Jung mi 's pov
මගෙයි , taehee ගෙයි දෙන්නගෙම හීන හැබෑ වෙන්න යන නිසා ඇති වෙනකන් මුහුදේ නැටුවේ සතුටට...
" යා බලනවා තමුන්ගේ හැටි තෙමිච්ච කිකිළියෙක් වගේ... " ගෙදර එන ගමන් taehee මට ඔරවන ගමන්... 😂
" මමනේ කිකිළි ඔයා ඉන්නකෝ... දන්නවද දැන් මට මොනාද හිතෙන්නේ කියලා.. 🙈 " මං ඇහුවේ taehee දිහා බලාගෙන...
" ඔව්... ඔහොම වතුරෙන් පෙගිලා ඉන්න ඕනේ කෙනෙක්ට හිතෙන්නේ.....
මේ සීතලට නම් මං මැරෙයි කියලනේ.. "" ඔය කිව්වේ ,ඔය කිව්වේ කතාවක්.. සැක් විතරක්.. මාර එක්කෙනෙක් ගෙන් මාත් ඇහුවේ... 😏 එහෙම නෙමෙයි මෝඩියේ මට හිතෙන්නේ මේ වගේ වෙලාවක jungkook oppa ළඟට ගිහින් එයාගේ පපුව උඩින් ඔලුව තියාගෙන ඒ උනුහුමට ගුලි වෙලා , මෙහෙම ,
මෙහෙම ... " මං කියාගෙන ගියේ හීන ලෝකෙක අතරමං වෙන ගමන්..." යා.... kim jung mi හෙට ගිහින් jungkook oppa ගේ පපුව උඩින් ඔලුව තියලා බලනවකෝ උනුහුම්ද කියලා.. 😂 දැන් යමු.. ඔයා ගෙදරට ගිහින් change කරගන්න.. මං grocery එකට ගිහින් එන්නම්.. " taehee කිව්වේ ආය යන්න හදන ගමන්...
පයින්ම ගෙදර ඇවිත් Wash එකක් දාගෙන එලියට ඇවිත් taehee එනකන් බලන් හිටියේ කලුවර වැටිලා තිබ්බ නිසා....
Few moments later
Taehee's pov
මුහුදේ හොඳටම දගලලා jung miya ගොඩාක් තෙමිලා හිටපු නිසා එයාට ගෙදර යන්න කියලා මම තනියම grocery එකට ගිහින් ගෙදරට ඕන බඩු ටිකත් අරගෙන අඩිය ඉක්මන් කරලා යන්න ගත්තේ ඒ වෙද්දිත් කලුවර වැටිලා තිබ්බ නිසා... 😨
ඒත් එක්කම වගේ ගොඩාක් වේගෙන් ආපු බයික් එකක් මගේ පැත්තටම හරවලා ඒ වේගෙන්ම ගියේ , මාව එතනම බිම වැටිලා බඩු ටික සී සීකඩ විසිවෙලා යද්දී.... 😭
ඇතිවුන කම්පනයත් එක්ක බිම වැටුන විදිහටම හිටියේ අත් දෙකෙනුයි , කකුල් දෙකෙනුයි දැනුන සියුම් වේදනාවත් එක්ක... මං වැටිලා හිටපු තැනින් එක පාරම ඇවිත් නතර කලේ කලු පාට කාර් එකක් .... ඒත් එක්කම Car එකෙන් බැස්සේ කලු පාටම ඇදලා Mask දාලා හිටිය පිරිමි දෙන්නෙක්....මට එයාලව පෙනුනේ ගොඩාක් භයානක විදිහට... ඒ දෙන්නා මගේ පැත්තටම ඇවිදගෙන ආවා... මං නැගිටින්න හැදුවත් මට නැගිට ගන්න බැරි වුනා...
මට මතක් වුනේ Jung mi ව... මගේ මුන හරහා උනු උනු කදුලු වැටෙන්න ගනිද්දි මං ඇස් පියා ගත්තේ හිතට දැනුන බයත් එක්ක...
