Taehee 's pov
මාසයකට වැඩි කාලයක් ගියා... hopital ඉදන් ගෙදර ආවත් තාම හොදටම හොඳ වෙලා තිබ්බේ නෑ... ඒ නිසා rest එක ගොඩක් ඕනේ කියලා doctor කිව්වේ.. wedding එකේ වැඩයි , office එකේ වැඩයි එක්ක busy උනේ company එකට නොගියත් මගෙන් වෙන්න ඕනේ වැඩ ටික මං හරියටම කරන්න ඕනේ නිසා...
Wedding එක දවසත් ආවේ මට ඒ ඇස් දකින්න , ඒ හිනාව දකින්න අවස්ථාවක් එයි කියලා හිතලා.... ඒත් ඒ හීනේ නිකන්ම බොද වෙලා ගියේ BTS members ලගෙන් , පස්දෙනෙක් විතරක් ආපු නිසා.. ඔව් එයයි , jimin oppa යි දෙන්නම ආවේ නෑ.. මට එයාලා ලගට ගිහින් කතා කරන්න ඕනේ උනත් jung mi මට එයාලා ලඟට යන්නවත් ඉඩ දුන්නේ නෑ..
ඔව් jung mi සාධාරණයි... එයා ගොඩක් තරහෙන් ඉන්නේ.. එයා හැමවෙලේම කියන්නේ ඕනාවට වඩා කරැණාවන්ත වෙන්න එපා, ඒක නිසා හැමෝම මට රිද්දනවා කියලා... ඒත් අදටත් මට එහෙම නොකර ඉන්න බැරි වුනේ ඒ මං හැදුන විදිහ නිසා.. jung mi එහෙට මෙහෙට වෙනකන් ඉදලා BTS ලා දිහා බලලා හිනාවෙලා ආචාර කලේ එයාලා දුකින් මං දිහා බලලා හිනා වෙද්දී ...
කොච්චර හිනා වෙන්න හැදුවත් , සතුටින් ඉන්න හැදුවත් එහෙම කරන්න බැරි වුනේ මගේ සතුට, මගේ හැමදේම අරන් කෙනෙක් මගෙන් ඈතට ගිය නිසා... මං දන්නවා එයා දැන් මං ගැන හිතන්නේ නැතිව ඇති ,වද වෙන්නේ නැතිව ඇති , මට ආදරේ නැතුව ඇති ඒත් මං තාමත් එදා වගේම එයාට ආදරෙයි.. ඉස්සරහටත් ආදරේ කරයි.. මට එයාට වැරැද්දක් කියන්න බෑ... එයාගේ තැන මං හිටියනම් මටත් ඒ දුකම දැනෙයි... මමයි වැරදි.. මට තිබ්බා එයාට හැමදේම කියන්න.. හිතලා බලලා වැඩ කලා නම් අදටත් අපි එකට...
ඒ හිනාව , ඒ කටහඩ හැමදේම කොයිතරම් මතක් වෙනවද කියලා කියන්න වචන නෑ... එදා ඉදන් අඩන්නේ නැතිව නින්දට වැටුන දවසක් නැති තරම්... මට කොච්චර එයාට කතා කරන්න ඕනේ වුනත් බැරි වුනේ එයාලට කතා කරන්නේ නෑ කියලා jung mi , මගෙන් පොරොන්දුවක් ගත්ත නිසා.. මට එයා ලඟට යන්න බැරි වුනත් අදටත් , අදටත් මං බලන් ඉන්නේ මාව හොයාගෙන, මං ලඟට එයි කියලා..
Taehyung 's pov
දවස් ගනන් ගෙවිලා ගියේ ටිකෙන් ටික මට ජීවිතේ ගැන ආසාවක් නැති වෙද්දී... comeback එක ඉවර නිසා අපිට leave එක තිබ්බේ... හැමෝම relax වෙන්න , විනෝද වෙන්න ඉන්න කාලේ මට එහෙම කරන්න බැරි වුනේ මං මට, මගේ ජීවිතේට වෛර කරන නිසා... මං මටම වෛර කරනවා.. මටත් වඩා මට ආදරේ කරපු මගේ angel ව මං නිසා, මගේ මෝඩකම නිසා, මගේ කාලකන්නිකම නිසා මට නැති වෙද්දී කොහොමද මං මට ආදරේ කරන්නේ....