ජින්ගේ සිතිවිලි ජින් එක්කම පොරබදිද්දී කාමරයෙන් ඇතුලු උන මූණ දැකලා ජින් කලබලෙන් නිම්හිගෙන් ඈත් වෙලා එතනින් නැගිට්ටා..
" නිම්හී.. දුව.. මොකද මේ උනේ.. "
" මා.. මා.. "
" හරි දැන් මාමා ආවනේ ඔක්කොම හරී.. මොකක් කරන්න ගිහින් ද ඔයාව කලන්තේ දැම්මේ.. ම්ම්.. "
" අන්.. නීයා.. අප්.. අපී හ්..හැංගිමුත්තන් ක්..කලා එතකොට උ.නේ.. ජින් ඔප්පා හිටියනේ... ඉතිං මන්.. හොදින් "නිම්හී ගොත ගගහා කියද්දී ජින් හිටියේ පුදුම බයකින්.. ජින්ගේ ඔලුවේ ප්‍රශ්න කෝටියක් විතර දුවද්දී .. ඒ විතරක්ම නෙමේ..නිම්හී සැහැල්ලුවෙන් මාමා එක්ක කතා කරන එකත් පීඩී නිම් කිසිම දෙයක් නොකියා සන්සුන්ව කතා කරන එකත් පීඩී නිම් කොහොමද මේක දැනගත්තේ කියන එකත් ජින්ට ප්‍රශ්නයක් උනා..
" හරි මගේ දුව දැන් ඔක්කොම හරී.. ම්ම්.. "
පීඩී නිම් නිම්හී ගේ හිස මෘදුව පිරිමැදලා ජින් දිහා බැලුවා.. ජින් පුදුමෙන් බලාන් ඉන්නවා එයා දැක්කා.." වෙලාවට ජින් හිටියේ.. කුමාවෝ ජින්.. "
" අනී ග්වෙන්චනා පීඩී නිම්.."
" නිම්හී මායි ජින් අපි දෙන්නා doctor ව හම්බෙලා එන්නම්.. ඔයා එතකන් මෙතන ඉන්න.. "
" අ..අනේ.. ජින්.. ඔ..ඔප්පව එ..එක්කන් යන්නේ ඇයි?"පීඩී නිම් හිනා වෙලා නිම්හී දිහා බැලුවා..
" මන් දන්නේ නෑනේ ඔයාව බලපු doctor ව ඒ නිසා මන් ජින් එක්කම ගිහින් කතා කරලා එන්නම් ඔයාව ගෙනියන්න.."ජින් එහෙම්ම යන්න හදද්දි නිම්හී එයාගේ ලග හිටගෙන හිටපු ජින්ගේ ටී ෂර්ට් එකෙන් ඇදලා නැවැත්තුව.. ජින් එහෙම්ම නිම්හී ගාවට නැමුනා..
" ආ.. ප්ප්..පහු එනවා නේද.. මා.. ම්..ව දාලා යන්න එ..ප්පා.."
" නිම්හී මන් ඉක්මනට එන්නම්.. ම්ම්.. " ජින් පීඩී නිම් දිහා බලන ගමන් එහෙම කියලා නිම්හිගේ අත එයාගේ ටී ෂර්ට් එකෙන් හිමින් අයින් කරලා යන්න හැරුනා.. ඊටපස්සේ ජින්ගේ හිත කිව්වෙම ආයෙත් නිම්හී දිහා බලන්න කියලා..ජින් ආපහු නිම්හී දිහා බලද්දී නිම්හීගේ ඇස් දෙක ජින් දිහා අසරණ විදියට බලාගන ඉන්නවා ජින් දැක්කා.. ජින් ආපහු නිම්හිට ආදරණීයව හිනාවෙලා එතනින් ආවා..
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fiksi Penggemarහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna