Taehee 's pov
සති දෙකක් ගෙවුනේ හරිම වේගෙන්... මගෙයි , Tae ගෙයි අතර ප්රශ්න හැමදේම ඉවර වෙලා මං ආයෙම වැඩ වලට ආවේ හැමදේම හොදට සිද්ධ වෙද්දී....
Oppa ලා හැමෝම වගේම මම , jungmi ත් ගොඩක් busy වුනේ Bts comeback එක නිසා... මටවත් , oppa ට වත් අපි දෙන්නට දෙන්න වෙලාවක් නැති වුනේ ඒ තරම් වැඩ වලට අපි හිර වුන නිසා...
මේ දවස් ටිකේම මගේ හිතට හරි නැත්තේ මට එයා එක්ක ඉන්න බැරි වුන එක වගේම , ඊයේ රෑ මං දැකපු නරක හීනේ නිසා.. අද ඉක්මනටම මගේ වැඩ ඉවර කරලා Tae ව හොයන් ගියේ හිතේ ඇති වෙච්ච අමුත්තට ....
Taehyung 's pov
දවස් ගානක් එක දිගට වැඩ කරලා හැමෝම හිටියේ හොදටම මහන්සියෙන්... ගොඩක් කාලෙකට පස්සේ break එකක් ලැබුන නිසා restroom එකට ආවේ rest කරන්න හිතාගෙන .. වැඩ ඉවර වුන වෙලේ ඉදන් taehee ව හෙව්වත් හොයාගන්න බැරි වුනේ එයත් හොදටම වැඩ වලට හිර වෙලා නිසා... අපි දෙන්නා අතර වුන ප්රශ්නත් එක්ක අපේ බැඳීම තවත් ශක්තිමත් වුනා කියලයි මට හිතුනේ... Taehee මට ගොඩක් ලං වුනේ පොඩි ලමෙක් වගේ මගේ උනුහුම හොයද්දී...
ඒත් එක්කම මට දැනුනේ මගේ ඉන වටේ චූටි අත් දෙකක් එතෙනවා... සුවදින්ම මං අදුරගත්තේ මගේ angel ව..
" Baby "
එයාට කතා කරන ගමන්ම එයාගේ පැත්තට හැරැන මං එයාව මගේ පපුවට තද කර ගත්තේ එයා වගේම , මාත් ඒ උනුහුම ගොඩක් හොයපු නිසා.. ඒ එක්කම මට දැනුනේ මගේ shirt එක තෙත් වෙනවා වගේ..
" Baby.. ඔයා අඩනවද ? ඇයි මැණික.. මං මොනවාහරි කලාද... ඔයාට සනීප නැද්ද.. කියන්නකෝ "
මගේ පපුවේ ඉදන්ම එයා ඔලුව වැනුවේ නෑ කියන්න... මගේ පපුවෙන් එයාව ඈත් කරපු මං එයාගේ කදුලු පිහිදුවේ ඒ නලලට හාදුවක් තියන ගමන්... එයාගේ අතින් අල්ලන් ලගම තියෙන couch එකට එක්කන් ගිය මං , මගේ කකුල් අතරින් එයාව තියාගත්තේ ඒ අත් නිකන්ම මගේ බෙල්ලේ එතෙද්දී....
" ඇයි ඇඩුවේ.. හ්ම්.. "
ඒ සිනිදු කොණ්ඩේ අතර ඇගිලි යවන ගමන් මං අහද්දී , කදුලු පිරැන ඇස් වලින් එයා මං දිහා බැලුවේ යටි තොල දත් වලින් තදින් හපන ගමන්..
KAMU SEDANG MEMBACA
Dreams Came True ❤
Fiksi Penggemarදුක ,තනිකම විතරක් උරැම වු මගේ ජීවිතයට වසන්තය එවිද ??