Jungkook don't like promises
ජන්කුක් කැමති පොරොන්දු වලට.... ජන්කුක්ගේ තාත්තා පොඩි කාලේ ඉදන්ම ජන්කුක්ට පොරොන්දු දුන්නා හැමදාම ජන්කුක් ලග ඉදන් ජන්කුක්ව බලාගන්න... ඒ වගේම ජන්කුක්ගේ තාත්තා ඒ පොරොන්දුව රැක්කා...
ටේහ්‍යොන්ග් ජන්කුක්ට පොරොන්දු දුන්නා ඔව් ඒක නිසා ජන්කුක් පොරොන්දු වලට කැමති... හැමදාම ලගින් ඉන්න ටේහ්‍යොන්ග් ජන්කුක්ට පොරොන්දු දුන්නා... ඒ වගේම ටේහ්‍යොන්ග් ඒ පොරොන්දු රැක්කා... හරි විදියට බැලුවොත් ටේහ්‍යොන්ග් තාමත් ඒ පොරොන්දුව රකිනවා... ඒත් ඒක පිලිගන්න ජන්කුක් සූදානම් නෑ... ඒක ජන්කුක්ගේ ප්‍රශ්නයක්...
ඒත් දැන් ටේහ්‍යොන්ග් පොරොන්දු දෙන්නේ ලිලීට!!!!
ඒකයි ජන්කුක් දැන් පොරොන්දු වලට අකමැති...
___________________________________
"ටේහ්‍යොන්ග් මට පොරොන්දු වෙන්න" ප්‍රංශයේ අයිෆල් කුලුණු පාමුල ඉදගෙන එතනම බිම වාඩි වෙලා ටේහ්‍යොන්ග් ගේ පිටට තමන්ගේ පිට හේත්තු කරගෙන ජන්කුක් කතා කරා...
"මොනාද ඩාලින්" ආයෙත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව නොසන්සුන් කරනවා...
"හැමදාම මාත් එක්ක ඉන්නවා කියලා, ඔයා දන්නවා මට ඉන්න එකම යාලුවා ඔයා"
"අනිවාරෙන් මම හැමදාම ඔයා ලග ඉන්නවා මම පොරොන්දු වෙනවා" ජන්කුක්ගේ උරහිසේ තමන්ගේ ඔලුවේ පිටිපස්ස තියාගෙන ටේහ්‍යොන්ග් ඇස් දෙක වහාගත්තා...
"මේක තමයි මගේ හොදම බර්ත්ඩේ එක ටේහ්‍යොන්ගී" සීතලට අත් ගුලි කරගන්න ගමන් ජන්කුක් වෙව්ලන කටහඩකින් කිව්වා...
සැප්තැම්බර් මාසය කියන්නේ ප්‍රංශයට සීතල සෲතුව එන කාලේ... ටේහ්‍යොන්ග් මේ පාර ජන්කුක්ගේ උපන්දිනය වෙනුවෙන් දුන්න තෑග්ග ප්‍රංශයේ සවාරියක්... ජන්කුක් හිතෙන විදියට නම් ඒක ටිකක් යාලුකමකට එහා ගිය තෑග්ගක්... ඒත් ඒකත් ටේහ්‍යොන්ග් ට සාමාන්‍ය දෙයක් නම්...
හොදයි ලන්ඩන් වල ඉදන් ප්‍රංශයට යනවා කියන එක සාමාන්‍ය දෙයක්... ටේහ්‍යොන්ග් පෝසත් පවුලක දරුවෙක් කියන එකත් සාමාන්‍ය දෙයක්... ඒත් ටේහ්‍යොන්ග් මේ ගමන වෙනුවෙන් වියදම් කරේ තමන්ගෙම සල්ලි නම්... ගිය අවුරුද්දේ උපන්දින පාටිය වෙලාවෙදි ජන්කුක් නොහිතා කිව්ව දෙයක් වෙනුවෙන් අවුරුදු 18ක් වුන ටේහ්‍යොන්ග් අවුරුද්දක් සල්ලි ඉතුරු කරා කියන එක ටිකක් අසාමාන්‍යයි... සමහරවිට ටේහ්‍යොන්ග් අසාමාන්‍ය වෙන්න අරගෙනද????
