" නැගිටින්න නිම්හී චේබල්.. මෙහෙම අඬන්න එපා.. ඔයා සනීප උනා විතරනේ.. කෝ නැඟිටින්න.. "" ඔයා යන්න ජන්ග්කුක් ඔයාගේ හයොන්ග් ඉන්නේ හොඳින් නෙමේ.. එයාගේ ඇස් වල ඒ කියපු එකම වචනයක්වත් තිබුණේ නෑ.. පුළුවන් නම් එයා එක්ක ඉන්න.. මන් කොහොම හරි හැමදේම දරාගන්නම් කලින් වගේම.. "
" හරි මන් හයොන්ග් ගාවට යන්නම්.. මන් පොරොන්දු වෙන්නම්.. ඒත් අපි දැන් ගෙදර යමුකෝ.. හොඳ ලමයනේ නැගිටින්න.. ම්ම්.."
ජන්ග්කුක්ට වත්තම් වෙලා නිම්හී නැගිටලා ජන්ග්කුක් එක්කම ගෙදරට ආවේ ජින් මොනවා වෙලා මෙහෙම වෙනස් උනාද කියලා හිතාගන්න බැරුව.. නිම්හිව ගෙදරට එක්කන් ඇවිත් ජන්ග්කුක් ගියේ නැත්තේ මේ වෙන හැමදේම දැනගන්න ජන්ග්කුක් ට තිබුණ උවමනාව නිසා..
" ජන්ග්කුක් ඔයා යන්න මන් හොඳින් "
" මේ අහනවා නිම්හී.. වෙන ඕන කෙනෙක්ට බොරු කියාගන්නවා හැබැයි මට නැතුව.. කියන්න මට මොනවද මේ ඇයි මේ කිසි දෙයක් මන් දන්නේ නැත්තේ.. අහ්.. "නිම්හී හොද සුසුමක් එක්කම කතාව ජන්ග්කුක් ට කියන්න ගත්තා. ජින්ව හම්බුන දවසේ ඉඳන් අද වෙනකන්ම හැම සිදුවීමක් ම නිම්හී ජන්ග්කුක් ට කිව්වා.. එයාලා ආදරය කරපු හැටි ජින් කිව්ව දේවල් මේ හැමදේම නිම්හී ජන්ග්කුක් ට කිව්වා..
" එතකොට අපි debut උන කාලේ හයොන්ග් එකපාරටම දිව්වේ ඔයාව හොයන්නද.. එතකොට හැමදාම ඔයා ගාවට ආවයි කියන Angel අපේ ජින් හයොන්ග් ද.. එතකොට ඒ නිසාද හැමදාම මන් ඔයා එක්ක කතා කරද්දී ජින් හයොන්ග් මන් ගාවට එන්නේ.. එතකොට ඒ නිසාද හයොන්ග් මගෙන් ඇහුවේ ඔයා ගැන ආදරයක් ඇති වෙලාද කියලා එතකොට ඒ නිසාද."
" මේ ජන්ග්කුක් එක පාරකට එක ප්‍රශ්නයක් අහනවද.. මොන මගුලක්ද... මේක වක්කඩ වගේනේ.. "
" යා තමුසේ නිසානේ ඕයි මන් මෙ හොල්මන් වෙලා ඉන්නේ.. හයොන්ග් මට කිව්වෙත් නෑ ඔයා කිව්වෙත් නෑ.. මේක මහ නවනිංගිරා වැඩක් අප්පා.. ශිට් ටේහයුන්ග් හයොන්ග් ජිමින් හයොන්ග් දැනගත්තොත් මාව ලැජ්ජ කරලාම ඉවර කරයි. "
" මේ... මන් මේ ඔලුව ගිනි අරන් ඉන්නවා.. ඔයාට දැන් ප්‍රශ්නේ ඔය හයොන්ග්ලා හිතනදේ ගැන නම් ඒක විසඳගෙන ඉන්න.. ඇයි අනේ යාලුවොත් දැක්කා මෙහෙම හිපාටුවෙක් නම් දැකලා නෑ.. "
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanfictionහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna