Taehee 's povආදරේ කියන්නේ හරි අමුතු දෙයක්.. ඒක එක එක්කෙනාට එක එක විදිහට ලැබෙනවා.. අපි කෙනෙක්ට ආදරේ කරද්දී , එයා තව කෙනෙක්ට ආදරේ කරනවා.. අපි ආදරේ කරන කෙනාවම අපිට ලැබෙන්නේ හරි අඩුවෙන්.. ඒත් එහෙම ඇත්තටම එකිනෙකාට ආදරේ කරන දෙන්නෙක් එකතු වුනොත් "වෙන්වීම" එයාලට හරිම අමාරැ දෙයක් වෙනවා..
ගොඩක් කතාබහ, හාදු මැද්දේ ඇස් පියාගෙනම tae ගේ පපුවෙන් ඔලුව තියාගත්තේ නිදහස් හුස්මක් මගේ තොල් අතරින් පිටවෙද්දී... දෙන්නට දෙන්නගේ උනුහුමට වෙලා කොච්චර වෙලාවක් හිටියද නොදැන මං ඇස් ඇරියේ මගේ ඇඟට දැනුන දැඩි රස්නේ හින්දා... ඒත් එක්කම මාව බදාගෙන හිටපු tae ගේ අත් වලින් හිමින් ඈත්වෙලා එයාගේ නලලට අත තිබ්බේ එකපාරට මාව ගැස්සෙද්දී...
එයාගේ ඇඟ පිච්චෙනවා වගේ....
"Tae... baby... නැගිටින්න.. ඔයාට හොදටම උණ පැටියෝ... නැගිටින්නකෝ "
ඒ රස්නේ කම්මුල් පිරිමදින ගමන් මං කිව්වත් එයා නැගිටින්නේ නැතුවම හිටියා.. මගේ ඇස් වලින් කදුලු ගලද්දී ඉක්මනට නැගිටලා room එකෙන් එලියට ගියේ oppa ලව හොයාගෙන..
ඒ එක්කම මගේ ඇස් ගියේ corridor එකේ ඉන්න jimin oppa ගාවට.. එයා ලඟට දුවගෙන ගිහින් නැවතුනේ එයා ගැස්සිලා මං දිහා බලද්දී..Jimin : " taehee ,ඇයි මේ.හැමදේම හොදින්ද ? "
Taehee :
" T.. tae.. එ.. එයා නැගිටින්නේ නෑ.. "අමාරැවෙන් වචන පටලන් කියද්දී jimin oppa මාත් එක්කම room එකට ගිහින් ඉක්මනින් tae ගාවට ගියා..
" taehyung ah.... shit.. එයාට සිහිය නෑ."
Jimin oppa කියද්දි මට ඇඩුනේ එයාට කවදාවත් මෙහෙම වෙලා නැති නිසා ඇතිවුන බයට... බොදවුනු ඇස් වලින් එයා දිහා බලද්දී කකුල් පන නැතිවෙන්න ගත්තා... ඒ එක්කම jungmi මාව තදින් අල්ලගත්තා..
"Taehee.. ශ්.. එයාට මුකුත් වෙන්නේ නෑ.. එයා හොදින්.. calm down please.. "
මාව ලග couch එකෙන් වාඩි කරන ගමන් jungmi කිව්වේ මගේ ඇස් තාමත් එයා ලඟ තියෙද්දී.. දැන් oppa ලා හැමෝම ඇවිත් හිටියත් ,මගේ හිතට අමුතු බයක් දැනුනේ..
"J.. jung miya... ම.. මගේ tae... එ.. එයා.."
"Sh.... sh.. taehee.. calm down.. he is ok.. doctor is here now.. take a deep breath for me.. you have to be strong for him "