03 ♡ වෘකයෝ....

662 128 3
                                    

ඉක්මනට ගමට ආපු යුන්ගි නම්ජූන් දෙන්නා ඉක්මනට එයාලගේ නිවසට ගියා...තමන්ගේ ස්වරූපය වෙනස් කරගත්ත යුන්ගි නම්ජූන් දෙන්නා යුන්ජිගෙයි සේහිගෙයි කකුල් දුවලම තුවාල වෙලා නිසා දෙන්නම යුවතියන් දෙන්නව අත් දෙකට අරගෙන ජින් ගාවට ගියා...

"ජින් හ්‍යුන්ග්...ඒ දෙන්නව බේරගත්තා...."

ඒ වෙනකොටත් ජින් හිටියේ එයාගේ සහකාරිය (Mate) Park Min Soo එක්ක මින්ජිට බෙහෙත් කරන ගමන්...

ජින් යුන්ජිව දැක්ක ගමන් ආපහු මින්ජි දිහා බැලුවා...එයාට තේරුනා මේ නිවුන්නු කියලා..

මින්ජි සිහිසුන් වෙලා ඇදේ ඉන්නවා දැක්ක යුන්ජී සේහි දෙන්නා ගොඩාක් කලබල වුනා...

"අනේ මගේ නංගි..."

"මින්ජියා...දෙයියනේ මේ මොකද?"

එහෙම කියපු දෙන්නම යුන්ගි නම්ජූන් දෙන්නගේ අත්වලින් බහින්න පොර කන්න ගත්තා...

"හා..හා..ඔහොම ඉන්න...අපි බස්සන්නම්"

හිනාවෙවී යුන්ගි යුන්ජිවත් නම්ජූන් සේහිවත් බිමට බැස්සුවත් දෙන්නටම ඇවිදගන්න තියා හරියට හිටගෙන ඉන්නවත් පණක් තිබ්බේ නෑ...දෙන්නම මහන්සියෙන් අඩපණ වෙලා වගේම කකුල් තුවාල වෙලා...

"ඔය දෙන්නා අර ඇදවල් දෙකෙන් නිදාගන්නකෝ...අපි බෙහෙත් දාලා මින්ජිව බලමු...හරිද?..."

ජින් හරියට ඒ දෙන්නට කතා කලේ පොඩි දරුවෝ දෙන්නෙක්ට තාත්තා කෙනෙක් කතා කරනවා වගේ...ඒකෙන් ඒ දෙන්නම සන්සුන් වුනා...ඉන්පසුව යුන්ගි නම්ජූන් දෙන්නා හිමීට එයාලව ඇදෙන් තිබ්බා...

"මේ...මට කියන්න පුලුවන්ද මින්ජිට මොකද උනේ කියලා..."

යුන්ජී හීමීට ජින්ගෙන් විමසුවා...

"එයාගේ පස්සෙන්  වෘකයෙක් පන්නගෙන ඇවිල්ලා තිබ්බා...අන්තිමට එයා ආවේ අපේ ගමට...ඉතින් එකදිගට දුවපු නිසා මහන්සිය වැඩි වෙලා...පොඩ්ඩක් සිහිසුන් වෙලා...තව ටිකකින් සිහිය එයි..."

ජින් හීමීට ඒ දෙන්නට පැහැදිලි කලේ සේහිගේ කකුල්වල තුවාලවලට බෙහෙත් ගල්වන අතරතුරෙයි...

"එතකොට ඔයාලගේ නම් මොනවද?"

සේහි ඇහුවා...

Revenge Love ⚡✔️Where stories live. Discover now