Taehee 's pov
කෙනෙක් ලෝකේ එලිය දැක්ක දවසේ ඉදන් පවුලක ආදරය ,රැකවරණය එක්ක දවසින්, දවස හැදී වැඩෙද්දී හැමෝටම අහස උසට හීන ඇති වෙනවා... සමහරැන්ට ඒ හීන කැපකිරීම් නොකරම හැබෑ කරගන්න පුලුවන් වෙද්දි , තවත් සමහරැ ඒ හීන හැබෑ ඛරගන්න ගොඩක් කැපකිරීම් කරලා , මහන්සි වෙනවා.... ඒත් ඒ හීන වල ලඟටම ගිහින් ඉද්දි ඒවා බොඳ වෙන්න දෙන්න පුලුවන්ද ?....
ඇස් වහන් හිටිය මට ඉකි ගහලා ඇඩෙද්දි එක පාරට ඇස් ඇරියේ කාගේ අඩි සද්දෙකට ...
"ඔයා හොදින්ද " ?
හැමතැනම විසිරිලා තිබ්බ බඩු ටිකත් එකතු කරලා මගේ ගාව තියලා තරමක් උස පිරිමි ළමයා ඇහුවේ අනිත් පිරිමි ළමයා ටිකක් එහාට වෙන්න බලන් ඉද්දි...මං බලන් හිටියේ එයා දිහා... මුලු මූනම වැහෙන්න mask එකක් දාලා හිටිය එයාගේ ඇස් දිලිසුනා... තරමක් අවුල් වෙලා තිබ්බ කොණ්ඩේ , එයාගේ උස එයාට ගෙනාවේ අමුතු දඟකාරකමක් එක්ක කඩවසම් බවක්... ඒත් එක්කම සිහියට ආපු මං ,
" ඔව් මං හොඳින් " කිව්වේ බිම බලන ගමන්..
" ඔයාගේ අතත් තුවාල වෙලා නේද ? ඔයාට නැගිටින්න පුලුවන්ද ? ගෙදර මේ ලඟද තියෙන්නේ ? තනියම යන්න පුලුවන්ද ? " ඒ පිරිමි ළමයා එක දිගට අහගෙන ගියේ නවත්වන්නෙත් නැතුව...
" ඔව් මේ ළඟ මං ඉන්නේ... මට තනියම යන්න පුලුවන්.. ගොඩාක් ස්තූතියි කරපු උදව්වට... චොම්මල් කුමාවෝ... "
කකුල රිදුනත් හිමීට නැගිටලා එහෙම කියලා එයාටත් , අනිත් කෙනාටත් ආචාර කරලා ගෙදර යන්න හැරැණා....ටිකක් දුර ගිහින් මං ආයේ හැරිලා බලද්දි එයා මං දිහා බලන් හිටියා... ඇතිවුන ලැජ්ජාවත් එක්ක අඩිය ඉක්මන් කලේ jung mi දැනටමත් බය වෙලා ඇති කියලා දන්න නිසා...
In the house
තුවාල වුන අතට පුංචි plaster එකක් ගහගෙන , හෙට දවසට ඕන දේවල් ලෑස්ති කරලා ඇදට ආවේ ඒ වෙද්දිත් jung mi නිදාගෙන හිටපු නිසා... එයා කොහොමත් පොඩි ළමෙක් වගේ... ගෙදර වැඩ වලට උදව් කලත් , හැමදේම හොයලා බලලා කලේ මම...
ඇදට ආවත් එක එක විකාර හිත හිත හිටියේ නිදිමතක් අහලකවත් නොතිබ්බ නිසා... ඒත් එක පාරටම මට මතක් වුනේ ඒ ඇස් දෙක... කොච්චර ලස්සන ඇස් දෙකක්ද.. ඒ ඇස් වලින් මං දිහා බලන් හිටපු විදිහ... ආයේ ඒ ඇස් කවදා නම් හම්බවෙයිද ? හෑ.... මමත් මොනවා හිතනවද මන්දා....
බලෙන්ම ඇස් පියාගෙන නිදා ගත්තේ හෙට දවස ගැන හිත හිත....
To be continued.............