part 1

2.4K 154 23
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 1

#ffbjyx

මගේ කතාවලට Like,Comment කරන හැමෝටම ස්තුතී❤️

................................................................

රෑ අහස කොච්චර ලස්සන උනත් මට කිසිම සතුටක් නැති හැටි .මොකද්ද මේ ජීවිතේ,මේ මාලිගාවෙ රජතුමා වුණාට පවුලෙ ඔක්කොම කැරැල්ලෙදි මැරිලා ගියපු දවසෙ ඉදන් මගේ සතුට හොරු අරන් ගිහින්,ඒ දවස් වල මම මෑණියනුයි පියාණනුයි එක්ක කොච්චර සතුටින් කල් ගෙව්වද?

මේ විදියට තනියම කල්පනා කරන්නෙ දෙමාපියන්ගෙ මරණයෙන් පස්සෙ Golden Wila City එකේ අලුත් පාලකයා වෙච්ච ශාන් කුමාරයා,දෙමාපියන්ගෙ මරණෙන් පස්සෙ ඒ නගරයේ පාලකයා වුණත් එයා ගොඩාක් වෙලාවට ජීවත් වුණේ හුදකලාව.කිසිම කෙනෙක්ව එයා ආශ්‍රය කලේ නෑ එයාගෙ ප්‍රධාන සේවකයා වෙච්ච Butlar හැර.Butler ගොඩාක් වෙලාවට ශාන් කුමාරයගෙ විශ්වාසවන්තම සේවකයා වගේම හොදම යාලුවා වුණා.

ඉතිං කුමාරයා තනියම ඉන්න වෙලාවට Butlar ඇවිල්ලා මොනවහරි කතා කරලා තමයි එයා ගෙදර යන්නෙ ,වෙනදා වගේම අදත් ශාන් කුමාරයා තනියම ඉන්නවා දැක්ක නිසා Butlar ඇවිල්ලා කතාවට වැටුණා.

💂කුමරුනි ඔබතුමා අදත් කල්පනා කරනවද?
🐰ඔව් Butlar මට මගේ දෙමාපියන්ව මතක් වුණා ,ඔබ දන්නවනෙ මට ඒ අයව අමතක කරන්න බෑ කියලා,හැමදාම රෑට මට එයාලව මතක් වෙලා ඇඩෙනවා.
💂මට තේරෙනව කුමරුනි ඒත් දැන් මාසයක් වෙනවනෙ කුමරුනි ඔබ මෙහි රජ බවට පත් වෙලත්,ඔබතුමා ජනතාව අතරට යන්න ඕන ,මෙහෙම හිටියොත් ඔබතුමාගේ සුලු මවගේ පුත්‍රයා වෙන ශූයැං කුමාරයා ඔබගේ කිරුල උදුරා ගනීවි
🐰ඒකට කමක් නෑ Butlar මට මේ දේවල් වලින් කිසිම වැඩක් නෑ හිතේ සතුටක් නැතිව.
💂අනේ මන්දා කුමරුනි එසේ නම් අපි ඔබතුමාට විවාහ වීමට සුදුසු කුමරියක් ගැන සොයා බලමු.එවිට ඔබතුමාගේ පාලුව නැති වේවි
🐰එපා Butlar මට විවාහයක් අවශ්‍ය නෑ,මා තීරණය කර අවසන් විවාහයක් සිදුකර නොගන්නා බවට.මගේ සොයුරාගේ මරණය සිදු වූයේත් ඔහුගේ සරණ බන්ධනය නිසා ,ඇය දේපල තණ්හාවෙන් ඔහුට වස දී මරා දැමුවා,ඉතිං කෙසේද මා විශ්වාස නොකරන්නෙ මටත් එවැන්නක් සිදුවේද කියා😥
💂සෑම කාන්තාවක්ම එසේ නෑ කුමරුණි
🐰Butlar මම මැරෙන්න බිය නෑ ,නමුත් මට අවශ්‍ය නෑ කරදරකාරී ජීවිතයක්,මට අවශ්‍ය සාමකාමී ජීවිතයක්.එබැවින් නැවතත් විවාහයක් ගැන සදහන් නොකරන්න.
💂එසේය කුමරුණි ,ඔබගේ කැමැත්තක්,එසේනම් මට යාමට අවසර
🐰හොදයි,සුබ රාත්‍රියක්
💂සුබ රාත්‍රියක් කුමරුණි
.....................................................................................................................................................

Butlarගේ නික්ම යාමත් සමග විශාල සුලගක් හමාගියේ වර්ශාවක් එන ලකුණු කියාපාමින්,ඉතිං කවදත් වැස්සට අශා කල ශාන් කුමාරයා කවුලුව අසලට ගියේ ඒ සුන්දරත්වය විදගන්න හිතාගෙන.
ඉතිං කවුලුව අසල ඉදන් ඈත අහස දිහා බලාගෙන අතීත මතක නැවත ආවර්ජනය කරන්න පටන් ගත්‍තා.

අනේ මට මගේ දුක කියන්න වත් කවුරු හරි හිටියා නම් මේ තරම් පාලුවක් නොවෙන්න තිබුණා.මෑණියනි පියාණෙනි ඔබලා සතුටින්ද?ඇයි මාව දාලා ගියේ 😥,ඔබලාගේ වියෝවෙන් පසුව මාගෙ සොයුරාත් මාව හැර ගියා,ඔහුත් ඔබලා සමගද?අනේ මෑනියනි මාවත් ගන්නකෝ ඔබ ලගට ,මට මේ විදියට ජීවත් වෙන්න බෑ😣

ඔය විදියට දිගින් දිගටම එක එක දේවල් තනියම කියව කියව හිටපු ශාන් කුමාරයා එකපාරටම ගැස්සිලා පියවි සිහියට ආවෙ එයාගෙ නාසය උඩ යමක් ගැටෙනවා දැනිලා.
හොදට බලද්දි තමයි එයා දැක්කෙ ඒ සමනලයෙක් කියලා

ලස්සන සුදු සහ රත්තරන් පාට මිශ්‍ර වුණු වීදුරු තහඩුවක් වගේ දිලිසෙන සමනලයෙක් එයාගෙ නහයෙ වහලා හිටියා,එයා කවදාවත් දැකලා තිබුණෙ නෑ එච්චරට ලස්සන සමනලයෙක්🦋🦋🦋

to be continued

මේක ටිකක් fantacy පැත්තට බර කතාවක් ,කතාව දිගට ලියන්නද
අදහස් කියාගෙන යන්න.

මෙය හුදෙක් මා විසින් ලියන ලද ප්‍රබන්ධයක් බව සලකන්න

🚫අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫

Behind the Butterfly(completed)Where stories live. Discover now