Part 11

344 65 13
                                    

Taehyung 's Pov

තමන්ගේ ජීවිතේටත් වඩා ආදරේ කරන්න කෙනෙක්ව හම්බවුනාම හැමදේම තිබුනට වඩා වෙනස් වෙනවා.... එතකොට වෙනදා වගේ ඉන්න අපිට අමාරැයි... හැමවෙලේම එයාව මතක් වෙනවා.. එයාව බලන්න ඕනේ වෙනවා... ඊට පස්සේ ඉදන් එහෙමයි ජීවිතේ ගෙවෙන්නේ..

මාත් දැන් ඒ වගේ... මොනදේ කරන්න ගියත් මතක් වෙන්නේ ඒ මූන ... ඒ හිනාව...

වුනේ මොකක්ද කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරැව හිටපු මං එක පාරට බැලුවේ jimin කතා කරපු නිසා.. ඒ ගමන්ම වගේ මං ඇයි කියලා ඇහුවේ එයා කලබලෙන් වගේ නිසා...

" Taehyung ah... මට jung mi කතා කලේ... taehee ,faint වෙලා.. අපි ඉක්මනට යන්න ඕනේ.. "

ඉදගෙන හිටපු මම නැගිටලා දුවන්න ගත්තේ මුලු හිතම අමුතු දුකකින් වැහෙද්දී... මාත් එකක්ම jungkook යි , jimin යි ආවා... අපි ගියේ jung mi ගේ room එකට...

Room එකට ගිය ගමන් මං දැක්කේ මගේ චූටි කෙල්ලව... එතන තිබුන පුටුවකට බර වෙලා ඇස් පියන් හිටපු එයාගේ මුලු මූනම සුදු මැලි වෙලා... මුලු ඇඟම තෙත් වෙලා... කැපුන අතට බැදපු ලේන්සුව ලේ වලින් තෙත් වෙලා තිබ්බත් දැන් ලේ යන එක නතර වෙලා තිබ්බා... ඇස් පියන් හිටියත් එයාගේ මුලු මූනෙම තිබ්බේ ලොකු දුකක්... ඇස් පියවත් නොගහා එයාගේ දිහා බලන් හිටිය මං සිහියට ආවේ කවුරැහරි අඩද්දී..

Jungmi :
අනේ oppa මොනවහරි කරන්නකෝ...එයා ඇස් අරින්නේ නෑ...

Jimin :
Jungmiya එයාට මොනවත් වෙන්නේ නෑ.. Taehyung ah , taehee ව ගන්න.. අපිට hospital යන්න බෑනේ.. අපි taehee ව dorm එකට ගෙනියමු... jungkook ah,  අපේ doctor ට call කරන්න.. දැන්ම dorm එකට එන්න කියන්න.. මං jin hyung ට call කරලා විස්තරේ කියන්නම්..  jung mi ඔයා taehee ගේ බඩු ටික ගන්න... taehyung ah ඉක්මන් කරන්න..

Jimin කිව්ව විදිහට taehee ලඟට ගිහින් එයාව හිමීට මගේ අත් දෙකට අරන් පුලුවන් ඉක්මනින් ගියේ car එකට... හිමීට එයාව මං ගාවින් තියාගත්තේ jungmi ත් අපි ලඟින්ම වාඩි වෙද්දී... කෙල්ල හොදටම අඩනවා.. ඔව් එයා taehee ට ගොඩක් ආදරෙයි.. මං දැකලා තියෙනවා ඒ දෙන්නගේ බැදීම.. jungkook ah , drive කරන්න ගත්තේ jimin එහා පැත්තෙන් නගිද්දී.. මට ඕනේ වුනේ ඉක්මනට dorm එකට යන්න.. යන අතරතුරදී  jimin ah ,jin hyung ට call කලේ ඒ වෙද්දිත් jungkook , doctor ට call කරලා තිබ්බ නිසා..... 

Dreams Came True ❤Wo Geschichten leben. Entdecke jetzt