" හරි ටේහයුන්ග් හයොන්ග් තමා අපි තුන් දෙනාව හොයන්න ඕන.. හයොන්ග් ඔයා 20ට ගණන් කරන්න අපි හැංගෙන්නම්.."
" හරි එහෙනම් ඔන්න පටන් ගත්තා.. 1 2 3"
ටේහයුන්ග් ගණන් කරද්දී ජිමින් ජන්ග්කුක් එක්ක එක පැත්තකට දිව්වා මේ බිල්ඩින් එක අලුත් නිසා හැංගෙන්න කියලා තැනක් හරියකට නිම්හී දැනගෙන ඉඳියෙ නෑ.. ඒත් ටිකක් කොනකට වෙන්න තිබුණ කාමරය දැකලා නිම්හී ඒක ඇතුලේ හැංගුනා..
" 19 20 ඔන්න මන් එනවා.."
නිම්හිට ඇහුණා ටේහයුන්ග් එනවා නිම්හී එතකොටයි දැක්කේ ඒක මේ cleaning බඩු දාන්න හදපු පුංචි කාමර කෑල්ලක් කියලා.. ඒත් එක්කම ටේහයුන්ග් ඒ කාමරේ පාස් කරන් යද්දිම කවුද ගෑනු කෙනෙක් ඇවිත් ඒ දොර වැහුවා.. එකපාරටම මුලු කාමරේම කලු පාට උනා කිසිම එලියක් ඒ කාමරේ තිබුණේ නෑ.. නිම්හිට හොඳටම දාඩියත් දාන්න ගත්තා.. විනාඩි 15ක් විතර ඉඳලා ටේහයුන්ග් ආවේ නැති නිසා නිම්හී අඳුරෙම අතගගා දොර අරින්න හැදුවත් එතකොටයි නිම්හිට තේරුනේ ඉස්සෙල්ලා ආව ගෑනු කෙනා දොර ලොක් කරලා කියලා.. නිම්හී බය වෙලා දාඩිය දාලා නිම්හිව හොදටම ගැහෙන්න ගත්තේ බයටමයි.. කෑ ගහගන්නවත් නිම්හිගේ කටින් වචන පිට උනේ නෑ..
ඔය අතරේ ටේහයුන්ග්, ජන්ග්කුක් ජිමින් දෙන්නව හොයාගන ආයෙත් practice room එකට ආවා..
" කෝ නිම්හී.."
" හයොන්ග් එයාවත් හොයාගත්තොත් විතරයි ඔයා දිනන්නේ.. "" ළමයිනේ.. "
හැමෝම තම තමන් හිටපු වැඩ නවත්තලා හැරුනේ room එකට ආව පීඩී නිම්ගේ හඬට..
" ජින් මන් හදිසි meeting එක්කට යනවා පුළුවන් නම් නිම්හිව ගෙදරට ගිහින් ඇරලවනවද.. මන් ඔයාට address එක text එකක් දාන්නම්.. මෙතන සල්ලී තියනවා.. ඊටපස්සේ ඔයාලත් හොඳට කෑම කාලා එහෙම rest කරලා හෙට practice එන්න.. කෝ.. නිම්හී කොහෙද.. "
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanfictionහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna