18

915 185 14
                                    


"උඹල නෙමේ මමයි මේකිව යූස් කරන්නෙ"

🍁"ආහ් එහෙමද ට්‍රයි කරල බලන්නකො එහෙනම්"

"කෝ එන්න ට්‍රයි කරන්න"

🍁"දෙන්නද ගුටියක්"

"පිස්සි....කෝ නැගිටින්න"

ඔහු ක්වාන්ට නැගිටින්න උපකාර කරා.

"ඩේමන්ව ඉවරයක් කරන්නද කුවී"

🍁"අපිට එහෙම කරන්න වෙයි නේද ජිනී. මොකද මං බේරුනා කියන්නෙ ඔයාල මගෙ අය කියල එයාට අහුවෙනව කියන එක"

🐼"ඒකත් ඇත්ත"

🍁"ඩේමන් කරපු වැරදිවලට එයා විඳවල මැරෙන්න ඕනෙ"

🐼"දැන් ඔයාගෙ සැලැස්ම මොකක්ද කුවී"

🍁"මේකයි................."

🐼"හරි අපි එහෙම කරමු"

ක්වාන්ගෙ සැලැස්මට අනුව ටේහ්‍යුන් ඇතුළු කණ්ඩායමක් ක්වාන් හිටපු අපාර්ට්මන්ට් එකට ආව. එයාල ජින්ගෙ අත් බැඳල මූණත් තුවාල කරල ජින් ආපු ජිප් එකේ දාගෙන ක්වාන් යද්දි ටේහ්‍යුන්ගෙ පිරිස එයාල පස්සෙන් ආව.
එයාල ගියෙ ඩේමන්ගෙ පොට් එකට. ක්වාන් ජින්වත් ඇදගෙන ටේහ්‍යුන් එක්ක ඇතුළට ගියා. අනිත් අය එතන වට කරා.

🍁"ඩේමන් එළියට ආවොත් හොඳයි" ක්වාන් කිව්වෙ සද්දෙට.

රූම් එකට වෙලා හිටපු ඩේමන් එළියට ආව.

😈"ක්වාන්....තමුසෙ කොහොමද තාම ජීවත් වෙන්නෙ"

🍁"ඒවගෙන් වැඩක් නෑ ඩේමන්. තමුසෙ හිතන තරම් ලේසියෙන් තමුසෙට මාව මරන්න බෑ"

😈"හහ්....තමුසෙ මෙතන රඟපෑමක් කරේ එහෙනම්"

🍁"ඔව්....ටේහ්‍යුන් ගිහින් ජන්කුක්ව ජිප් එකට නග්ගන්න"

😈"ඒයි මේ....." ටේහ්‍යුන්ව නවත්තන්න ඩේමන් ඉස්සරහට පනිද්දි ටේහ්‍යුන් ඩේමන්ගෙ අත අඹරල අල්ලගෙන පිස්ටල් එක ඔළුවට තිබ්බ.

🐯"වැඩිය දඟලන්න ලෑස්ති වෙන්න එපා ඩේමන්. දන්නවනෙ මං කවුද කියල"

😈"දන්නව මහලොකු ටේහ්‍යුන්...ගෑනියෙක් ළඟ බල්ලෙක් වගේ වැටිල ඉන්නෙ"

Just One More Time [Sinhala Completed]Where stories live. Discover now