Episode 9

243 57 12
                                    

   හොබී කෙල්ලගෙ සද්දයක් නැති නිසාම නිකමට අගුල කැරකෙව්ව.

දොර ඇරුන..

කෙල්ල ඉදපු විදිය දැක්කම හොබීට උන්හිටි තැන් අමතක වුනා ...

            අතේ  තුවාලෙ පෑරිලා ලේ හුගාක් ගිහින් තිබුන.. ඒ ලේ ගොඩ මැද්ද ශවර් එක ත් ඇරගෙන බිම වාඩි වෙලා කකුල් දෙක අස්සෙ ඔලුව ඔබන් ඉන්න කෙල්ලව දැක්කම හොබී හුගාක් බය වුනා..

🐿ඉයුන්මි.. ඒයි.. මොකද්ද කරන්නෙ..

            එහෙම කියාගෙනම හොබී ගිහින් ඉයුන්මි ළඟ දනගහල ශවර් එක ඕෆ් කරල දැම්ම.. කෙල්ලව හොදටම ගැහෙනව.. ඒමදිවට අතෙන් ලේ ගලනව.. හොබී කෙල්ලව උස්සගත්ත.

                  කෙල්ල ඉදියෙ මේ මොනව වුනත් දන්නැති විදියට. එයා හිටියෙ මේ ලෝකෙ නෙමෙයි. තවමත් එයා හිත හිතා ඉදියෙ ඇයි එයාටම හැමදාම් මෙහෙම වෙන්නෙ කියල. ආදරේ කරන හැමෝම මෙහෙම වෙන්නෙ ඇයි කියල ...

                     ජූන් කියන්නෙ කෙල්ලගෙ පළවෙනි ආදරේ.. එයාම මෙහෙම කලාම ඉයුන්මි ට හිතාගන්නවත් බැහැ. එයා ට අඩල වැඩිකමට කදුලු යන්නෙත් නැහැ. ඇස්පිහාටු ඇලිල.. හයියන් ඉකි ගැහෙනව. රෑ වෙලා නිසා කෙල්ලව තවත් වෙව්ලනව..

        හොබී, ඉයුන්මි ව අරන් ගිහින් ඇද උඩින් වාඩි කෙරෙව්ව..

                 එයා ඔහේ බලන් ඉන්නව..

🐿 යා.. මොකද ඔහොම ඉන්නෙ..

🌼ම්ම්..

🐿 මං ඇහුවෙ මොකද ඔහොම ඉන්නෙ කියල..

🌼 සීතලයි..

🐿 සීතල නැද්ද ඉතින් මෙහෙම තෙමීගෙන ඉන්නකොට..😒 ඉන්නව ඔහොම..

🌼 මං තෙමුනෙ මට ඕනි නිසයි.. ඒක ඔයාට වැඩක් නෑනෙ..😒

🐿 පුහ්.. මෙච්චර දෙයක් වෙලත් කටනම් වැඩී.. ඕනි මගුලක් කරගන්නව එහෙනම්..😒 මං යනව.

             ඒ පාරනම් කෙල්ල සිහියට ආවද කොහෙද..

🌼 ආ..අනී..අනී.. කොහෙද යන්නෙ..

🐿ඇයි තමුසෙ කරගන්නම් කිව්වෙ. තීන ලොකුකමට..

🌼 යනව.. ඉතින් යනව.. ඔක්කොම කලේ.හැමදාම මාව දාල ගිය එකනෙ.. මුලින්ම අම්මිල මාව දාල ගියා.. දැන් ඔයත් එහෙම කරන්න එතකොට හරි.. කමක්.නෑ... ඉතින්  යනව.. මොනාද බලන් ඉන්නෙ..ආ.. හොබී.. යනව.. තමුසෙ මගෙ කවුරුත් නෙමේනෙ.. ඇත්තනෙ.. ඉතින් නිකම් මෙතන කාලෙ නාස්ති කරන්නෙ මොකටද නේ.. යනව ඉතින් මගෙ දෑහැට නොපෙනි..😶😶

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now