ජන්කුක් හිටියේ ටේහ්යොන්ග් ගේ නිරුවත් පපුවෙන් ඔලුව තියාගෙන... ටේහ්යොන්ග් ජන්කුක්ගේ කොණ්ඩේ අතරින් ඇගිලි සිනිදුවට යවමින් හිටියා... ටේහ්යොන්ග් ගේ කාමරේ ටේහ්යොන්ග් ඇද උඩ... ටේහ්යොන්ග් එදා ජන්කුක්ගෙන් හංගපු හීනේ විදියටම අද ජන්කුක් ටේහ්යොන්ග් ගේ පපුවට තුරුලු වෙලා හිටියා...
හැමදේම වෙනස් වෙලාද!!!!!
ඔව්!!! ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම!!!
"මයි ලව්" ටේහ්යොන්ග් පැය ගානකට පස්සේ කතා කරා...
"ම්ම්ම්ම්ම්ම්" ජන්කුක් නිදිද.... ජන්කුක් දවස් ගානකින් නිදාගෙන නෑ... මොකද ඇත්තට මූණ දීලා ජන්කුක්ට මහන්සි... දැන් ජන්කුක්ට සුවදායක නින්දක් ඕන...
"ඇයි මට කිව්වේ නැත්තේ"
"මොනාද ටේ"
"ඔයත් මට ආදරේ කරනවා කියලා මට දැනුනෙ නෑ ඒ කොහොමද"
"ඔයා දන්නවා මම හැගීම් හංගන්න කොච්චර දක්ශද කියලා" ජන්කුක් කිව්වම ටේහ්යොන්ග් කල්පනා කරා... ඇත්ත ජන්කුක් ඒකට දක්ශයි... ඒත් ලිලී එක්ක ඉද්දිත් ඒ හැගීම් ජන්කුක් හැංගුවේ කොහොමද... තමන් කරපු මෝඩකම් ටේහ්යොන්ග්ට එකින් එක මතක් වුනා...
"ඔව් මම මෝඩයෙක් මට තේරුම් ගන්න බැරි වුනා මට සමාවෙන්න"
"ඒකට කමක් නෑ ටේ අන්තිමට මට ඔයාව ලැබුනා"
"ඔයා දන්නවද මයි ලව්"
"මොනාද"
"මම මෝඩයෙක් වගේ හැසිරුනේ, මට හිතාගන්න බෑ ඇයි මම මේකට ලිලීව ගත්තේ කියලා, ජන්කුක් ඔයාට විස්වාසද මාව තෝරගත්ත එක හරි තීරණයක් කියලා"
"ඇයි එහෙම අහන්නේ මට ඔයාව ඕන ටේ"
"ඔයා විස්වාස කරයිද දන්නේ නෑ ඒත් මම ලිලීව පාවිච්චි කරේ ඔයාගේ හැගීම් දැනගන්න"
ජන්කුක් ඔලුව උස්සලා ටේහ්යොන්ග් දිහා බැලුවා... විකාරයක්... ඇත්තටම විකාරයක්...
"ටේ ඕක ගැන කතා නොකර ඉමු මම කාලයක් ලිලීට වයිර කරා හැමදේටම වයිර කරා මට දැන්වත් නිදහසේ ඔයා ලග ඉන්න දෙන්න"
YOU ARE READING
limerence ||vkook||
Fanfictionඒ හැමදේම ඔයා හිතින් මවා ගත්ත දේවල් ජන්කුක්. ඔයා හිතපු තරම් දේවල් අපි අතර වුනේ නෑ. විශේෂයෙන් ආදරණීය දේවල්. මම ලිලීට වයිර කරනවා ටේහ්යොන්ග්.