Jungkook Hated NIGHT
ජන්කුක් රෑට ආස කරා... රෑ අහස දිහා බලන් ඉන්න ජන්කුක් ආසයි....
ඉස්සර ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක රෑ අහස දිහා බලන් හිටියා... ඩෝර්ම් එකේ ඉන්නකොට මුල් කාලෙදී ජන්කුක් මුලු රෑම ටේහ්‍යොන්ග් එක්ක පාඩම් කරා... මුලු රෑම ටේහ්‍යොන්ග් එක්ක හිටියා...
ඒත් දැන් ටේහ්‍යොන්ග් ඉන්නේ ලිලී එක්ක...
ජන්කුක් දැන් රෑ වෙනවට කැමති නෑ...
______________________________
"ටේහ්‍යොන්ග් මේ මොකද" ජන්කුක් හිටියේ ඩෝර්ම් එකේ... ටේහ්‍යොන්ග් අද ලිලී එක්ක ඉන්නවා කිව්ව නිසා ජන්කුක් කලින්ම ඇදට ගියේ දැනුන පාලුව නිසා... ඒත් ටිකකින් කවුරුහරි දොරට ගහන සද්දෙට ජන්කුක් ඇදෙන් බැහැලා ගියා... ටේහ්‍යොන්ග් නම් කීයටවත් දොරට තට්ටු කරන්නේ නෑ...
"ලි.. ලිලී ම.. මට මට එ..එයාව ඕන" ටේහ්‍යොන්ග් හොදටම බීලා ඇවිත් කියවන්නේ ලිලී ගැන... ලිලී!!!!!!
"ටේහ්‍යොන්ග් මේ මම ජන්කුක්" දොර ලග වැටිලා ඉන්න ටේහ්‍යොන්ග් ව උස්සන්න ජන්කුක් උත්සහා කරත් ටේහ්‍යොන්ග් ජන්කුක්ට තමන්ට අල්ලන්න දුන්නේ නෑ...
"බොරු කියන්න එපා ලිලී එයා එයා මෙතන නෑ මට ඕන" ටේහ්‍යොන්ග් කියන දෙවල් තේරුනේ නැතත් ජන්කුක් ටේහ්‍යොන්ග් ව තදින් අල්ලගෙන හිටියා...
"ටේහ්‍යොන්ග් මම ලිලී නෙමෙයි ජන්කුක්, මොකද මේ ඇයි මෙච්චර බිව්වේ"
"ලිලී මට එයාව ඕන"
ජන්කුක් ටේහ්‍යොන්ග් ව අත ඇරලා ටේහ්‍යොන්ග් ට ටිකක් එහාට වෙන්න බිමින් ඉදගත්තා.... මොනා කියන්නද කියලා තේරුම් ගන්න බැරුව ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා... ටේහ්‍යොන්ග්ට ඕන ලිලීවද??
ජන්කුක් ටිකක් වෙලා ඉදලා අයෙම ටේහ්‍යොන්ග් ලගට ගියා... දොරට පිට තියාගෙන ඔලුව බිමට නවාගෙන මොනාද මුමුණන ගමන් ටේහ්‍යොන්ග් හොදටම අඩනවා...
"ටේහ්‍යොන්ග් මේ මම ඔයාගේ යලුවා ජන්කුක් මොකද වුනේ ලිලී කෝ" ටේහ්‍යොන්ග් මූණ අත් අතරට අරගෙන ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් හිතුවේ නැති විදියට ජන්කුක්ව ඇදලා අරන් උකුලෙන් තියාගත්තා... ජන්කුක්ට අයින් වෙන්න ඕන වුනත් මොනාද කරන්නේ කියලා හිතාගන්න බැරුව ජන්කුක් එහෙමම හිටියා...
YOU ARE READING
limerence ||vkook||
Fanfictionඒ හැමදේම ඔයා හිතින් මවා ගත්ත දේවල් ජන්කුක්. ඔයා හිතපු තරම් දේවල් අපි අතර වුනේ නෑ. විශේෂයෙන් ආදරණීය දේවල්. මම ලිලීට වයිර කරනවා ටේහ්‍යොන්ග්.