Episode 16

203 45 11
                                    

Author's POV

හොබී ඉයුන්මි ව කිසිම ප්‍රශ්නෙකින් තොරව ආයෙම කොරියාවට එක්කන් ආව..

හැබැයි කොරියාවෙන් ගිය කෙල්ලව නෙමෙයි..

අලුත්ම ඉයුන්මි කෙනෙක්..

ඒ ඉයුන්මි හරිම වෙනස්..

🌼 ඔප්පා.. කීයටද යන්නේ...

කෙල්ල එයාපෝට් එකෙන් වාහනේට නැග්ග වෙලේ ඉදන් කං කෙදිරි ගානව..

🐿️ දැන් යනව මැනිකෙ.. ඉක්මනට යං.. ඔයාට සෙල්ලම් කරන්න කෙනෙකුත් ඉන්නව එහෙ ...

🌼 තා.. ශෝයි.. ශෝයි.. කව්දකව්ද.. ආ එක්කො එපා.. ඔයා මාව සප්‍රයිස් කරන්නකො.. හාද.. හාද...

කෙල්ල පොඩි එකෙක් වගේ ශීට් එකේඋඩ පැන පැන අත්පුඩි ගගහා කෑ ගැහුව..

🐿️ හරි මැණිකේ හරි..🥺

හොබී හිනා වෙලා හිටියට ඉන්නෙ ගිනිගොඩක් මැද.. මොකද ජිමින් එයාලගෙ ඇක්සිඩන්ට් එක ගැන කිව්ව වෙලේ ඉදන් හිතට දුකක් වෙනුවට සහනයක් දැනුනත් හිතේ කොනක පුංචි රිදුමක් සැගවිලා නොතිබ්බම නෙමෙයි..

ඔව්.. එදා නම්ජුන් සදහට මේ ලෝකෙන් ගිහින් තිබුනා..

Accident day.......

නම්ජුන් හොබී ල ඉන්න තැන දැනගත්තෙ හොබීල පස්සෙන් එන්න ඒවපු එයාගෙ මිනිස්සු මේ වෙනකම්ම ඒ  දෙන්නට නොදැනෙන්න පස්සෙන් ගියා.

අවසානෙදි නම්ජුන් ආව.. එයා ඉදියෙ පිස්සුවෙන් වගේ.. මොකද එයා බෙහෙත් බිව්වෙ නෑ.. එයා කන්ට්‍රෝල් වෙලා ඉදපු ඒ බෙහෙත් නැති වුනාම.එයාගෙ ලෙඩේ පිස්සුව.. තව වැඩි වුනා.

එයාගෙ මිනුස්සුන්ගෙන් ලොකේශන් ඉල්ලගෙන එයා එයාගෙ වාහනේ නැගල ආවෙ අද ඉයුන්මියගෙ ජීවිතේ විනාසම කරල දානව කියල හිතාගෙන..

හොබී ඉයුන්මි දෙන්නම හුගාක් ආදරෙ  ආපු ගමනෙදි එයාලගෙම අවාසනාවකට නම්ජුන්ව කවුරුවත් නැති තැනකදි හම්බුනා..

ඒත් එයාල දන්නෙ නෑ ඒ කවුද කියල.. හැබැයි නම්ජුන් නම් ඒ කාර් එක දුර තියාම අදුන ගත්ත.එයා එයාගෙ කාර් එකේ උපරිම ස්පීඩ් එකෙන් ඇවිත් හොබී ඉයුන්මි ඉදපු කාර් එකේ වැදිලා එයා නොහිතපු විදියකට කාර් එක විසිවෙලා ගිහින් එහා පැත්තට පෙරලුනා.. ඒ වැදුන පාරට නම්ජුන්ට සිහිය නැති වුනා..

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now