Jungkook Hated Autumn
ජන්කුක් ගොඩක් ආසයි Autumn එකට...ඉස්සර පොඩි කාලේ තාත්තගේ අතේ එල්ලිලා Autumn එකට ඇවිදින්න ජන්කුක් ගොඩක් ආස කරා... Autumn එකට පොඩි සීතලක් එක්ක හුලං හමන එකට ජන්කුක් ගොඩක් ආස කරා...
ඊටපස්සේ ජන්කුක් Autumn එකට ආස කලේ ටේහ්යොන්ග් නිසා... ටේහ්යොන්ග් දැනගෙන හිටියා ජන්කුක් ඇවිදින්න ආස බව... ඉතින් Autumn එකට ටේහ්යොන්ග් අනිවාරෙන් ජන්කුක් එක්ක ඇවිදින්න යන්න හවස් කාලේ වෙන් කරගත්තා...
ඒත් දැන් ජන්කුක් ඇවිදින්න යන්න අකමැති වුනා... ජන්කුක් Autumn එකට වයිර කරා...
ජන්කුක් Autumn එකටයි ඇවිදින්න යන්න වයිර කරේ ලිලී නිසා... ලිලීගේ විනෝදාංශය වුනේ ඇවිදීම....
ආයෙත් වතාවක් ලිලී!!!!!!
____________________________________
"ටේහ්යොන්ග් මට අයිස්ක්රීම් ඕන" ටේහ්යොන්ග් අතින් අල්ලගෙන මේපල් ගස් යටින් ඇවිදිගෙන යන ගමන් ජන්කුක් කිව්වා...
"ඒත් දැන් රෑ වෙලා ජන්කුක් හුලගත් වැඩී ඔයා ලෙඩ වෙයි හෙට දවල්ට කමුද" ජන්කුක්ගේ මූණ දිහා බලාගෙන හුලගට ජන්කුක්ගේ නලල හරහා එහෙ මෙහෙ යන කෙස් කැරැල්ලක් කන පිටිපස්සට කරන ගමන් ටේහ්යොන්ග් කිව්ව...
'සන්සුන් වෙන්න ජන්කුක් මේ ටේහ්යොන්ග් ගේ විදිය' තමන්ගේ හිතට කියාගන්න ගමන් ජන්කුක් ටේහ්යොන්ග් අත තදින් අල්ලගෙන ඉස්සරහට ඇවිද්දා...
"ඒත් මට මේ වෙලාවෙදි ඕනමයි ටේහ්යොන්ග්"
"මොනාද ජන්කුක්" මොනාද මේ ටේහ්යොන්ග් අහන දේවල් ජන්කුක්ට ඕන අයිස්ක්රීම් සමහර අවස්තා වල ටේහ්යොන්ග් හැසිරෙන විදිය තේරුම් ගන්න අමාරු වුනත් අමාරුවෙන් හරි ඒක යාලුකම කියලා තමන්ගේ හිතට තේරුම් කරන්න ජන්කුක් උත්සහා කරා...
"අහ්හ් ටේහ්යොන්ග් අයිස්ක්රීම්"
"ඔහ්හ් මගේ බේබි බෝයිට අයිස්ක්රීම් ඕනද"
"ඔව්" හදවත වේගෙන ගැහෙන්න ගන්නකොට ටේහ්යොන්ග් අතින් ඇදගෙනම පාලු පටු පාරෙන් ප්රධාන පාරට එන්න ජන්කුක් අඩිය ඉක්මන් කරා... 'බේබි බෝයි බේබි බෝයි බේබි බෝයි' මගේ!!!!
ඒක ටේහ්යොන්ග් ගේ සාමාන්ය විදිය... සමහර අවස්තා වල ටේහ්යොන්ග් එයාගේ තාත්තට විහිලු කරන්නත් ඒ නම පාවිච්චි කරනවා කියලා ජන්කුක් දැනගෙන හිටියා... හැමදේම සාමාන්ය බව දැනගෙන අසාමාන්ය විදියට ජන්කුක් හිතන්නේ ඇයි... ඒක ජන්කුක්ගේ ප්රශ්නයක්...
