Part 4

361 64 0
                                    

Jung mi's pov

K drama එක බලන්න ගත්ත මට නින්ද ගියේ ආයේ මගේ oppa ව හීනෙන් දකින්න හිතාගෙන... ටික වෙලාවකින් කන ලඟින්ම මට ඇහුනේ Jungkook oppa ගේ Europhia song එක.. ඒත් එක්කම ලස්සන හීනෙක අතරමන් වෙලා හිටපු මං ආයේ මේ ලෝකෙට ආවේ Taehee , Call එකක් කියලා කෑගහද්දි...

මගේ නින්දට බාධා කරපු තරහත් එක්ක  call එක answer කරපු මං එක පාරට ඉන්ද වුනේ 180C° මාව රත් වෙද්දී...

IN THE PHONE CALL..

" Yeoboseyo "

Unknown :
" Yeoboseyo, kim jung mi ?

" ආ.. දේ.. නුගුසේයෝ..."
( ආ.. ඔව්.. කවුද මේ..)

Unknown :
" ආ.. මම lee junghyun..  from bighit company. මම කතා කලේ , අපි ඔබගේ අයදුම් කිරීම ගැන සලකා බැලුවා.. ඒ සදහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය අනිද්දා උදේ 11 ට , bighit company hall num.5 වල පැවැත්වීමට නියමිත බව දැනුම් දීමට.. "

" Oh..  omo.. omo.. ආ.. දේ.. ... කම්සමීතා... කම්සමීතා... "

Call එක cut කරපු මගේ ඇස් වලින් කදුලු ගලාගෙන ගියේ මට කෑ ගහලා ඇඩෙද්දී... ඉස්සරහ හිටපු Taehee ව බදාගෙන මං ඇඩුවේ හිතේ තියෙන සතුට කදුලු විදිහට පිටවෙද්දි..

අඩලා මං ඔලුව ඉස්සුවේ තවමත් මොකද උනේ කියලා හිතාගන්න බැරිව බය වෙලා බලන් ඉන්න Taehee දිහා බලන ගමන් ....

"Jung mi ya... 😔 මොකද මැණික වුනේ... කවුද call කලේ.. ඇයි ඔයා  අඩන්නේ... " මගේ කදුලු පිහිදපු taehee ඇහුවේ ගොඩාක් කරැණාවන්ත විදිහට... 

" කතා කලේ bighit එකෙන්.. අනිද්දට interview එකට එන්න කිව්වා.." Taehee දිහා බලාගෙන මං එකපාරට කිව්වා...

බලාගෙන ඉද්දි taehee ගේ ඇස් ලොකු වුනේ ඇස් බෝල දෙක එලියට එන තරමට...

"යා චින්චා ??? " taehee ඇහුවේ ඇස් බෝල දෙක කරකවන ගමන්..

"හ්ම් " මං කිව්වේ කොච්චර සතුටු වුනත් , Taehee ට තාම call නොකර නිසා ඇතිවුන දුකත් එක්ක...

" ඔන්න කෙල්ලේ අනිද්දා ඉඳන් ඔයාගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න හඳන්නේ... ඔයා මෙච්චර කල් බලාපොරොත්තුවෙන් හිටපු දේ ඇස් ඉස්සරහටම ඇවිත් .... ඔයා මෙච්චර කල් ගොඩාක් දුක් වින්දා... මේ ඇවිත් තියෙන්නේ ඔයාගේ හොඳ කාලේ... තේරැණාද මෝඩ කෙල්ල "
Taehee කිව්වේ මගේ ඇස් දිහා බලාගෙන..

කදුලු නිසා ඒ ඇස්  දිලිසෙනවා... ඒ දිලිසෙන ඇස් වල තිබ්බේ ලොකු සතුටක්... එයාට මතකවත් නෑ එයාට call කලේ නෑ කියලා... ඒ එක්කම මං ආයේ taehee ව බදාගත්තේ මට පවුලකට කියලා ඉන්නේ එයා විතරයි නේද කියලා හිතමින්...

Taehee 's pov

ලෝකේ හැම කෙනෙක්ම හිතන , පතන හැම දේම ඒ විදිහටම එයාලට ලැබුනනම් මේ ලෝකේ ගොඩාක් ලස්සන තැනක් වෙන්න තිබ්බා... ඒත් අපි දෙයක් ලබාගන්න අවංකව ම මහන්සි වෙලා ඒ වෙනුවෙන්ම කැප වුනොත් අපිට ඒ දේ කවදාහරි ලබාගන්න පුලුවන්...

සීතල හුලඟක් ඇවිත් මගේ කෙහෙරැලි සිපගනිද්දී කල්පනා ලෝකෙන් එලියට ඇපු මම බැලුවේ මුහුදේ රැලි එක්ක සෙල්ලම් කරන jung mi දිහා... එයා සතුටින් ගොඩාක්...

හැමදාම වගේ අපි දෙන්නා එදත් ආවේ beach එකට.... වෙලාවක් තියෙන හැම වෙලාවකම beach එකට එන එක ඒ වෙනකොටත් අපේ පුරැද්දක් වෙලා තිබ්බා...

හෙට යන්න තියෙන Interview එකට යන්න ඇදුම් දෙකක් ගන්න ගියේ එකතු කරපු සල්ලි ටිකක් තිබ්බ නිසා...
ඔව් Jung mi ට වගේම මටත් එයාලා කතා කරලා Interview එකට එන්න කියලා කියද්දී මගේ ඇස් තෙත් උනේ ඉබේටමයි.... අපි දෙන්නට අද තරම් සතුටක් කවදාවත් දැනිලා නෑ...
මොකද ඒ සතුට පිටිපස්සේ කවුරැත් නොදන්න කදුලු කතාවක් හැංගිලා තිබ්බ නිසා....

හෙට දවස ගැන හිතලා ලොකු හුස්මක් ගත්ත මං බැලුවේ හරිම නිදහසෙන් නැගෙන බිඳෙන රළ දිහා....

To be continued....

Dreams Came True ❤Where stories live. Discover now