20

859 193 45
                                    

ක්වාන්ට කියන්න ගිය දේ ඉවර කරන්න ලැබුනෙ නෑ.

චටාස්.....

ජන්කුක් ක්වාන්ගෙ කම්මුලට පහරක් ගැහුව.නොසිතූ වෙලාවක ලැබුන පහරත් එක්ක ක්වාන් ටිකක් පස්සට විසි වුනා.

🐰"තමුන් කොහොමද හ්‍යුන්ට වෙඩි තියන්න හදන්නෙ ආ..."

🐯"ජන්කුකා....."

🐰"හ්‍යුන් කට වහගෙන ඉන්න.මං හැමදේම දැක්ක. මෙයා හැදුවෙ ඔයාව මරන්න"

🍁"ඔව් මං හැදුවෙ ටේව මරන්න"

🐯"කුවී..."

🐰"තමුසෙට මරන්න ඕනෙ නම් මාව මරනව. හ්‍යුන්ව මරන්න හදන්නෙ"

🐠"ඔප්පා..මෙතන ඔයා හිතන දෙයක් වුනේ නෑ"

🐰"ඔයා කියන්න හදන්නෙ මං දැක්ක හැමදේම බොරු කියලද මීනා"

🍁"දැක්ක පමණින් ඇහුව පමණින් විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන හින්ද තමා ඔයා හැමවෙලේම කරදරේ වැටෙන්නෙ ජන්කුක්"

🐰"මොකක්ද කියන්නෙ? තමුසෙ හැමදාම කරේ එක බොරුවක් වහන්න තව බොරු දාහක් කිය කිය මිනිස්සු රවට්ටපු එක"

🍁"ඔව් මං එහෙම කරා. මං ඒක අදත් කරනව හෙටත් කරනව මැරෙනකන්ම කරනව. ඔයාට ඒකෙන් අදාළ නෑනෙ. ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න"

🐰"පාඩුවෙ ඉන්න තිබ්බ තමුන් මගෙ හ්‍යුන්ව මරන්න හැදුවෙ නැත්නම්"

🍁"ඔව් මං ඔයාගෙ හ්‍යුන්ව මරනව. ඔයා මට ඇහුම්කන් දෙන්නෙ නැතුව ඩේමන් ගාවට යද්දි මගෙ හිත හැදුවට , ඔයා මාව මරන්න ප්ලෑන් ගහද්දි මාව ආරක්ෂා කරාට , හැමදාම මං කෑවද බිව්වද කියල හෙව්වට , හැමකෙනාම වාසියට විතරක් මාව ළං කරගද්දි මගෙ සහෝදරයෙක් වුනාට , හැමදාමත් මං ගැන විශ්වාසය තිබ්බට. අන්න ඒ වැරදි වලට මං ඔයාගෙ හ්‍යුන්ව මරනව."

හයියෙන් කෑගහල කියපු ක්වාන් ගන් එකෙන් ඉලක්කෙ තිබ්බ පැත්තට ශූට් කරගෙන ගියා.
ජන්කුක් වගේම අනිත් දෙන්නත් හිටියෙ හිටි තැනම ගල් වෙලා.

🍁"දන්නවද ජන්කුක් තමුන් මාස ගාණක් ටේත් එක්ක කතා නොකර ඉන්නකොට මේ මනුස්සය ඇඬුව තරම. තමුන් දන්නවද ඒක. තමුන් දැන් මහ ලොකුවට ඇවිත් හ්‍යුන් හ්‍යුන් ගානව. නිකමට හිතුවද මෙයා ගැන. තමුන්ව පොඩි කාලෙ ඉඳන් බලාගත්ත හ්‍යුන්ව තමුන්ට අමතක වුනා. තමුන්ට අම්මෙක් තාත්තෙක් වුන හ්‍යුන්ව ඔයාට අමතක වුනා. තමුන් මාව මරන්න ප්ලෑන් ගගහ ඉන්නකොට මේ මනුස්සය මෙහෙ මැරි මැරී ඉපදුනා. තමුන් හැදුවෙ මගෙන් පළිගන්න වුනත් ඇත්තටම වුනේ ඔයා ඔයාගෙම හ්‍යුන්ගෙන් පළිගත්ත එක. තවත් මෝඩයෙක් වෙන්නෙ නැතුව සිහි බුද්ධියෙන් වැඩ කරන්න."

Just One More Time [Sinhala Completed]Where stories live. Discover now