The Dumb Moon ( Part 02)

765 207 23
                                    

නිම්හි තාමත් හිටියේ තමන් වෙනුවෙන් තමන්ගේ අත අල්ලගන බලාන් ඉන්න ජින් දිහා.. නිම්හිගේ අහිංසක ඇස් දිහා ජින් බලාගන හිටියේ උතුරන තරම් සෙනෙහසකින්..

" නිම්හී... "

නිම්හි ඒත් එක්කම එයාට ටැක්සි එකක් කතා කරලා දෙන්න කියලා වීදුරුවේ ලිව්වා.. ඒ හැමදේම වෙනකන් නිම්හි හිටියේ ජින්ගේ අත අල්ලගන..

නිම්හිවත් අල්ලගනම ජින් ටැක්සියක් නවත්තලා driver ට යන්න ඕන තැන ගැන කිව්වා.. කියලා නිම්හි දිහා බැලුවේ ගොඩක් ආදරෙන්.. ඊටපස්සේ ජින් එයාට කාර් එකේ දොර ඇරලා වාඩි කෙරෙව්වා..

දොර ඇරලා තියාගනම ජින් ආපහු driver ට කතා කලා.. "හයොන්ග් පුළුවන් නම් මට පෑනක් දෙන්නකෝ.. "
" අහ්. මෙන්න ගන්න.."

ජින් එහෙම්ම නිම්හිගේ අත අරගෙන ජින්ගේ number  එක නිම්හිගේ අතේ ලිව්වා..

" පුළුවන් නම් හොද ලමයා වගේ ගෙදරට ගිහින් මට call එකක් දෙන්න.. පරිස්සමෙන් යන්න.. නිම්හී.. ආයේත් දවසක අපි හම්බෙනකන් අඩන්න එපා.. පොරොන්දු වෙන්න.."

" හ්ම්ම්.. "
නිම්හි ඔලුව වැනුවේ ජින්ට සියුම්ව හිනා වෙන ගමන්..

කාර් එකේ දොර වහලා ජින් කාර් එක දිහා බලාගන හිටියේ ගොඩක් දුකින්. ඒ කවුද එයා ඇයි මට මෙච්චර දැනෙන්නේ.. ඇයි ඒ ඇස් වල කදුලු මගේ හදවත මෙච්චර රිද්දන්නේ..

ට්‍රීං ට්‍රීං

ජින් හිටපු කල්පනාවෙන් මිදුනේ ජින්ගේ phone  එක රින්ග් උන වෙලාවේ.. ඒ ටේහයුන්ග්..

" හයොන්ග් ඔයා කොහෙද.. ඔයා හොදින්ද.. අපිට බඩගිනී අනේ.. එන්නේ නැද්ද.. "
" අහ් ටේහයුන්ගා ඔහොම විනාඩි දහයක් ඉන්න.. හයොන්ග් ඉක්මනට එනවා.."

එතකොටයි ජින්ට මතක් උනේ පොඩි උන් හයදෙනා එයා එනකන් බඩගින්නේ කියලා..

ඔව් ජින් තමා ඒ පැටව් හය දෙනාවම බලාගන ඉන්න එයාලගේ හයොන්ග්... එයාලා debut  වෙලා සතියක් විතර ගිහින් තිබුණා... නොසෑහෙන්න එයාලා මහන්සි උනා ඒ එයාලගේ හීනයට යන්න.. රැයක් දවාලක් නැති පුහුණුවීම්.. ක්ෂේත්‍රයේ අයගෙන් එන කැපිලි.. ගැරහිලි මැද්දෙන් එයාලා ඒ ගමන යන්නේ එකටම.. නම්ජුන් යුන්ගී හෝසොක් ජිමින් ටේහයුන්ග් ජන්ග්කුක් කියන්නේ ජින්ට දරුවෝ හයදෙනෙක් වගේ.. එයාලා හැමෝම අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා මේ ඇවිත් ඉන්න ගමනේ එයාලගේ අම්මා උනේ ජින්.. හැමදේම හොයලා බලලා කලේ ජින්..

THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙Where stories live. Discover now