Taehyung's pov
ඊයේ රෑ පුරාම taehee එක්ක කතා කලේ දන්නෙම නැතිව අපි දෙන්නටම නින්ද යද්දී.... උදෙන්ම නැගිටලා company එකට පිටත් වුනේ taehee ව දකින්නේ දවස් දෙකකින් නිසා... දවස් දෙකක් වුනත් ඒක මට දැනෙන්නේ අවුරැද්දක් වගේ... මං මේ කෙල්ලට කොච්චර නම් ආදරේ කරනවද කියලා හිතුනේ මූනට හිනාවක් එද්දී... ඒත් ඒ හිනාව නිකන්ම මැකිලා ගියේ company එකේ carpark එකේ කොනටම වෙන්න එකිනෙකාව තදින් බදාගෙන හිටපු couple එක දැකලා...
Taehee...
ඔව් ඒ එයා.. තව පිරිමි කෙනෙක්ව තදින් බදාගෙන ඉන්නේ මගේ ආදරේ.. මගේ හැමදේම.. ඒක දැක්ක ගමන් මට දැනුනේ පපුවෙන් ලොකු රිදිල්ලක්... ඒත් එක්කම ඇස් වලින් කදුලු ගලන් ගියේ දකින දේ ඇත්ත නෙමෙයි කියලා හිත කෑ ගහලා කියද්දී.... එයාලා එකිනෙකාගෙන් ඈත් වෙද්දී මං ඉක්මනටම company එකට ගියේ හිත එක එක දේවල් කියද්දී...
එහෙම්ම ම කවුරැත් නැති rest room එකට ගිය මං phone එක අරන් taehee ට call කලා..
In the call
Taehee :
" Oppa "Taehyung :
" oh.. taehee.. කොහෙද ඉන්නේ.. "Taehee :
" ආ.. මං මේ.. company එකට එන ගමන්.. "Taehyung :
" ආ... තාම company එකට ආවේ නැද්ද.. ? "Taehee :
" තාම නෑ oppa.. ඔයා ආවද ? "Taehyung :
" ම්.. ඔව්.. පරිස්සමෙන් එන්න එහෙනම්.. "Taehee :
" හරි.. "පලවෙනි වතාවට එහෙනම් එයා මට බොරැ කිව්වා.. මගේ ඇස් දෙකෙන්ම දැකලත් , කන් දෙකට ඇහිලත් මගේ හිත තාම පිලිගන්න ලෑස්ති නෑ.. සමහරවිට මට වඩා ඒ කොල්ලා එයාට ආදරේ ඇති.. මං කලේ එයාට රිද්දපු එක.. එයාට මාව එපා වෙන්න ඇති.. ඒත් එයා කොහොමද මට මෙහෙම කරන්නේ.. මං කොහොමද එයා නැතුව ඉන්නේ.. මේ හැමදේමත් එක්ක අත් දෙකට මූන හිරකරන් හොදටම ඇඩුවේ හැම දුකක්ම හේදිලා යන්න..
ටික වෙලාවක් එහෙම්ම ම ඉදලා ආපහු හැරැනේ dorm එකට යන්න.. මේ වෙලාවේ මට taehee ව හම්බවෙන්න උවමනාවක් තිබ්බේ නෑ.. members ලා ඔක්කොම dorm එකේ ඉද්දී මං විතරක් ආවේ taehee ව බලන්න ඕනේ නිසා..
At the dorm
Dorm එකට ඇවිත් නිදාගෙන නැගිට්ටද්දී හවස් වුනත් එකම එක call එකක්වත් taehee ගෙන් ඇවිත් තිබ්බේ නෑ.. අඩු තරමේ මං company එකෙන් ආවද කියලා අහලාවත් msg එකක්වත් තිබ්බේ නෑ... මොකක්හරි ලොකු දෙයක් වෙන්න යනවා කියලා හිත කියද්දී wash room එකට වෙලා ඇඩුවේ taehee ගේ හැම මතකයක්ම ඇස් ඉස්සරහ මැවෙද්දී....