Episode 5

265 65 28
                                    


At Company

Eunmi's POV

               ඊයෙ වෙච්ච සිද්ධිය නිසා හැමෝම බය වෙලා කියල මට තේරුනා.. හොබී දවල් වෙලා මං කියපු වෙලාවටම ආව.

" මැඩම්.. මැඩම් හොදින් නේද..."

                    අපි ඔෆිස් එකට යනකොට හුගක් අය ඇහුව. මං අවසානෙදි ඔක්කොටම එකම උත්තරේ දෙන්න බැරි නිසා හැමෝම ඉන්න තැනදි,

          " ඔව්.. මං හොදින් ඉන්නෙ. මං ගැන හෙව්වට හුඟාක් ස්තූතියි. දැන් ගිහින් වැඩ කරන්න."
              කියල කිව්ව..

      එයාල හිතුවද දන්නෑ මං නිකන් සතෙක් වගේ කියල. ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ.

                   
                   අද දවසම හරිම බිසී. දවල් වෙලා මං වැඩ වගේකටයි අකව්න්ට්ස් සෙක්ශන් එකට ගියෙ.  මම ගියත් එකපාරටම යන්නෙ නැතිව හිටියෙ ඇතුලින් ඇහුන හිකි හිකි ගාන සද්දෙට..
              
             මං හෙමීට කැබින් එකේ.වීදුරුවෙන්.බැලුවෙ මේ මොන සන්නියක්ද කියල.

සැන්ඩ්‍රා.. අකව්න්ට්ස් සෙක්ශන් එකේ මායාකාරි.😒  එන එන කොල්ලව අල්ලගන්න එකී.. මේපාරත් හරි වගේ..

               එයා ඉස්සරහ.ඉදිය නිසා මට කතා කරන්නෙ කා එක්කද කියල හරියට පෙනුන්නෑ. ඒත් එයා ටිකක් ඈත් මෑත් උනාමයි මං අදාල පුද්ගලයව දැක්කෙ.

"ම්වෝ.. හොබී" මට කියවුනා.

                          මේ යකානම් අනේ මන්ද.. මං ඉස්සරහ මේ සතිගානක් තිස්සෙ නිකම් මොකෙද්ද වගේ බුම්මගෙන ඉදපු එකා මෙතන වෙන උන් එක්ක සිරික්කිය දානව.😶🤨🤐

              යකෝ මේකී.. හොබීගෙ අතිනුත් අල්ලනව. මූ ඒත් නිකම් ඉන්නවනෙ. ගොබ්බය..😒

(වරදක් කලත් සිතකින් නෙමේ හොබියො..🥺)

                       අරකි මේසෙ උඩ වාඩිත් වෙලා. එලදෙන..😶 මේකි හිතන් ඉන්නෙ මොකා කියලද දන්නෑ. අනිත් මිනිස්සුන්ට ගානකුත් නෑ. යකෝව්..හිටාන්කො සැන්ඩ්‍රා බොට මං කරන්න😈

                        මන් පැනපු ගමන් දොර ඇරියෙ එයාලට හිතාගන්මවත් බැරි වෙන්න. සැන්ඩ්‍රා නම් ගැස්සුනා..හොබී ගෙ.තිබ්බ හිනාව මං දැක්කම අතුරුදන්.උනා.

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now