
ඒත් කොහෙදෝ තිබ්බ එලාම් එකකින් මහ සද්දෙට සිංදුවක් ප්ලේ වෙද්දි ජන්කුක් ඇස් දෙක වහගෙනම එලාම් එක ඕෆ් කරල ආයෙත් කුවීව තුරුලට ගත්ත.
ඊයෙ ක්වාන් ජන්කුක්ගෙ වගේම ජන්කුක් ක්වාන්ගෙ වුනේ එයාලගෙ දෙමව්පියො ඉස්සරහ. ඒක බැලූ බැල්මට පිස්සු වැඩක් කියල හිතුනත් වෙඩින් එකේ ඇඳුම් ඇඳගෙන මිනී පිට්ටනියට ආව ජෝඩුව එයාලගෙ ඔම්මල ඔප්පල ඉස්සරහ සදහටම ඒ දෙන්නගෙ වුනා.
ඉතින් ඒකයි මේ තාමත් නිදි මේ දෙන්න. ඊයෙ දවසම කට්ටිය එක්ක නටල කරල දෙන්නට පුදුම මහන්සී.
🐯"කුරුලු ජෝඩුව නැගිටින්නො...."
කුවී හනිමූන් එකට වෙන කොහෙවත් යන්න අකමැති වුන නිසා දෙන්න හිටියෙ එයාලගෙ ගෙදරමයි. ඉතින් ඔන්න ටේහ්‍යුන් උදේම ඇවිත් දෙන්නට වද දෙනව. නාරිත් බෝල බඩගෙඩිය උස්සන් ටේහ්‍යුන්ගෙ පස්සෙන්මයි.
🍂"ඔය ළමයිට ඉන්න දෙන්න අනේ.."
🐯"අයියෝ මැණික...ඔය පොඩ්ඩක් කරදර කරාට මුකුත් වෙන්නෙ නෑ..."
🍂"මෙන්න මෙහෙ එන්න යන්න. එයාලට මහන්සි ඇති"
🐯"මොනා කරලද?"
🍂"ඊයෙ නටල කරල අනේ. අර ඇඳුමුත් ඇඳන් දවසම ඉඳල මහන්සි ඇති. මෙන්න මෙහෙ එන්න යන්න"
කුවී කුකී දෙන්න අඩ නින්දෙන්ම ඒ දෙන්නගෙ කතාව අහගෙන ඉද්දි එයාල එතනින් ගියා.
ආයෙත් කලින් වගේම දෙන්නට තත්පර ගාණක් යන්නත් කලින් නින්ද ගියා.______________
6 months later
🐰"හ්‍යුන් මං අප්ප කෙනෙක් වෙන්න යන්නෙ.."
කාමරේ වටේම දුවන ගමන් ජන්කුක් හයියෙන් කෑගැහුවෙ කුවීත් ඇඳට වෙලා එයා දිහා බලන් හිනාවෙද්දි.
ටේහ්‍යුන්ගෙ බබා ඉපදිලත් දැන් මාස දෙකක්. දැන් කුවිත් ඔම්ම කෙනෙක් වෙන්න යන්නෙ.
ජන්කුක්ට ගොඩක් සතුටුයි. එයාට නොලැබුන ඔම්ම අප්පගෙ ආදරේ එයාට පැටියට දෙන්න පුළුවන් එක ගැන එයාට සතුටුයි. ඒකයි පොඩි එකෙක් වගේ මෙච්චර හයියෙන් කෑ ගහන්නෙ.
ටේහ්‍යුන් නාරි දෙන්න ජෝඩුවට ඉන්න ඉඩ දීල කාමරෙන් ගියා.
ඒ සැනින් ජන්කුක් ඇවිත් අල්ලගත්තෙ කුවීගෙ දෙතොල්.
🐰"කුවී ඔයාට කුමාවො මැණික. මට මේ සතුට දුන්නට"
🍁"ඔයාටත් කුමාවො කුකී..."
🐰"මෙයා ආවම අපි තව කෙනෙක් හදමුනේ"
🍁"තව එක්කෙනෙක්...."
🐰"hm...pls..pls...pls..just one more time"
ජන්කුක් කුවීගෙ පපුව අස්සෙ මූණ හංගගද්දි ඇය ඔහුගෙ තුරුලු කරගත්තෙ ජීවිතේ උපරිම සතුට විඳිමින්.
KAMU SEDANG MEMBACA
Just One More Time [Sinhala Completed]
Fiksi PenggemarPls........ just one more time (තව එක පාරක්) my love?? ♥️⚔A Mafia romance.⚔♥️