නිම්හි හිටියේ බිදිලා ගියපු බලාපොරොත්තු නිසා ගොඩක් දුකින් වගේම කුමාරයෙක් වගේ ලස්සන ජින්ගේ ආදරණීය වචනත් සිහි කරන ගමන්.. වෙනදට වගේම නිම්හිට නින්ද අහලකටවත් ආවේ නෑ.. හෙට ඉදන් පටන් ගන්න College life එක කොහොම වෙයිද කියලා හිතේ චකිතයකින් ඉද්දී පාන්දර වෙන්න වගේ නිම්හිට නින්ද ගියා..අනිත් පැත්තෙන් ජින්ටත් එදා දවසම නින්ද නොගියේ නිම්හිවත් ඒ ඇස් වල පිරිලා තිබුණ කදුලුත් මතක් වෙලා.. කවදාවත් නැති තරම් ජින්ගේ හිතට නිම්හිව කා වැදුනා..
අඩ නින්දෙදිම ජින්ට ඇහැරුනේ එලාම් එකේ සද්දෙට.. අද ජන්ග්කුක් college යන දවස කොල්ලට කෑම හදලා අනිත් පිස්සෝ ටික ඇහැරවන්න තියෙන්නේත් ජින්ට.. සේජින් හයොන්ග් එන්න කලින් හැමදේම ලෑස්ති කරලා තියන්න ජින් පුරුදු වෙලා හිටියා.. නිදිමතේ යද්දිත් kitchen එකේ හිටපු යුන්ගී ව දැකලා ජින් එකපාරටම බය උනා..
" යා.. කම්චක්‍යා.. යුන්ගියා පිච්චෙස්සෝ මොකද කරන්නේ පාන්දර ඇහැරගෙන.. "
" මියානෙයෝ හයොන්ග් ඔයා හැමදාම තනියම වැඩ ඔක්කොම කරනවා අද ඉදන් ඔයාට මාත් ඉන්නවා.. "
" අනීයා.. යුන්ගී ගිහින් නිදාගන්න.. මන් මේවා බලන්නම්.. "ඒත් යුන්ගී ගියේ නෑ.. කොහොම හරි යුන්ගී ගිහින් හැමෝටම කතා කලා.. කවදාවත් නැතුව කියද්දිම නැගිට්ටේ ටේහයුන්ග්.. යුන්ගී දැනන් හිටියා ඊයේ බැන්න නිසා ටේහයුන්ග් ඉන්නේ දුකෙන් කියලා.. ඒ වගේම ජන්ග්කුක් නැති නිසාත් කොල්ලට තවත් දුකයි කියන්න හැමෝම දන්නවා..
" ටේහයුන්ගී හයොන්ග් මන් යනවා.." ජන්ග්කුක් ලෑස්ති වෙලා ටේහයුන්ග් ට කතා කලේ යනවා කියන්න.. එතකොටත් ටේහයුන්ග් හිටියේ හොදටම දුකෙන්.. යුන්ගී ඒත් එක්කම ගිහින් ටේහයුන්ග් ගාව ඉදගත්තා..
" දැන් ඔයා හයොන්ග් එක්ක තරහද.. "
" අනී මියානෙයෝ මන් ජන්ග්කුක් ට ආයේ කරදර කරන්නේ නෑ.."
" හ්ම්ම්.. දැන් යන්න.. මල්ලි ඔයා එනකන් බලාන් ඉන්නේ.. එයාට දුක හිතෙයි ඔයා ආවේ නැතොත්.. "එදා ඉදන් හැමදාමත් ජන්ග්කුක් college ගියා අනිත් අය practice ගියා.. ජන්ග්කුක් college ඉවර උන ගමන් practice ආවා..
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanficහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna