" හයොන්ග් හයොන්ග් නැගිටින්නකෝ... හයොන්ග් "
ජන්ග්කුක් සෙටිය උඩ නිදාගන හිටපු යුන්ගිව ඇහැරුවේ ජින් ගාල කඩාගන දිව්වා කියලා කියන්න.. ජන්ග්කුක් හිටියේ හොදටම බය වෙලා..
" ගාල කඩාගෙන දිව්වා.. "
" මොකක් කොහෙද හරක් ඉන්නේ මෙහෙ.. "
" අයියෝ හරක් නෙමේ හයොන්ග්.. ජින් හයොන්ග් එකපාරටම දිව්වා පාර පැත්තට තනියම.."අඩමාණෙට ඇස් ඇරන් හිටපු යුන්ගී එකපාරටම නැගිට්ටේ ජින් හයොන්ග් මේ වෙලාවේ කොහේ දිව්වද කියලා හිතාගන්න බැරුව..
" ඔයාට කිව්වේ නැද්ද කොහෙද යන්නේ කියලා.. "
" අනියා හයොන්ග් එයා එකපාරටම දිව්වේ.. "
" ඇයි මොකක්ද උනේ.." නම්ජුන් එහෙම අහගන සාලයට ආවේ දෙන්නගේ සද්දය නිසා.
" නම්ජුනා ජින් හයොන්ග් කලබලෙන් එලියට දුවලා.. ඇයි දන්නෙ නෑ.. "
" මොකක්.. ඉන්න මන් හයොන්ග් ට call එකක් ගන්නම්.. "" ෂැට් හයොන්ග් ගේ phone එක මෙන්න මෙතනනේ.. මොකක්ද එකපාරටම උනේ.. සිහියක් නැතුව දිව්වේ මොකටද.. "
" අපි කලබල නොවී ඉමු නම්ජුනා හයොන්ග් එයි නේද.."
" හයොන්ග් කෝ ජන්ග්කුක්... "
" යන්න ඇති ඕපාදූපේ කියන්න අර පිස්සෝ දෙන්නා ගාවට.. "එහෙම කියලා යුන්ගි කාමරේ පැත්තට ගියත් නම්ජුන් හිටියේ ජින් ගැන බයෙන්.. පහුගිය ටිකේම කොච්චර හිනා වෙලා හිටියත් තනි උනාම ජින් මහ අමුතු විදියට කල්පනා කරනවා නම්ජුන් දවස් දෙක තුනක්ම දැක්කා.. හයොන්ග් ට මුකුත් ප්‍රශ්නයක් ද කියලා නම්ජුන්ට බය හිතුනා.. එතකොටම කාමරේ පැත්තෙන් යුන්ගී පොඩි උන් තුන්දෙනාටයි හෝසොක්ටයි කෑ ගහනවා ඇහුනා..
" යනවා හතරදෙනාම ගිහින් නිදාගන්නවා මගෙන් ගුටි නොකා.. "
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කලබලකාරී සෝල් අහස යට හදවතේ ගිනිපුපුරු නැගෙද්දී ජින් ආතක් පාතක් නැතුව දුවගන ආවා උනත් කරන්නේ මොකක්ද කියලා ජින්ට හිතාගන්න බැරි උනා..
" නිම්හී ඔයා ඉන්න තැනට මන් එන්නද.. චේබල් තනියම අඩන්න එපා පැටියෝ.. "
ජින් ලග තිබුණ බිත්තියට අත තියාගන තමන්ටම කියාගත්තේ ජින්ගේ හිතේ නිම්හී ගැන තිබුණ හැගීමත් එක්කම එයා තනියම විදවලා කියලා දැනෙද්දී තමන්ගේම කෙනෙක්ගේ දුකක් දැනෙන තරම් වේදනාවක් ජින්ට දැනුන නිසා..
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanfictionහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna