08~ Dream

1K 323 34
                                    

Jungkook Hated Dream

ජන්කුක් හීන වලට ආස කරා... මොකද ගොඩක් වෙලාවට ජන්කුක්ගේ හීන වල හිටියේ ටේහ්‍යොන්ග්...

එක දවසක ඉදන් ජන්කුක් හීන වලට ආදරේ කරන්න පටන් ගත්තා... ඒ ටේහ්‍යොන්ග් ගේ හීනෙක ජන්කුක් හිටියා කියලා දැනගත්තම...

ඒත් දැන් ජන්කුක් හීන වලට වයිර කරනවා... දැන් ටේහ්‍යොන්ග් ගේ හීන වල ඉන්නේ ලිලී!!!!!!

සමහරවිට මේ හැමදේම ජන්කුක් මවා ගත්ත දේවල් වෙන්න බැරිද??


_________________________________

ජන්කුක් හිටියේ ටේහ්‍යොන්ග් එක්ක ටේහ්‍යොන්ග් ගේ ගෙදර මිදුලේ... ජන්කුක් ආසයි ඔංචිලි පදින්න...

ටේහ්‍යොන්ග් එක්ක ජන්කුක් හිටියේ මිදුලේ කොනේ තිබ්බ ඔංචිල්ලාවේ වාඩි වෙලා... හිමින් ඔංචිල්ලාව පදින ගමන් ජන්කුක් අහස දිහා බලන් හිටියා... ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන් හිටියා...

"ජන්කුක්" හිමින් පැද්දෙන ජන්කුක්ගේ ඔංචිල්ලාව අල්ලගෙන ටේහ්‍යොන්ග් කතා කරා...

"ඕඕ"

"මම හීනයක් දැක්කා"

හීන... ටේහ්‍යොන්ග් දැක්කා නම් ඒක ලස්සන අර්ථවත් හීනයක් වෙන්න ඕන එහෙම හිතන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

"මොකද්ද" ටේහ්‍යොන්ග් ගේ මූණේ තිබ්බ හිනාව ජන්කුක්ව මොහොතකට වෙන ලෝකෙකට අරන් ගියා... ලස්සනයි..

"ම්ම්ම් ඒකේ ඔයා හිටියා"

දෙයියනේ ටේහ්‍යොන්ග් හීන වල මම ඉන්නවද... ජන්කුක් නොසන්සුන් වුනා...

"ඔහ්හ් ඇත්තද මොකද්ද හීනේ" සන්සුන් විදියට ජන්කුක් කතා කරා...

"ඒක ඒක ටිකක් අමුතුයි" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ දිලිසෙන ඇස් දිහා බලන් හිටියා...

"ඒ කිව්වේ"

"ඒ හීනේ අපි හිටියේ ටිකක් අමුතු විදියට"

"කියන්න බලන්න" ඔංචිල්ලාව තදින් අත් වලට මිරිකගෙන ජන්කුක් ලෑස්ති වුනා ඊලග අමුත්තට...

" ම්ම්ම්ම් මෙහෙමයි ඔයයි මමයි, මේකයි අපි නිතරම එකට ඉන්න නිසා වෙන්න පුලුවන් එහෙම හීන දකින්නේ" ටේහ්‍යොන්ග් ඒක කියලා බිම බලාගත්තේ ඇත්තටම තමන් දැකපු දේ කියනවද නැද්ද කියලා... ටිකක් වෙලා ටේහ්‍යොන්ග් කල්පනා කරා... මේ කියන දෙයින් හැමදේම වෙනස් වෙයිද???? ඕක කියන්න එපා ටේහ්‍යොන්ග්....

limerence ||vkook||Where stories live. Discover now