කොච්චර වෙලාවක් ජින්ව මෙහෙම ලඟින් තියාගන හිටියද කියන්න නිම්හී දැනගන හිටියේ නෑ.. ඒත් නිම්හිගේ ගැහෙන පපුව ඇතුලේ පුංචි දරුවෙක් වගේ ජින්ට නින්ද ගිහින් තිබුණේ..." ඔප්පා... අපි ඇඳට යමු... ඔයාට මෙහෙම අමාරුයි නේ.. ම්ම්.. කෝ ඔයා නිදිද.. හරි එහෙනම් මේ අලි බබාව මන්ම එක්කන් යන්නම්කෝ.. "
නිම්හී එහෙම්ම ජින්ගේ ඔලුව උස්සලා ජින්ගේ අත නිම්හිගේ උරහිසට දාගන ජින්ව ඇඟට බර කරගෙන අමාරුවෙන් කාමරයට ඇවිත් ජින්ව ඇඳෙන් ඉන්දුව..
" බෑ බෑ.. මට යන්න බෑ මාව යවන්න එපා.. "
ජින් තාමත් මත් උන විකාරයෙන් වගේ කියවද්දී නිම්හී ජින්ව අල්ලගන එයාගේ ජැකට් එක ගලවලා ඇඳෙන් නිදිකරවලා සපත්තු ගලවලා කකුල් දෙකත් ඇඳෙන් තියලා ගිහින් උණුවතුර එක්ක තුවායක් අරන් ආවේ ජින්ව ටිකක් තෙතමාත්තු කරන්න කියලා.. ජින්ගේ අත් කකුල් මූණ ටිකක් පිහදාලා නිම්හී ජින්ට බ්ලැන්කට් එක පොරවලා phone එක අරගන්න යද්දී ජින් ආයේ කතා කලා..
" නිම්හී... "
" දේ ඔප්පා... "
" සරන්හෙයො චොන්මල්... "නිම්හී ජින් දිහා බලාගෙන හිටියේ මහ අනුකම්පාවකින්.. නිම්හී phone එකත් අරගන ජන්ග්කුක් ට ගත්තේ ජින් මෙහේ කියලා කියන්න.. ඒ ජන්ග්කුක් phone එක answer කලේ නැති නිසා නිම්හී ටේහයුන්ග් ට ගත්තා..
" යෙබසයෝ ඔප්පා.. මන් නිම්හී.."
" අහ් දේ දේ නිම්හී.. " ටේහයුන්ග් හිටියේ හොඳටම නිදිමතේ.. යාන්තමට ඇස් ඇරගෙන වගේ ටේහයුන්ග් කතා කලා..
" ජින් ඔප්පා... මෙහේ ආවා.. "
" අහ්.. හා හා.. ම්වෝ... මොකක්ද කිව්වේ ඔහේ ආවා.. යා හයොන්ග් මටත් හොරෙන් පැනලද.. යීෂ්... "
" ඔප්පා එයා දැන් හොඳටම නිදි.. ඔයාලා හෙටම එන්න එයා එක්කන් යන්න.. මොකද දැන් තදටම එයාට නින්ද ගිහින් "
" හරි නිම්හී අපි හෙට එන්නම්.. ම්ම්.. නිම්හී ඔයාලා දෙන්නා හොඳින් නේද.. ඔයා හොඳින් නේද.. "
" හ්ම්ම්.. දේ ඔප්පා.. මේ ජින් ඔප්පගේ අත නම් ටිකක් තුවාල උනා වීදුරකට.. "
" අනේ නිම්හී හයොන්ග් හොඳින් නේද.. "
" දේ දේ ඔප්පා එයා හොඳින් "
" හරි නිම්හී ඕනම දෙයකට කතා කරන්න අපි තුන් දෙනා මෙල්බන් වලමයි ඉන්නේ.. හොඳද.. "
" හා මන් කතා කරන්නම්.. "
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanfictionහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna