Taehee 's pov
අද මගේ ජීවිතේ වැදගත් දවසක්... අද මගේ , oppa ගෙයි 3rd month anniversary එක.... ගොඩක් දවස් ඉදන් බලන් හිටියා මේ දවස එනකන්... මාස තුනක් කියන්නේ ඇත්තටම ටිකක් ලොකු කාලයක්.. මට oppa ත් එක්ක ඉන්න හැම දවසම special ... ඒත් අද extra special .. කොච්චර වැදගත් දවසක් වුනත් , ඒක එකතු වෙලා සමරන්න බලන් හිටියත් ඊයේ ඉදන් මගේ හිතට හරි නෑ.. මොකද ඊයේ මං oppa ගෙන් අද දවස ගැන ඇහුවත් එයාට ඒක special දවසක් වුනේ නෑ.. එයාට අද දවස ගැන මතකයක් තිබ්බේ නෑ.. මං හිතුවෙ එයා මාව surprise කරන්න එහෙම කරනවා කියලා.. මොකද එයා ඒ වගේ දේවල් කරන නිසා..
හරියටම දවස පටන් ගන්න වෙලාවෙම මං එයාට call කලත් , msg කලත් එයා ඒ කිසිම දේකට reply එකක් දුන්නේ නෑ... මුලු රෑ පුරාම මට නින්දක් තිබ්බේ නෑ... මොකද මං හොදටම දන්නවා එයා ඇහැරිලා කියලා.. ඒත් එයා හැම call එකක්ම , හැම msg එකක්ම මගහැරියා... දුකටම පාන්දර වෙනකන් ඇඩුවේ මට චූටි දෙයක් වුනත් දරාගන්න අමාරැ නිසා...
උදේ නැගිට්ට ගමන් phone එක අරන් බැලුවේ එක msg එකක් හරි ඇවිත් ඇති කියලා.. ඒත් එකම එකම msg එකක්වත් තිබ්බේ නෑ... jung mi ට office යන්න කියලා මං ගෙදරම හිටියේ වැඩ කරන්න තරම් හිතට හරි නැති නිසා.. ඇදටම වෙලා phone එක දිහාම බලන් හිටියේ ඒ කටහඩ අහන්න ආසාවෙන්.. සැරෙන් සැරේට msgs දැම්මේ එකක් හරි බලයි කියලා හිතලා.. දවසම ගෙවිලා ගිහින් හවස් වෙන්න ආවත් එයාගෙන් කිසිම දෙයක් ලැබුනේ නෑ.. අඩලා අඩලා හෙම්බත් වෙලා හිටියත් , කොච්චර දුක හිතුනත් හිතේ තාමත් චූටි බලාපොරොත්තුවක් තිබ්බේ දැන් හරි එයා කතා කරයි කියලා..
දවසම ගෙදරම හිටියත් හිතට වගේම , ඇඟටත් දැනුනේ ලොකු මහන්සියක්.. Wash එකක් දාගෙන කෑම හදන්න ගත්තේ jung mi එන වෙලාවත් හරි නිසා...
" Taehee මං ගෙදර "
දොර ඇරන් ඇතුලට ආපු jungmi කෑ ගැහුවා.." Wash දාගෙන එන්න... මං කෑම හැදුවා.. "
" හරි.. "
Jung mi , wash දාගෙන ආවට පස්සේ අපි දෙන්නම ලෑස්ති වුනේ කෑම කන්න.. වෙනදට කෑම කද්දි තියෙන කෑ ගැහිලි මුකුත් අද තිබ්බේ නෑ..
" Taehee "
මුලු ගෙදරම තිබ්බ නිහඩ බව නැති කරලා jungmi කතා කලා.." ම්ම්..... "