3 Months laterTaehyung 's pov
කාලය ගෙවිලා යන විදිහ හිතාගන්න බෑ... හැම කෙනෙක්ගෙම ජීවිතේ එක එක කාලයන් තියෙනවා... සමහර කාලයන් තියෙනවා ඒ කාලයන් ගැන හිතන්නවත් කැමති නැති... තවත් සමහර කාලයන් තියෙනවා ඒ කාලය නතර කරලා තියාගන්න හිතෙන.. මාත් ඉන්නේ අන්න ඒ වගේ කාලෙක.. මට මේ හැම දවසක්ම නතර කරලා තියාගන්න හිතෙනවා.. හෙටට හරියටම මාස 3 ක් වෙනවා මමයි , මගේ taehee ආදරේ කරන්න පටන් අරන්... ඔව් හෙට 3 month anniversary එක... මේ මාස 3 පුරාම මං කොච්චර සතුටින්ද හිටියද කියලා හිතාගන්න බෑ... ඒ Taehee නිසා.... එයාගේ ආදරේ නිසා..
එයා තාම චූටි කෙල්ලෙක්.. ඒත් සමහර වෙලාවට මගේ අම්මා වගේ... එක කෑම වේලක් හරි මග ඇරැනොත් අම්මා වගේ බනිනවා... ඒත් සමහර වෙලාවට මං ගාව හුරතල් වෙන්නේ චූටි ලමයෙක් වගේ.. එයාගේ ඒ cute වැඩ දිහා බලාගෙන මට ඕන තරම් කාලයක් ඉන්න පුලුවන්... කොච්චර පොඩි කෙල්ලෙක් වුනත් හැමදේම හොයලා බලලා කරන හැටි , හැමෝම ගැනම බලාගන්න හැටි බලන් ඉන්න ආසයි... හැම වෙලාවකම එයාගේ වටේ ඉන්න අය ගැන එයා ගොඩක් සැලකිලිමත්... ඒ නිසයි හරි ඉක්මනට හැමෝගෙම ආදරේ එයාට ලැබෙන්නේ.. ඒත් එයා මගේ විතරයි.. 🤭🌍❤ ඇත්තටම ජීවිතේ කිසිම දේකට මං මේ තරම් ලෝබ වෙලා නෑ.. ඒත් එයාට මගේ taehee ට මං ගොඩක් ලෝබයි.. මගේම team එකේ members ලා එක්ක වුනත් එයා මට වඩා ලං වෙද්දි මට jealous... ඒ තරම් මං එයාට ආදරෙයි....
මේ ටිකේම එක දිගට shows තිබ්බ නිසා අපි දෙන්නටම එකට ඉන්න බැරි වුනා.. මට වඩා එයා ගොඩක් busy.... මේ ටික දවසේ අපි කතා කලේම නැති තරම්.. ඒත් හැම වෙලේම මට පේන්න එයා ඉන්න නිසා එයා දිහා බලාගෙන හරි හිටියා.. 😔❤
මගේ hair & makeup එක ඉවර වුනාට පස්සේ අපි ලෑස්ති වුනේ show එකට යන්න..
After the show
Show එක ඉවර වෙලා හත් දෙනාම අපේ room එකට ආවේ මැරිලා වගේ.. එක දිගට songs perform කරපු නිසා ඇගට ගොඩක් අමාරැයි.. මාව දාඩියෙන් තෙත් වෙලා හිටියේ.. එහෙම්ම ම පුටුවකට බර වුනේ fan එකත් එක්ක... ඒත් එක්කම මං දැක්කේ water bottles , towels දීලා hyung ලව බලන taehee ව.. හැම show එකක්ම ඉවර වුනාම එයා ඒ දේ කරනවා... ඒත් ඒ හැම වෙලාවකම එයා මං ලඟට එන්නේ අන්තිමට... මොකද එයා හිතනවා මං එයාගේ boyfriend නිසා මං ලඟට මුලින් ආවොත් එයා මට විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා.. hyung ලා වුනත් එහෙම හිතයි කයලා එයා හිතුවා.. එයා කැමති වුනේ නෑ එහෙම වෙනවට.. මොකද එයා hyung ලට සැලකුවේ එයාගෙම සහෝදරයන්ට වගේ.. මට මුලදි අවුල් ගියත් පස්සේ තේරැනා ඒක ඇත්ත කියලා...