ජන්කුක් කැමති රහස් වලට... ඉස්සර ජන්කුක්ගේ තාත්තා තාත්තගේ හැම රහසක්ම ජන්කුක්ට කිව්වා... ඒ නිසා ජන්කුක් රහස් වලට කැමති වුනා...
ඊටපස්සේ ජන්කුක් රහස් වලට කැමති වුනේ ටේහ්‍යොන්ග් නිසා... ටේහ්‍යොන්ග් එයාගේ හැම රහසම ජන්කුක්ට කිව්වා... ජන්කුක් ඒ හැම රහසම රැකගෙන හිටියා... ඉතින් ජන්කුක් කැමති රහස් රකින්න...
ඒත් දැන ජන්කුක් රහස් වලට කැමති නෑ...
දැන් ටේහ්‍යොන්ග් ගේ හැම රහසම ටේහ්‍යොන්ග් කියන්නේ ලිලීට!!!!!
__________________________________
"ජන්කුකා ඔයා නිදිද" ජන්කුක්ගේ ඇද ලගින් ඉදගෙන ජන්කුක්ගේ කොණ්ඩේ අතරින් ඇගිලි යවන ගමන් ටේහ්‍යොන්ග් කතා කරා...
දැන් උදේ දහයත් පහු වෙලා... ජන්කුක් තාම නිදි... නත්තල් නිවාඩුවට ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නම ගෙදර ඇවිත් හිටියේ... ටේහ්‍යොන්ග් ජන්කුක් හොයාගෙන ආවේ එයාගේ හිතේ තිබ්බ රහසක් ජන්කුක් එක්ක කියන්න...
"අහ්හ්හ්හ්" නින්දෙන්ම ටේහ්‍යොන්ග් ඇගිලි වල පහසට අවනත වෙලා ජන්කුක්ගේ කටින් ලා කෙදිරියක් පිට වුනා...
"ඩාලින් නැගිටින්න දැන් දවල් වෙලා"
"ඔහ්හ් ටේහ්‍යොන්ග්" නින්දෙන්ම ටේහ්‍යොන්ග් ගැඹුරු කටහඩ අදුරගෙන ජන්කුක් නැගිටලා ඇදෙන් ඉදගත්තා....
"යන්න වොශ් කරගෙන එන්න ඔයාගේ තාත්තා කෑම හදලා එලියට ගියා මම ඔයාට කෝපි එකක් හදන්නම්" ජන්කුක්ගේ කම්මුලෙන් පුංචි හාදුවක් තියලා ටේහ්‍යොන්ග් නැගිටලා පහලට ගියා...
දැන් හැමදාම වගේ උදේට ටේහ්‍යොන්ග් ගෙන් මේ වගේ පුංචි පුංචි හාදු ජන්කුක්ට ලැබෙනවා.... මොකද දැන් එයාලා ඉන්නේ එකම ඩෝර්ම් එකේ... අලුත් යුනිවර්සිටි එකේ දෙන්නම ඉන්නේ එකම ඩෝර්ම් එකේ... ඉතින් කම්මැලි ජන්කුක්ව උදේට ඇහැරවලා පුංචි හාදුවක් ඒ කම්මුලෙන් තියන්න ටේහ්‍යොන්ග් පුරුදු වෙලා...
ටේහ්‍යොන්ග් ඒක කරන්නේ ගොඩක් ආසාවෙන්... මොකද ටේහ්‍යොන්ග් ට ඒක සාමාන්‍ය දෙයක්... ඒත් ජන්කුක් ඒක ගැන ඊටවඩ හිතුවා... ජන්කුක් ඒ හාදුවට ඇබ්බැහි වෙන්න අරගෙන.... ඒක හොද දෙයක් නෙමෙයි වුනත් ඒකට ඇබ්බැහි නොවී ඉන්න ජන්කුක්ට බැරි වුනා...
YOU ARE READING
limerence ||vkook||
Fanfictionඒ හැමදේම ඔයා හිතින් මවා ගත්ත දේවල් ජන්කුක්. ඔයා හිතපු තරම් දේවල් අපි අතර වුනේ නෑ. විශේෂයෙන් ආදරණීය දේවල්. මම ලිලීට වයිර කරනවා ටේහ්‍යොන්ග්.