" මොනවද බල්න්නේ.. ඉක්මනට කපන්න.."කණ්නාඩිය ඉස්සරහ මූණත් රතු කරගෙන පුපුර ඉන්න නිම්හී දිහා ශීවූත් stylish කරන ගෑණු ළමයත් හිටියේ බය වෙලා බලාගන..
" නිම්හී ඔයාට හොඳටම විශ්වාස ද.. මේක කරන්නම ඕනද.. "
" ඇයි දැන් ඔයාට බැයිද.. එහෙනම් දෙන්න මන් කරගන්නම්.. "
" අනී අනී ඉන්න මන් කපන්නම්.."අඟලෙන් අඟල කපාලා ඉවර වෙද්දී නිම්හිගේ කොණ්ඩය කන ගාවට වෙනකන්ම කොට උනා.. නිම්හී හොඳටම ඇඬුවේ ජින් කරපු දේ මතක් වෙලා.. නිම්හී එහෙම්ම ගෙදරට ආවේ තනියම ටිකක් ඉන්න ඕන කියලා හිතපු නිසා.. ඇවිත් කෙලින්ම නිම්හී ගියේ ඇඳට කොට්ටයක් අස්සේ මූණ හංගන් කෑ ගගහා කතා කලේ කේන්තිය දුක පිටකරගන්න වෙන ක්‍රමයක් නැතිම තැන.
" වේ වේ ඔයා එයාට ඒක කරන්න දුන්නේ.. හරි කරාට කමක් නෑ කියමු කරාට පස්සේ ඔයා එයාට මුකුත් කිව්වෙත් නෑ.. ඔයා ඒ තරම් ඒ දේට කැමතිද.. එතකොට මන් කවුද? මන් ඔයාගේ කව්රුත් නෙමේද ඔප්පා.. ඔයා තාමත් හිතන් ඉන්නේ මන් චූටි ළමයෙක් කියලද.. ඒවා මටත් පුළුවන්.. ඒත් එතකොට එයා.. අනී අනී එයා ඔයාට ගැලපෙන්නේ නෑ... නෑ.. නෑ... මට බෑ එයාට දෙන්න ඔයාව... ඔයා මහම මහ ආත්මාර්ථකාමියෙක්.. ඔයාට එපා නම් මට ඕනත් නෑ.. මාව වැඩක් නෑනේ එහෙනම් මන් මොකටද ඔයා ආස විදියට ඉන්නේ.. පුළුවන් නම් මන් තට්ටෙම ගානවා. ඒ උනාට ඔයා ඇයි එහෙම කලේ මෝඩ දිගංචියා.. "
තනියම කියව කියව නිම්හී පිස්සියක් වගේ අඬන්න ගද්දී ටික වෙලාවකින් ශීවූ ගෙදරට ආවා.. ඒ එද්දී නිම්හිට හොදටම නින්ද ගිහින් තියනවා ශීවූ දැක්කා..
" ඔයා මට සමාව දෙනවද නිම්හී.. මන් දන්නවා මෙක දැනගත්තම කාටත් වැඩිය මේ ලෝකේ වේදනාව වැඩිම කෙනා ඔයා වෙයි.. ඒත් මන් එයාලට එයාලගේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන් කරන්න දෙන්නේ නෑ.. මට සමාව දෙන්න නිම්හී.. "
ශීවූ මොනවදෝ කිය කිය අඬන්න ගත්තා.. ශීවූ කියන්නේ නිම්හිගේ manager ටත් එහා ගියාම නිම්හිගේ පවුල.. ජීවිතයේ නිම්හිගේ හැමදේම හොයලා බලලා කලේ ශීවූ ඒත් ශීවූ හිටියේ අන්තව අසරණ වෙලා.. කරන්නම දෙයක් නැතුව වැටෙන්න පුළුවන් උපරිමයට වැටිලා.. ශීවූ කියන්නේ පවුලේ වැඩිමලා.. හොඳට ඉගෙනගෙන තමන්ගේ මහන්සියෙන් ශීවූ ට මේ රස්සාව ලැබුනේ.. නිම්හී කියන්නේ ශීවූ ට තමන්ගේ අක්කට වගේ ආදරය කරන කෙනෙක්.. ශීවූ ගේ තාත්තා නැති උනාට පස්සේ ඒ පවුලේ බර කරට අරන් වැඩ කරන්න ශීවූ ට පුළුවන් උනේ නිම්හී නිසා.. ලැබෙන පඩියට අමතරව නිම්හී ශීවූ ගේ අම්මයි නංගී ගැන හොයලා බලලා කිසිම අඩුපාඩුවක් නොවෙන්න මුදල් වලින් වගේම නංගිගේ අධ්‍යාපන අවශ්‍යතා ගැනත් හොයලා බැලුවා...
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanficහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna