Jungkook Hated Protection
ජන්කුක් ආසයි ආරක්ශා වෙන්න... පොඩි කාලෙදි ජන්කුක්ගේ තාත්තා ජන්කුක්ව ගොඩක් ආරක්ශා කරා...
ඊටපස්සේ ටේහ්‍යොන්ග් ජන්කුක්ව ආරක්ශා කරා... ඉතින් දැන් වෙනදට වඩා ජන්කුක් ආසයි ආරක්ශා වෙන්න...
ඒත් දැන් ආරක්ශා කියන වචනෙටත් වයිර කරනවා... හිනා යනවා නේද...
ඉස්සර ජන්කුක්ව ආරක්ශා කරපු ටේහ්‍යොන්ග් දැන් ආරක්ශා කරන්නේ ලිලීව!!!!
____________________________________
"එපා ගහන්න එපා" අවුරුදු එකොලහක් වුන ජන්කුක් ඉස්කෝලේ වොශ් රූම් එකේ මුල්ලක වැටිලා අඩන්නේ තමන්ගේ පන්තියෙම පිරිමි ලමයි ටිකකගෙන් බේරෙන්න...
"ගහන්න එපා නම් සල්ලි දෙනවා" එක පිරිමි ලමයෙක් හයියෙන් පාරක් ජන්කුක්ගේ බඩට ගැහුවම ජන්කුක් මුලු ඇගම වකුටු කරගෙන එයාලගෙන හැංගෙන්න උත්සහා කරා...
"මො... මොන ස.. සල්ලිද" අඩන ගමන් පුංචි ජන්කුක් වචන එකතු කරේ ජන්කුක් ගුටි කාපු හේතුව හොයාගන්න බැරුව...
"තමුන් ලග දැන් කන්න තියෙන සල්ලි"
"මගේ තා.. තාත්තා මට ස.. සල්ලි දෙන්නේ නෑ කෑ.. කෑම විතරයි දෙ.. දෙන්නේ" ඉකි ගහන ගමන් ජන්කුක් ඇත්තම කිව්වා...
"ඔහ්හ් මෙච්චර ලොකු ඉස්කෝලෙක මේ වගේ හිගන්නෝ ඉන්නවද" ජන්කුක්ගේ කොණ්ඩේ තදින් අල්ලගෙන අදින ගමන් තව ලමයෙක් කිව්වම එතන හිටිය ඔක්කොම ජන්කුක්ට හිනා වුනා...
"ඒයි තමුසෙලා ඔය අල්ලන්නේ කාවද කියලා දන්නවද අත අරිනවා" දොර ලගින් ඇහුන සද්දෙට හැමෝම දොර දිහා බැලුවම දැක්ක කෙනා නිසා හැමෝම ජන්කුක්ගෙන් ඈත් වුනේ ඔලුව නවාගෙන...
"මම ආයේ කියන්නේ නෑ තමුසෙලට ආයේ ජන්කුක් දිහා බලලවත් මට අහු වෙන්න එපා දැන් යනවලා මම පස්සේ තමුසෙලා ගැන බලාගන්නම්" රතු වුන ඇස් එක්ක කෑගහලා ටේහ්‍යොන්ග් කිව්වම ඔක්කොම එතනින් දුවලා ගියේ ටේහ්‍යොන්ග් ගේ මූණවත් නොබලා ඒ මූණ බලන්න බැරි තරම් නපුරු වෙලා...
"දෙයියනේ ජන්කුක් මට සමාවෙන්න මම ගොඩක් පරක්කුයි" ටේහ්‍යොන්ග් දුවලා ගිහින් බිම වැටිලා ඉන්න ජන්කුක්ව තද කරලා බදාගත්තා....
YOU ARE READING
limerence ||vkook||
Fanficඒ හැමදේම ඔයා හිතින් මවා ගත්ත දේවල් ජන්කුක්. ඔයා හිතපු තරම් දේවල් අපි අතර වුනේ නෑ. විශේෂයෙන් ආදරණීය දේවල්. මම ලිලීට වයිර කරනවා ටේහ්‍යොන්ග්.