The Dumb Moon ( Part 01)

1.2K 225 4
                                    


මාමාටත් හොරෙන්ම නිම්හි අදත් audition  එකකට ආවේ ගිය මාසේ පත්තරේ දැක්ක දැන්වීමට අයදුම් කරලා ගෙදරට ආපු ලියුම නිසා.. බිදවැටුන බලාපොරොත්තු අලුත් කරගෙන JYP Entertainment එකේ Auditorium  එකේ එලියේ Application එකත් අතේ තියාගෙන නිම්හි බලාගන හිටියේ එතනට ඇවිත් තිබුණ අනිත් ලමයි දිහා.. කවදා හරි දවසක K- Pop girl group  එක්ක සමාජිකාවක් වෙන්න නිම්හි හීන දැක්කා.. ඒත් නිම්හිගේ දෛවය  ඒ හීන වලින් නිම්හිව ඈත් කලේ උපතින්මයි..

" ජන්ග් නිම්හී කියන්නේ කව්ද?"

දොර ගාව professional look එකක් තිබුන ගෑනු කෙනා නිම්හිගේ නම කියද්දී නිම්හි හිටිය කල්පනාවෙන් මිදිලා එයා ගාවට ගියා..

" ඔයාද ජන්ග් නිම්හී කියන්නේ.."

නිම්හි ඔලුව වැනුවේ ඒ දෙය අනුමත කරමින්..

" මොකද ලමයෝ කතා කරන්න බැරිද.. ගොළුද..??  හ්ම්ම්ම්.. හ්ම්ම්ම්.. යන්න ඇතුලට... "

ඒ අහපු දෙයින් නිම්හිගේ හිත චලනය උනේ හිතේ ශක්තිය මදක් හීනී කරමින්.. ඒත් හිතට ශක්තිය ගත්ත නිම්හි ඇතුලට ගියේ අද නම් කොහොම හරි තමන්ගේ හැකියාව පෙන්නනවා කියලා හිතාගන..

නිම්හි ඇතුලට ආවාම විශාල auditorium එක්ක ඉස්සරහ ප්‍රවීණ කියලා කියන්න පුළුවන් ගායකයෝ දෙන්නෙක් එක්ක තවත් රටේ ප්‍රවීණ  නර්තනයෙන් හිනිපෙත්තටම ගිය idol ලා දෙන්නෙක් එක්ක තව කීපදෙනෙක්ම පහල ඉදන් stage එකේ හිටපු නිම්හි දිහා බලාගන හිටියේ..

" Ok Hi.. නිම්හී.. එහෙම නේද.. ඔයාට අවුරුදු 15 නේද? හොදයි ඔයා application  එකේ දාලා තියෙන්නේ vocal sing and dancing  දෙකම පුලුවන් කියලා.. හරි අපිට කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක්..."

හැමදාමත් වගේ නිම්හී හිරවෙන තැන.. කොහොමද මේ දේවල් කියන්නේ..

" හරි මට පේන්නේ මෙයා බය වෙලා ඉන්නේ.. කමක් නෑ මුලින්ම ඔයා සින්දුව කියන්නකෝ එහෙනම්.. "

එහෙම කිව්වේ එතන හිටපු රටේ ප්‍රවීනම vocal singer .. නිම්හි ඒත් එක්ක එයාට හිස නමලා ආචාර කරලා mic එක අතට ගත්තේ කවදාවත් නැතුව එයාට අද මුලින්ම සින්දුව කියන්න අවසර දීපූ නිසා..

නිම්හි ඇස් දෙක වහගනම සින්දුව කියන්න පටන් ගත්තා..

"Heal the world make it a better place for you and for me and entire human... "

THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙Where stories live. Discover now