"ඔයාට අසනීප වුනොත් මට වගකියන්න බෑ ඩාලින් මම කලින්ම ඔයාට කිව්වා"
"හරි ඔයා එන්නකෝ" අයිස්ක්රීම් කඩේ ඇතුලට ඉක්මනින් යන ගමන් ජන්කුක් කිව්වා...
"මොනාද ඔයාට ඕන"
"මගේ ෆ්ලේවර් එක ඔයා දන්නේ නැද්ද ජන්කුක්"
"දන්නවා මම මේ නිකමට ඇහුවේ" ජන්කුක් එහෙම කියලා වටපිට බලනකොට කඩේ කෙනෙක් ඒ දෙන්නා ලගට ආවා...
"සමාවෙන්න ඔයාලට මොනාද ඕන"
"ම්ම් මේ අයිස්ක්රීම්" ජන්කුක් පොඩි ලමයෙක් වගේ කම්මුලට එක ඇගිල්ලකින් තට්ටු කරන දිහා ටේහ්යොන්ග් බලාගෙන හිටියා...
"අපිට බනනා ෆ්ලේවර් එකයි ස්ට්රෝබෙරි ෆ්ලේවර් එකයි දෙන්න" තමන්ගේ සාක්කුවෙන් මුදල් පසුම්බිය එලියට ගන්න ගමන් ටේහ්යොන්ග් කිව්වා...
"ඔහ්හ් ටේහ්යොන්ග් ඇත්තටම මම ආවට මට සල්ලි ගේන්න මතකයක් තිබ්බේ නෑ" දැන් දෙයක් මතක් වුනා වගේ ජන්කුක් කතා කරා...
"මම දන්නවා" හිනාවෙලා මුදල් ගෙවලා අයිස්ක්රීම් දෙකත් අරන් ටේහ්යොන්ග් ජන්කුක් එක්ක කඩේ ඇතුලෙන් එලියට ආවා...
"මට ඕන වුනේ අයිස්ක්රීම් කන්න ඒත් සල්ලි ගැන නිකමටවත් හිතුනේ නෑ" පොඩි ලමයෙක් වගේ ටේහ්යොන්ග් ගේ අතින් අයිස්ක්රීම් එක ජන්කුක් උදුරගත්තා...
"මම දන්නවා ඔයා දේවල් හිතන්නේ නෑ කියලා, ඔයා මීට වඩා දේවල් හිතුවා නම් කියලා මට හුගක් වෙලාවට හිතනවා" ටේහ්යොන්ග් එහෙම කිව්වත් ඒකේ තේරුමක් ජන්කුක් දැනගෙන හිටියේ නෑ...
ජන්කුක් තරම් දේවල් ගැන හිතන කෙනෙක් වෙන නෑ කියලා ටේහ්යොන්ග් ට කිසිම අදහසක් නෑ... මොකද ජන්කුක් නිතරම වගේ තමන්ගේ හැගීම හංගන්න දක්ශ කෙනෙක් වුනා... විශේෂයෙන් ටේහ්යොන්ග් ඉස්සරහදී... හැම තිස්සෙම ටේහ්යොන්ග් ජන්කුක්ට සැලකුවේ තමන්ගේ හොදම යාලුවා එහෙමත් නැත්තන් සහෝදරයා විදියට.... සමහර අවස්තා වල ටේහ්යොන්ග් හැසිරීම අමුතු වුනත් ඒක ටේහ්යොන්ග් ගේ සාමාන්ය විදිය... ඒක අමුතුයි කියලා හිතෙන්නේ ජන්කුක්ට විතරයි...
Bella 🥀
YOU ARE READING
limerence ||vkook||
Fanfictionඒ හැමදේම ඔයා හිතින් මවා ගත්ත දේවල් ජන්කුක්. ඔයා හිතපු තරම් දේවල් අපි අතර වුනේ නෑ. විශේෂයෙන් ආදරණීය දේවල්. මම ලිලීට වයිර කරනවා ටේහ්යොන්ග්.