වෑන් එකේ පිටිපස්සෙම ෂීට් එකේ ඉදගත්තු ජන්ග්කුක් ගාවින් ජින් ගිහින් වාඩි උනේ ජන්ග්කුක්ට නිම්හී එක්කම ඉන්න කියලා අඟවන්න හිතාගනමයි..
" ජන්ග්කුකා.."
" දේ හයොන්ග් "
" ඔයා අද අර ළමයා එක්ක කතා කරන්න නේද.. නැත්නම් එයා හිතයි ඔයත් එයාට හිනා උනා කියලා ඊයේ "
" මහ පණ්ඩිත කෙල්ලෙක්.."
" ම්වෝ.. දැන් ඊයේ ඔයාම නේද කිව්වේ ඒ ලමයා පව් කියලා.. දැන් ඇයි මෙ..."
" තියෙන ආඩම්බරකමටනේ මට කතා නොකලේ.. "
" ඉතිං එයාට හරියට කතා කරන්නත් බෑනේ ජන්ග්කුක් ඒ නිසා වෙන්න ඇති.. "
" හා හරි හයොන්ග් මන් කතා කරන්නම්කෝ.. "
" හා හොඳ ළමයා.."
" මන් හොඳයි තමා.."
" අපෝ මොකො මන් නොදන්නවයේ ඒ ගැන.."
" හයොන්ග් ...!!"
" අරස්සෝ අරස්සෝ මියානෙයෝ "ඊටපස්සේ ජන්ග්කුක් පංතියට ගිය ගමන් හෙව්වේ නිම්හිව.. ජනේලේ අයිනේ මේසේ ඈත අහස දිහා බලාගන හිනා වෙවී ඉන්න නිම්හිව දැක්කම ජන්ග්කුක් ට හිනාත් ගියා.. ඒත් මුකුත් දැක්කේ නැති විදියට ජන්ග්කුක් නිම්හිගේ මේසේ ගාවින්ම වාඩි උනා..
" හායි නිම්හී.."
" ඔහ්... Good Morning "
" වාහ්.. ඔයාට හොදට English කතාකරන්න පුළුවන් නේද.. "
" ටිකක්.. "
" ඔයාට English pronunciation හොදට පුළුවන් ද?"
" ද්ද්.. දේ.. "
" මගේ නම ජන්ග්කුක් "
" අ..අන්යං"
" ඉතිං දැන් හෙට නේද selection results එන්නේ.. "
" හ්ම්ම්.. ද්.."
" ඔයා සින්දු කියන්න ඉගෙනගත්තේ කාගෙන්ද.."
" අම්මා ග්..න්.."
" ඔහ්.. ඔයාගේ අම්මා සින්දු කියන කෙනෙක්ද.."
" අනී..යා.."
" එයා එක්කද ඔයා ඉන්නේ.. එතකොට තාත්තා කොහෙද ඉන්නේ.."
" ද්.දෙ..න්නම.. න්.. නැති වෙලා..."
" ඔහ් චොසම්මිදා.. "
" අ...නී ග්වෙන්ච..නා "
" මට නම් ඉන්නවා හයොන්ග් ලා 6ක්"
" 6ක් ??"
" දේ මන් k-pop group එක්ක debut වෙලා ඉන්නේ දැනටම.."
" ඔයා වාස.. න්..න්..නාවන්තයි.."
" ඔව් මාත් හිතනවා... හයොන්ග් ලා කවදාවත් මට දුක හිතෙන්න දෙන්නේ නෑ.. මට ගොඩක් ආදරෙයි.. ඔයාට නැද්ද එහෙම අය..."
" ඉම්.. ඉන්නවා.. "
" කවුද "
" ම්ග්.. මගේ Angel."
" Angel?? ඔයාට පිස්සු ද මෙහෙ කොහෙද අනේ angel ලා... "
" ඉන්..න්වා.. මගේ Angel එ.. යා මට මට මට දුක හ්.. හි.. හිතුනම මන් ගාවට එන්වා.. "
" මේ මන් මේ නිකමට අහන්නෙ ඔය ගොත ගැහිල්ලට අමතරව ඔයාට මොකක් හරි මොලේ අමාරුවකුත් තියනවද..??"
" යා.... පි පි..පිච්චෙස්සෝ "
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanficහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna