part 26

385 101 6
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 26

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛

.
.
.
පසුදින උදෑසන හිතුවා වගේම යීබෝගෙ apartment එක මීඩියා වලින් වට කරලා තිබ්බා,කතාව පැතිරිලා තිබ්බෙ මේ දෙන්නා එකට ඉන්නවා කියලා ,යීබෝට නම් යකා නැගලයි හිටියෙ,මේවා මෙහෙම වෙන්න බැරි නිසා යීබෝ මාධ්‍යවේදියො දෙන්නෙක්ට ඇතුලට එන්න කිව්වා.

යීබෝගෙ අණ පරිදි ඒ දෙන්නා ඇතුලට ආවත් හෙව්වෙ ශාන් කොහේහරි ඉන්නවද කියලා,ඒත් ශාන් පේන්න හිටියෙ නැති නිසා එයාලට ලොකු news එකකට තිබ්බ chanse එකක් නැතිවුණා .

මේ ඔක්කොම දිහා පුදුම ඉවසීමකින් බලාගෙන හිටපු යීබෝ එයාගෙ හඩ අවදි කළා

🦁ඔයාලා දැන් ඔය මොනවද කැරකි කැරකි හොයන්නෙ ශාන්වද?

👥අහ් නෑ සර් මේ......

🦁ආ මේ මේ නෙමෙයි මං ඔයාලට ඇතුලට කතා කරේ ඔයාල ඔය විදියට හැසිරෙනවා කියලා දැනගෙනමයි.

👥ස.ර්.

🦁මේ ටිකත් අහගන්න මිස්ටර් මං ශාන්ව මේක අස්සෙ දාගෙන නෑ,අනිත් එක මං idiol කෙනෙක් වුණා කියලා ඕනවට වඩා මගේ ජීවිතේට ඇගිලිගහන්න ඔයාලට බෑ,මට කවදාවත් ඕන නෑ රටේ මිනිස්සුන්ව හදන්න,මං කරන්නෙ මට ඕන දේවල්,මං කරන දේවල් දරාගන්න බැරි අය මාව දාලා යයි,ඒත් මට ඇත්තටම ආදරේ අය මාත් එක්ක ඉදියි.

මං කාගෙවත් වහලෙක් නෙමෙයි ,මං නිදහස් ගායකයෙක් ,so plz මගේ පුද්ගලික ජීවිතේට ඇගිලි ගහන එක ඔයාලා වහාම නවත්තන්න ඕන,එහෙම නැති වුණොත් මං නීතිමය ක්‍රියාමර්ග ගන්නවා😠

👥සොරි සර් අපි වැරදි වැඩක් කලේ,එහෙනම් අපි යන්නම්

🦁හොදයි යන්න ආයෙ මේ වගේ මිනිස්සුන්ගෙ පුද්ගලික ප්‍රශ්ණ වලට ඇගිලි ගහන්න එපා

👥හරි සර් අපි යන්නම්

🦁අහ් තව දෙයක් දැං හැමෝම ගිහින් Xiao Zhanගෙ ගේ වට කරන්න ලෑස්ති වෙන්න එපා,එයා ඉන්නෙ අසනීපෙන් ඔයාලා දන්නවා ඇතිනෙ එයා hospital ඉදලා ආවෙ ගිය සතියෙ

👥Ok sir ,Again sorry

🦁ok
.
.
.
.
කොහොමහරි යීබෝගෙ තැනට සුදුසු නුවණ නිසා ඒ ප්‍රශ්නෙ ලේසියෙන්ම විසදුනා,ඒත් post share වෙන එක නම් නතර වුණේ නෑ.

Behind the Butterfly(completed)Tempat cerita menjadi hidup. Temukan sekarang