8

1.1K 210 16
                                    

හදිස්සියෙන් ආපු කෝල් එකකට ජන්කුක් එළියට ගියෙ කාටවත් නොකිය.

කවුද කින්ද මන්ද කියල නොදන්නව වුනත් ජන්කුක් ඒ කතා කරපු කෙනා එන්න කිව්ව තැනට ගියෙ තමන් හොයන කෙනා ගැන තොරතුරක් දැනගන්න.

මිරිඟුව පස්සෙ යන මුවා වගේ ජන්කුක් ලැබෙන හැම තොරතුරක්ම විශ්වාස කරන්න පෙළඹුණේ ඇත්තද නැත්තද කියල නොසොය.

ඒ දෙයින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඕනෙ තරම් අය බලාගෙන හිටිය. ඒත් ජන්කුක් නොදැනුවත්ව කෙනෙක් ,....... නෑ ගොඩක් අය එයාව ආරක්ෂා කරා. එයාල නොහිටින්න අද ජන්කුක්ට මොනව වෙලාද කියල කවුරුවත් දන්නෙ නෑ.

ජන්කුක් හමුවෙන්න ගිය පුද්ගලය කිව්වෙ BL ගැන විස්තර. අලුත් දෙයක් නෙමේ. හැමෝම දැනගෙන හිටියෙ එකම විස්තරයක් විතරයි. විශේෂයකට තිබුනෙ BL Leader ජන්කුක් ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් කියල ඒ පුද්ගලය කියපු එක.

BL ලීඩර් කවුරු වෙන්න ඇතිද කියල ජන්කුක් දහ අතේ කල්පනා කරා. එහෙම සැක කරන්න තරම් කෙනෙක් එයාට මතක් වුනේ නෑ.

ජන්කුක්ගෙ ප්‍රධාන සැකය එල්ල වුනේ මීනාගෙ තාත්ත දිහාට. ඒත් එහෙම හිතන්නවත් කිසිම සාක්ෂියක් ජන්කුක්ට තිබුනෙ නෑ.

එදා දවසෙ ඉඳන් ජන්කුක් තමන් ආශ්‍රය කරන හැම කෙනා දිහාම බැලුවෙ සැකෙන්. එයාගෙ සැකයට භාජනය නොවුණෙ කුවී , ටේ දෙන්න විතරයි.

____________________________________

ජන්කුක් හිටියෙ කාමරේ මේසෙට වෙලා ලැප් එකේ වැඩක් කරන ගමන්.

එක පාරට කන ළඟින් හුළං පහරක් එක්ක ආපු රූං සද්දයක් නිසයි ජන්කුක් ඔළුව උස්සල බැලුවෙ.

මේසෙට උඩින් එල්ලල තියෙන ඩ්‍රීම් කැචර් එක මැද්දෙ පිහියක් ඇමිණිලා තිබුන. ඒකත් එක්ක පොඩි කඩදාසි කෑල්ලක් තියෙනව ජන්කුක්ට පෙනුන.

ඉඳගෙන හිටපු තැනින් නැගිටල ජනේලෙන් එළිය බලනකොට ජන්කුක් දැක්ක කළු පොරවගත්ත කෙනෙක් බොහොම සන්සුන්ව ඇවිදගෙන යනව කිසිම බයක් නැතුව.

ජන්කුක්ට ඒ කවුද බලා ගන්න ඕනෙ වුනත් ඒ කෙනාව අල්ලගන්න ලේසි වෙන්නෙ නැති නිසා කොල්ල ගියෙ පිහියෙ අමුණල තියෙන කොළ කෑල්ලෙ මොනාද තියෙන්නෙ කියල බලන්න.

Just One More Time [Sinhala Completed]Onde histórias criam vida. Descubra agora