"ඔයාට සීතලයි ජන්කුක් අපි දැන් යමුද" ටේහ්‍යොන්ග් ඉස්සිලා කෙලින් ඉදගෙන ජන්කුක්ගේ නිරාවරණය වෙලා තිබ්බ අත්දෙක තමන්ගේ අත් අතරට ගත්තා...
"ඔහ්හ් මම හොදින් තව ටිකක් වෙලා ඉමුද" හදවත වේගෙන් ගැහෙනකොට ජන්කුක් රතු වෙන්න ගත්තා...
"තව විනාඩි පහයි ඩාලින් දැන් පාන්දර එකටත් ලගයි"
ටේහ්‍යොන්ග් රෑ දොලහට ජන්කුක්ට සුභ පතන්න ජන්කුක්ව අයිෆල් කුලුණ ලගට එක්කන් ආවා... ඒක ටිකක් අමුතුයි වගේ වුනාට ටේහ්‍යොන්ග් ට ඕන වුනේ තමන්ගේ බර්ත්ඩේ එකට රෑ දොලහට අවුරුදු අටක් එකදිගට තමන්ගේ කාමරේට කප් කේක් එකක් අරන් එන ජන්කුක්ට හොදම දෙයක් දෙන්න... ඒකට ටේහ්‍යොන්ග් තෝරගත්තේ මේ විදිය... දැන් ටේහ්‍යොන්ග් ජන්කුක් හමුවෙලා අවුරුදු අටක් වෙනවා මේ ජන්කුක්ගේ 18 වෙනි උපන්දිනය...
"ඔහ්හ් අපි එච්චර වෙලා එලියේ ඉදලද මම හිතන්නේ අපි හෙටෙල් එකෙන් ආවේ දහයට විතර"
"හ්ම්ම් අපි ගොඩක් ඇවිද්දා, ඒ වගේම ජන්කුක් ඔයා ගොඩක් දේවල් කෑවා" තමන්ගේ අත් අතර තියෙන ජන්කුක්ගේ ගුලි වුන අතට ටේහ්‍යොන්ග් හාදුවක් දුන්නා...
'එයා ඔයාව උණුසුම් කරනවා ජන්කුක් සන්සුන් වෙන්න මේ එයාගේ විදිය' ජන්කුක් එහෙම දේවල් හිතලා හිත හදාගන්න ගොඩක් උත්සහා කරනවා... අනිවාරෙන් ජන්කුක් ඒකට උත්සහා කරන්න ඕන... ජන්කුක් සාමාන්‍ය වෙන්න ඕන... ඒත් ටේහ්‍යොන්ග් ජන්කුක්ට සාමාන්‍ය වෙන්න දෙන්නේ නෑ... ඒක ටිකක් අසාධාරණයි...
"මම මෙහේ කෑම වලට ආසයි ටේහ්‍යොන්ග් ඒකයි"
"මම දන්නවා" ජන්කුක්ගේ අතින් අල්ලගෙන නැගිටලා යන්න සැරසුන ටේහ්‍යොන්ග් ආයෙම වතාවක් ජන්කුක්ගේ නලලෙන් හාදුවක් තිබ්බා... සන්සුන් වෙන්න ජන්කුක්.......
_______________________________
මම වැඩ කරන තැන අය මට කියන්නේ ලිලී කියලා 😂 එයාලට
මගේ හරි නම කියාගන්න බෑ ඒකයි 🤭 ඉතින් ලිලීට බනින අය මට අනුකම්පා කරන්න මම පව් නැද්ද 😭😭
😆😆🤣🤣ඒ වුනාට ලිලීව මෙතනින් අයින් කරන්න හිතෙන්නෙම නෑ 😂😂
බය නොවී ඉන්න ලිලීගේ බයස් ජෙයිකෙයි 😎Bella 🥀
YOU ARE READING
limerence ||vkook||
Fanficඒ හැමදේම ඔයා හිතින් මවා ගත්ත දේවල් ජන්කුක්. ඔයා හිතපු තරම් දේවල් අපි අතර වුනේ නෑ. විශේෂයෙන් ආදරණීය දේවල්. මම ලිලීට වයිර කරනවා ටේහ්‍යොන්ග්.