trip to Laguwa.

47 18 1
                                    

සුන් මි චාරිකාව යන්න පුළුවන් තත්වෙක නෙවෙයි හිට්යෙ. අඩුම තරමෙ එයාට කතා කරගන්නවත් පුළුවන්කමක් නෑ. කාටද පුළුවන් තමන්ගෙ අම්මට මෙහෙම දෙයක් උනාම ට්‍රිප් එකක් යන්න?

එයා අම්මගෙ නිසල දේහය තුරුළු කරන් එතනම නින්දට වැටුනා. 😴😴

පහුවදා දොරට තට්ටු කරන සුද්දයක් ඇහිලයි එයා ඇහැරුනේ.

...............................................................................

👨🏻‍🏫 "ළමයි කෝ දැන් තමන්ගෙ යාළුවා එක්ක දෙන්නා දෙන්න පෝලිම හැදෙන්න. ආ..තව දෙයක්, මොනම හේතුවක් නිසාවත් තමන් එක්ක ඉන්න කෙනාව මගෑරගන්න එපා.ප්‍රශ්නයක් නම් හැකි ඉක්මනින් අපිට දැනුම් දෙන්න. එ් වගේම හැමෝම එකට ඉන්න, වෙන්වෙලා සිරි නරඹ නරඹ ඉන්නෙ නැතුව"

"දැන් එන්න 2/4 පන්තියෙ ළමයි ටික. 2/3 පන්තියෙ ළමයි එහා හෝල් එකට යන්න."

ජන්ග් සර් හරි හරියට ළමයින්ට උපදෙස් දෙනවා.👨🏻‍🏫

"කෝ බලන්න දැන් දෙන්නා දෙන්නා හැදෙන්න. තව ළමයි කීයක් එන්න ඉන්නවද? ලී සූ..ඔයා බලන්න තව ලමයි කීයක් එන්න ඉන්නවද කියල."

'සර් ඔක්කොම වගේ ඉන්නවා.එ්ත් සුන් මි නෑ'

"සුන් මි නෑ?? ඇයි එ් දරුවට එන්න අමාරුකමක් නෑ නේද? එයා සාමාන්‍යයෙන් පරක්කු වෙන ළමයෙක් නෙමේ. කෝල් එකක් දාලා බලන්න.එයා සල්ලිත් ගෙනාවා."

~~~~~~~~~~~~

'සර් එයා ආන්ස්වර් කරන්නෑ.'

"එ් මොකද? එයා එන්නේ නෑ කිව්වද?"

'එ්..එ්..ක්‌ ක.‌.....ද..දන් නෑ...ස්.සර්.'

"ඇයි පුතේ බය උනේ? එයාට කරදරයක්වත්ද?😟 ඉන්න මම විනාඩියෙන් එයාලගේ ගෙදරට ගිහිල්ලා බලලා එන්නම්. එතකන් ඔයාලා මින් ජී සර් එක්ක ගිහින් බස් එකේ තමන්ගේ අංකය තියෙන තැනින් වාඩි වෙන්න."

****************************

Go Sun mi POV

ඊයෙ දවල් සිද්දියෙන් පස්සෙ මට හැමදේම එපා උණා. මොකද මට හිටියෙ මගෙ‌ අම්මා විතරයි. එයත් දැන් මට නැතිඋනා. අනේ දැන් මම අනාතයෙක්.😭 දෙවියනී මේ වගේ ව්පතක් කාටවත් වෙන්න එපා.🙏😭

𝑰𝒏𝒗𝒊𝒔𝒊𝒃𝒍𝒆 𝑺𝒉𝒂𝒅𝒐𝒘𝒔Where stories live. Discover now