part 15

419 108 7
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 15

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛
.
.
.
.

ගෙදර ගියපු ශාන් wash එකක් දාගෙන ඇදට වැටුණෙ 4n එකත් අරගෙන,එකපාරට හිතට ආපු සිතුවිල්ලක් නිසා 4n එක අරගෙන Wang Yibo කියලා Search කලා.
එතකොට යීබෝගෙ ලස්සන ලස්සන 4to ගොඩාක් එක්ක එයාගෙ සිංදු ටිකත් ආවා,ඉතිං ශාන් යීබෝගෙ 4to ටිකක් save කරගෙන,සිංදු ටිකකුත් downlad කරගත්තා.

යීබෝගෙ 4to එකක් දිහා බලාගෙනම සිංදුවක් play වෙන්න දැම්මා,ඇත්තටම ඒක හදවත වශී කරවන්න පුලුවන් වුණ කටහඩක් වුණා,පළවෙනි පේලියෙන්ම ශාන්ව වෙනමම ලෝකෙකට ගෙනිච්චා කිව්වොත් හරි.
.
.
.
ශාන්ගේ සිතුවිල්ලක්
❤️❤️🐰🐰🐰❤️❤️

අහම්බෙන් හමුවී
නුබේ එක හිනාවකට
පෙම්බැදි මා හට
දැනුනා සුපුරුදු සුවදක්

අහම්බෙන් නැවතත්
ඔබේ ගීතයක් සවන වැටෙන විට
පෙම්කලා මා ඒ හඩට
මහමෙරක් තරම්

කිම්ද  හැගෙන්නේ
ඒ හඩට,ඒ රුවට
පෙම්බදින තත්පරෙත් මට
කල්පයක් විලසට

මේ හැගීම කුමක්දැයි
වචනයෙන් විස්තර කිරීමට
නොහැකි ලෙසට
මා ඔබ කෙරේ උමතු වූ අයුරක්

.
.
.
.
❤️❤️🐰🐰🐰❤️❤️

......................................................................................................................................................

ඉතිං යීබෝගෙ සිංදුව අහගෙනම හීන පොදියක අතරමං වෙලා ශාන් නින්දට වැටුණා.

ඉතිං ශාන්ට සනීප වෙච්ච බව හර්ලිනුත් දැනගත්තා,ඒ වුණත් ශාන්ට කරදර නොකර ඉන්න එයා තීරණය කලා,ශාන්ට නම් හර්ලින්ව හම්බවෙන්න ඕන කියල කිව්ව එක මතකවත් තිබ්බෙ නෑ.

ඒත් හර්ලින් මේ වෙද්දි කරන්න පුලුවන් හොදම දේ කරන්න සූදානම් වෙලයි හිටියෙ,එයා කරන්න යන දේ මතක්වෙලා කුරිරු හිනාවක් මූණෙ ඇදුණා.

"💃හොදයි යීබෝ අපි බලමුකො දිනන්නෙ ඔයාද මමද කියලා, මේ වතාවෙ නම් ඔයාට මගෙන් ගැලවීමක් නෑ😏😏,ඔයා මගේ මගේ විතරමයි🤣🤣.ඔයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කිව්වනෙ,ඒත් කරන්න දෙයක් නෑ,මං මේ දේ කරනවමයි,ඒ වගේම ඔයා ආදරේ කරන්නෙ කාටද කියලත් මං ඉක්මනටම හොයාගන්නම්😏"

......................................................................................................................................................

🌈️🌈️🌈️🌈️🌠🌠🌠🌠🌠🌈️🌈️🌈️🌈️
ස්වර්ග රාජ්‍යය
.............................

🌀ආශ්චර්‍යයක් ඩෙස්මියන් Angel Redට Angel Green ගැන හැගීම් පහල වෙලා

👼එසේය උතුමාණෙනි,පෙනෙන අයුරින් දෙදෙනාගේම අතීත මතක නැතුව වුවත් ඔවුන් ආදරය කිරීමට පෙළඹේවි

🌀ඔව් ඩෙස්මියන් ටික දවසකට අපි ඔවුන්ව නිදහසේ තබමු,මතකය ලබාදෙන එක ගැන පසුවට බලමු,කෙසේ නමුත් මාලය Angel Greenට පලදලානෙ තිබෙන්නෙ

👼එසේය උතුමාණෙනි අපි බලා සිටිමු ටික කාලයක්,ගැටලුවක් වුවහොත් මැදිහත් වෙමු.

🌀නිවැරදියි එය කදිම අදහසක්

🌈️🌈️🌈️🌈️🌈️🌠🌠🌠🌠🌈️🌈️🌈️🌈️

.....................................................................................................................................................

මේ අතර පසුදින උදෑසන අලුත් ගීතයක් ලියන්න යීබෝ කල්පනා කලා,එතකොට එයාගෙ මතකයට ආවෙ එයාගෙ හුරතල් හා පැටියා ශාන්ව,දැන් යීබෝට ශාන්ව මතක් නොවෙන වෙලාවක් නැති තරම්
.
.
යීබෝගේ සිතුවිල්ලක්

💚💚💚🦁🦁💚💚💚

අහම්බෙන් නෙත ගැටුණු
අහිංසක හා පැටියෙක්
මගේ මේ තුන් හිතම
වසග කළ අපූරුව

කෙතරම් නම් තනු ලියා
ගයනා කලද මා
කිම්ද මට හැගෙන්නේ
මගෙ දිවියේ පෙරවදන
ඔබමයි කියා

අවසරද ඔබේ ඔය
හිත පුරා සැරිසරා
මගේ ජීවිත කවිය
සදහටම ලියන්නට

💚💚💚🦁🦁💚💚💚
.
.
.
.
.

ගීතයක් ලියන්න කොලයක් අරගෙන ශාන් ගැන හිත හිත හිටපු යීබෝ පියවි සිහියට චෙන් උදේ කෑම අරගෙන ඇවිල්ලා තිබ්බ නිසා.

ඒත් ඒ මූණෙ තිබ්බෙ නම් බැරෑරුම් පෙනුමක්

🦁චෙන් මොකද මේ මූණෙ හැටි  මොකක් හරි අවුලක්ද?

👨...............

🦁මොනවහරි කියපන්කො බං,මොකද වුණේ?

👨කියන්නම් හැබැයි උඹ මෙතන යකා නටන්න ලෑස්තිවෙන්න එපා හරිද?
.
.
.
.
to be continued

*සූටි නිසදැස් දෙකක් වගේ දෙකක් දැම්මා කතාවට,හොදයිද මන්දා

🚫මෙය හුදෙක් මාගේ උපකල්පනයක් බැවින් මෙහි චරිත සැබෑ චරිත හා කිසිදු සම්බන්ධයක් නොමැත🚫

🚫උපුටා ගැනීම සපුරා තහනම්🚫

Behind the Butterfly(completed)Where stories live. Discover now