Jungkook don't like December
ජන්කුක් ඉස්සර ආසම සීතල දෙසැම්බර් මාසයට... මුලින්ම ජන්කුක් දෙසැම්බර් මාසයට කැමති වුනේ නත්තල නිසා.... ඔව් නත්තලට හැමෝම කැමති...
ඊටපස්සේ ජන්කුක් සීතල දෙසැම්බර් මාසයට කැමති වුනේ ටේහ්‍යොන්ග් නිසා... ඔව් ටේහ්‍යොන්ග් උපන්දිනය දෙසැම්බර්... ඉතින් ජන්කුක්ට අමුතු විදියට දෙසැම්බර් මාසයට කැමති වෙන්න ගත්තා...
ඒත් දැන් ජන්කුක් අකමැතිම මාසේ දෙසැම්බර්... ජන්කුක්ට දෙසැම්බර් මාසයට වයිර කරන්න බැරි වුනා මොකද ජන්කුක් නත්තලට ආදරෙයි...
ඉස්සර ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක විතරක් සමරපු තමන්ගේ උපන්දිනේ දැන් සමරන්නේ ලිලී එක්ක... ඉස්සර ටේහ්‍යොන්ග් ගෙන් එදාට ලැබුන පුංචි හාදුව දැන් විනාඩි ගානක හාදුවක් විදියට ලිලීට ලැබෙනවා.... ඔව් ලිලීට!!!!!!
ඒකයි ජන්කුක් දැන් දෙසැම්බරයට අකමැති.....
____________________________________
දෙසැම්බර් 29 වෙනිදා රෑ දොලහට ටේහ්‍යොන්ග් ගේ කාමරේ දොර ඉස්සරහා ජන්කුක් හිටගෙන හිටියා... පුංචි කප් කේක් එකක් අතේ තියාගෙන ඒකේ උඩින් දම්පාට ඉටිපන්දමක් ගහලා පත්තු කරගෙන හරියටම රෑ දොලහේ කනිසම වදිනකොට ටේහ්‍යොන්ග් ගේ කාමරේ දොර ඇරගෙන ජන්කුක් ඇතුලට ගියා...
ටේහ්‍යොන්ග් ඉන්නේ නිදාගෙන නෙමෙයි තමන්ව බලාපොරොත්තුවෙන් ඇස් දෙක ඇරගෙන කියලා දන්නවා වුනත් කෑගහලා උපන්දින ගීතේ කියන්න ජන්කුක් ආස කරා... සමහරවිට ටේහ්‍යොන්ග් ඒ දේවල් වලට ඊටවඩා ආස කරාද???? ඔව් මොකද ටේහ්‍යොන්ග් ට හිටිය එකම හොදම යාලුවා ජන්කුක් ඉතින් ටේහ්‍යොන්ග් මේ දේවල් වලට ආස වෙන එක හිතන්න දෙයක් නෙමෙයි...
"හැපී බර්ත්ඩේ ටූ යූ
හැපී බර්ත්ඩේ ටූ යූ
හැපී බර්ත්ඩේ ඩියර් ටේහ්‍යොන්ගී
හැපී බර්ත්ඩේ ටූ යූ"දැන් ඇහැරුනා වගේ ඇස් දෙක පොඩි කරමින් ටේහ්‍යොන්ග් ඇදෙන් ඉදගත්තා.... දොර ලග කලුවරේ හිටගෙන ඉන්න ජන්කුක්ගේ දිලිසෙන ඇස් ටේහ්‍යොන්ග් දැක්කා... ජන්කුක් ලයිට්ස් ඔන් කරා... ටේහ්‍යොන්ග් එයාගේ එහා පැත්ත පෙන්නුවේ ජන්කුක්ට එතනට එන්න කියලා... ජන්කුක් එතනින් ගිහින් ඉදගත්තම ටේහ්‍යොන්ග් ගෙන් පුංචි හාදුවක් ලැබුනා... මුලු ඇගම සීතල වෙලා අමුතු හැගීමක් දැනුනත් සැහැල්ලුවෙන් ඉන්න ජන්කුක් උත්සහා කරා....
YOU ARE READING
limerence ||vkook||
Fanfictionඒ හැමදේම ඔයා හිතින් මවා ගත්ත දේවල් ජන්කුක්. ඔයා හිතපු තරම් දේවල් අපි අතර වුනේ නෑ. විශේෂයෙන් ආදරණීය දේවල්. මම ලිලීට වයිර කරනවා ටේහ්‍යොන්ග්.